සෞදියෙන් පැන ආ තරුණිය හේතුවෙන් ලෝකයේම අවධානයට ලක්වුණු සෞදියේ ක්‍රියාත්මක පුරුෂ භාරකාරීත්වය හෙවත් Guardianship (SBS සිංහල/වාර්තා)

How Saudi Arabia's guardianship system controls women?

Source: Flickr

සෞදියේ සිට පළා විත් තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපොළේ රඳවා ප්‍රශ්න කිරීමට හසුව කැනඩාවේ සරණාගතභාවය හිමිකරගත් 18 හැවිරිදි සෞදි තරුණිය වන Rahaf Alqunun පිළිබඳ පුවත පසුගිය සතියේදී ජාත්‍යන්තර පුවත් වල ප්‍රධාන සිරස්තලයක් බවට පත් විය.

Alqunun එසේ තම මව් රටින් පළා ආවේ ඉස්ලාම් ආගමේ අන්තවාදීත්වය, ගැහැණියගේ නිදහස සීමා කිරීම මෙන්ම ඉස්ලාම් ආගමේ අන්තවාදීත්වය හේතුකොටගෙන තම පවුලෙන් එල්ලවූ පීඩනය දරාගත නොහැකි මට්ටමට පැමිණි පසුව බව ඇය ජාත්‍යන්තරයට කියා සිටියාය.


 

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මේ සිදුවීමෙන් පසුව සෞදි අරාබියේ වෙසෙන මුස්ලිම් කාන්තාවන් ගේ නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳ නැවතත් ඉතා උණුසුම්ව සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

සෞදි කාන්තාවන්ට නිදහස සීමා කිරීමේ මෙම ක්‍රමවේදයන් වලට එරෙහිව මානව හිමිකම් සංවිධාන මෙන්ම කාන්තා අයිතීන් සුරකීමේ ව්‍යාපාරද සෞදියට එරෙහිව විරෝධතා දියත් කරමින් කාන්තාවන්ටද නිදහස ලබා දෙන ලෙස නැවතත් හඬ නගන්නට පටන් ගෙන තිබේ.
Rahaf Mohammed Alqunun in Malaysia as she awaited answers for her asylum bid.
Rahaf Alqunun Source: AAP

සෞදි කාන්තාවන්ගේ නිදහස අහිමිවීම.

සෞදි අරාබියේ නීතියෙන්ම සෞදි කාන්තාවන් තමන්ට නෑකම් කියන පුරුෂයින් විසින් පාලනය වන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

සෞදි කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයේ සෑම වැදගත්ම තීරණයක් පාහේ ගනු ලබන්නේ අදාළ කාන්තාවන්ගේ guardians හෙවත් භාරකාර පිරිමින් විසිනි.

සෞදි කාන්තාවන් හට රැකියා කිරීමට, විවාහ වීමට සහ ගමන් බිමන් යාමටද අවසර ලබා දෙන්නේ අදාළ  භාරකාර පිරිමින් විසිනි.
How Saudi Arabia's guardianship system controls women?
Source: Getty Images

මොකද්ද මේ පුරුෂ භාරකාරීත්වය

සෞදි අරාබියේ පවතින පුරුෂ භාරකාරීත්වය හේතුවෙන් සෞදි කාන්තාවන් සිය ළමා වියෙහි පටන් මරණය දක්වාම ඔවුන් යම් කිසි පුරුෂයෙකුගේ භාරකාරීත්වය යටතේ වාසය කළ යුතු බව ඊජිප්තු-ඇමෙරිකානු ජනමාධ්‍යවේදිනියක් වන Mona Eltahawy පවසයි.

ඒ අනුව සෞදි කාන්තාවකට යම් කටයුත්තක් කිරීමට අවශ්‍යනම් අදාළ පුරුෂ භාරකරුවාගේ අනුමැතිය ලබා ගත යුතුවේ.

කෙසේවෙතත්, සෞදි අරාබියාවේ රජු Salman bin Abdulaziz Al Saud සෞදි කාන්තාවන්ට ඉතිහාසයේ ඉඩ ලබා නොදුන් කාර්යයන් කිහිපයක් කිරීමට මෑතකදී අවසර ලබා දී තිබේ.

