ඕස්ට්‍රෙලියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීම පිලිබදව Jetstar නිහඬයි .....

jet

Source: jetstar


SBS සිංහල වෙබ් අඩවියෙන් අප මීට පෙර වාර්තා කල පරිදි , ඕස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන බවට පළවූ වාර්තා පිලිබදව Jetstar ආයතනය දැන් නිහඬ වී ඇති බවට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් Jetstar හි මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ඔවුන් සැම විටම ඉල්ලුම් ඇති නව ගමනාන්තයන් සොයා බලන නමුත් දැනට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිම තොරතුරක් ලබා දිය නොහැකි බවයි.
මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙල්බන් හා කටුනායක අතර ගුවන් සේවා පවත්වාගෙන යන අතර ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් David Holly ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිඩ්නි සිටද ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවට ජුනි මස ගුවනින් සංචාරකයින් 4000ක් පමණ ගොස් ඇතැයිද වාර්තා වේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවය Qantas ගුවන් සේවය සමග codeshare එකගතාවයකින් කටයුතු කරයි.

Source:airlineratings.com/ SBS Sinhala

Share
Published 19 July 2019 12:01am
Updated 19 July 2019 9:22am
By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service