ඔස්ට්‍රේලියාව තමන්ගේම මෝටර් රථ නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතු බවට හිටපු අග්‍රාමත්‍ය Tony Abbott ගෙන් ප්‍රකාශයක්.

Abbott flags local electric car making

Source: AAP

ඉදිරියේදී විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බවත් එම ඉල්ලුම සැපිරීමට විදේශයන්ගෙන් මෝටර් රථ ආනයනය කරනවා වෙනුවට ඔස්ට්‍රේලියාව තමන්ගේම මෝටර් රථ නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතු බවත් හිටපු අග්‍රාමත්‍ය Tony Abbott පවසයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබා දෙන ආර්ථික සහන අත්හිටුවීමෙන් ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ නිෂ්පාදනය නැවතුනු බවද ඔහු පෙන්වා දෙයි.

වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ අලෙවි වන නව මෝටර් රථ වලින් 50% ක්ම විදුලියෙන් ධාවනය වන මෝටර් රථ බවට පත්වන බව කම්කරු පක්ෂය පසුගිය දා ප්‍රකාශ කළේය.

මෙනිසාම එම වෙළෙඳපොල ආක්‍රමණය කිරීමට විදෙස් නිෂ්පාදන සමාගම් මේ වන විටත් අවධානයෙන් සිටින බව වාර්තා වේ.

නමුත් විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා මෙන්ම එමගින් අමතර විදුලිය බිලක් දැරීමට බොහෝ ඔස්ට්‍රේලියානුවන් අකමැති බව හිටපු අග්‍රාමත්‍ය Tony Abbott පවසයි.


Share
Published 3 May 2019 12:58pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service