රිය පැදවීමේ අයිතිය, දේශීය මැතිවරණ වලදී ඡන්දය භාවිතා කිරීමේ අයිතිය, පාසල් වලදී ක්‍රීඩා කිරීම වැනි අයිතිවාසිකම් මෑත භාගයේදී ඒ අනුව සෞදි කාන්තාවන්ට ලැබිණි.

මෙම පුරුෂ භාරකාරයින් ලෙස කටයුතු කළ හැක්කේ අදාළ සෞදි කාන්තාවන් හට ඥාති සම්බන්ධකමක් දක්වන පිරිමින්ට පමණි.

ඒ අනුව සාමාන්‍යයෙන් අදාළ කාන්තාවගේ පියා, සැමියා හෝ මාමා කෙනෙකු පුරුෂ භාරකාරුවා ලෙස කටයුතු කරන අතර ඇතැම් විට ඇයගේ සොයුරෙකු හෝ තමාගේ පුතෙකු පුරුෂ භාරකාරුවා ලෙස කටයුතු කළ හැකි බව සඳහන්.
How Saudi Arabia's guardianship system controls women?
Source: AAP

සෞදි කාන්තාවන්ට පුරුෂ අනුමැතිය අවශ්‍ය මොනවාටද?

ජනමාධ්‍යවේදිනි Mona Eltahawy පවසන අයුරින් සෞදි කාන්තාවක් හට විවාහ වීමට, විදෙස් ගමන් යාමට, නිවාස අඩස්සියෙන් මිදීමට, රැකියා කිරීමට හෝ සෞඛ්‍ය රැකවරණය ලබා ගැනීමට තමන්ගේ භාරකාර පුරුෂයාගෙන් අවසර ගත යුතුය.

එමෙන්ම ඡන්දය සඳහා ලියා පදිංචි වීම, නිවෙසක් කුලියට ගැනීම, නඩුවක් ගොනු කිරීම වැනි තම එදිනෙදා ජීවිතයේ කටයුතු වලදීද ඔවුන්ට තනිව ක්‍රියා කිරීමට නොහැකිය.

මේ හේතුවෙන් බහුතරයක් සෞදි කාන්තාවන් දැඩි ශාරීරික සහ මානසික පීඩනයකට ලක්ව ඇති බව මානව හිමිකම් සංවිධාන වාර්තා කරයි.

පවතින ක්‍රමයට විරුද්ධව හඬ නැගූ විට හෝ පළා ගිය විට කුමක් සිදුවේද?

සෞදියේ කාන්තාවන් සම්බන්ධව පවතින නීතියට සහ ක්‍රමයට විරුද්ධව හඬ නගන පුද්ගලයින්ව සිර කිරීමට හෝ ප්‍රසිද්ධියේ දඬුවම් කිරීමට හැකි බව වාර්තා වේ.

සෞදියේ කාන්තා හා මානව හිමිකම් සඳහා හඬ නැගූ කාන්තා ක්‍රියාකාරිනියන් 17 දෙනෙකු මේ වන විට සෞදි බන්ධනාගාරයේ පසුවන බව ජනමාධ්‍යවේදිනි Mona Eltahawy පවසයි.

මේ අතර පළා ගිය සෞදි කාන්තාවක් නැවත හසුවුවහොත් බොහෝ දුරට සිර අඩස්සියට පැමිණවීම හෝ මරණීය දණ්ඩනය නියම කිරීම සිදුවන බව ද සඳහන්.
2015 දී පීඩනය දරාගත නොහැකිව පළා ගිය සෞදි කාන්තාවන් ප්‍රමාණය 577 ක් බව Associated Press පුවත් සේවය වාර්තා කරයි.

නමුත් මෙලෙස පළා යාම ඉතා භයානක සහ දැඩි අවදානම් සහගත කටයුත්තක් බව Human Rights Watch සංවිධානයේ මැදපෙරදිග පර්යේෂක Adam Coogle පවසයි.

සෞදි කාන්තාවක් පළා යන්නේ නම් එම ගමන ඇගේ ජීවිතය සහ මරණය අතර දෝලනය වන ගමනක් බව මානව හිමිකම් සංවිධාන හඳුන්වයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 15 January 2019 2:58pm
Updated 15 January 2019 4:08pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service