ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය අගමැති තම රහස් ප්‍රේමය හෙළිකරන්න Channel 7 එකෙන් $150,000 ක් ඉල්ලලා.

Barnaby Joyce says partner's decision to 'make money' from TV tell-all

Source: AAP

ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ හිටපු නැෂනල්ස් පක්ෂයේ නායක  Barnaby Joyce, ඔහුගේ මාධ්‍ය උපදේශිකාව සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඇය ගැබ් ගත් පුවත වාර්තා වීමෙන් අනතුරුව එම ධුර වලින් ඉල්ලා විය.

මේ අතර Barnaby Joyce සහ ඔහුගේ සහකාරිය වන Vikki Campion (මාධ්‍ය උපදේශිකාව) තම අලුත උපන් පුතණුවන් සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ වානිජ රූපවාහිනී නාලිකාවක් වන “Channel 7” සඳහා තම රහස් ආදර අන්දරය පැවසීම උදෙසා සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක් ලබා ගැනීමට එකඟත්වය පළ කළ බවට අද (29/05) වාර්තා විය.



ඔස්ට්‍රේලියානු හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු මෙවන් මුදලක් සම්මුඛ පරීක්ෂණයක් ලබා දීම පිණිස මාධ්‍ය ආයතනයකින් ලබා ගැනීම සම්බන්ධ මෙම පුවත ඔස්ට්‍රේලියාව තුළම මහත් අන්දොල්නාත්මක පුවතක් බවට මේ වන විට පත්ව ඇති අතර බහුතරයක් දේශපාලනඥයින් සහ ජනතාව මෙම සිද්ධියට තම දැඩි විරෝධතාව පළ කර තිබේ.

Barnaby Joyce තම මාධ්‍ය උපදේශිකාව සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඇය ගැබ් ගත් පුවත වාර්තා වීමෙන් අනතුරුව ඔහුට නැෂනල්ස් පක්ෂයේ නායකත්වයනේ සහ නියෝජ්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහුගේ පක්ෂයෙන් බලපෑම් එල්ල වෙමින් පැවති අතර අවසානයේ ඔහුට එම බලපෑම් වලට හිස නමන්නට සිදු විය.

කෙසේ වෙතත්, මෙම සම්මුඛ සාකච්ඡාව “Channel 7” රූපවාහිනී නාලිකාවේ ලබන ඉරිදා විකාශය කිරීමට සැලසුම් කර තිබු බවද වාර්තා වේ.

නමුත් Barnaby Joyce පවසන්නේ තමන් මුදල් ඉල්ලීමක් නොකළ බවත් මුදල් ඉල්ලීම සිදු කළේ තම සහකාරිය බවත්ය.

“දේශපාලනඥයෙක් ලෙස මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලුවා නම් මම සල්ලි ඉලන්නේ නැහැ. නමුත් ඔවුන්ට අවශ්‍ය වුණේ මමයි, මගේ සහකාරියයි, පුතයි තුන්දෙනාම එක්ක සම්මුඛ සාකච්ඡාවක්. ඉතින් ඒක මගේ සහකාරියගෙයි පුතාගෙයි පුද්ගලිකත්වය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා ඒකට මගේ සහකාරිය මිලක් ඉල්ලුවා” යනුවෙන් Barnaby Joyce පැවසුවේය.

කෙසේ වෙතත්, මේ සිද්ධිය අනුමත කළ නොහැකි බව මුල්‍ය සේවා ඇමතිනී Kelly O'Dwyer පැවසුවාය.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධව තමන් Barnaby Joyce සමග පුද්ගලික මට්ටමින් සාකච්ඡා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසා තිබේ.

මෙම සිද්ධියත් සමග Barnaby Joyce සති 11 ක පුද්ගලික නිවාඩු ලබා ගෙන ඇති බවද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 29 May 2018 10:55pm
Updated 29 May 2018 11:27pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service