ඔස්ට්‍රේලියාවේ ධාවනය කරන ඔබේ වාහනයත් නිසි පරිදි සෝදා නැතිනම් $448 ක දඩයක්. (SBS සිංහල/වාර්තා)

Road Safety

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂාව උදෙසා රථ වාහන සහ මගීන් සම්බන්ධයෙන් විවිධ නීති රීති පනවා තිබේ.

එහිදී බොහෝ විට රියදුරු වැරදි සඳහා මෙන්ම වාහන වල වැරදි හා අඩුපාඩු සඳහාද විවිධ දඬුවම් සහ දඩ මුදල් නියම කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

නියමිත වේග සීමාවන් ඉක්මවා රිය ධාවනය කිරීම, මාර්ග සංඥා එළි නොතකා රිය ධාවනය කිරීම වැනි වැරදි ඔස්ට්‍රේලියාවේ බහුලවම සිදුවන රියදුරු වැරදි වන අතර ඒවා හේතුවෙන් සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම පාහේ විශාල ලෙස දඩමුදල් ආදායමක් අදාළ පොලීසි වෙත ලැබෙයි.

නමුත් දැන් ඔබේ වාහනය නිසි පරිදි සෝදා නොමැතිනම් පවා ඔබට පොලීසියෙන් දඩයක් හිමිවන බව දන්නවාද?
Road Safety
Source: Flickr

වාහනය සෝදා නොමැතිනම් දඩ

තම වාහනය නිසි පරිදි නොසෝදා එය මාර්ගයේ ධාවනය කිරීම හේතුවෙන් ඔබට දැන් විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන බව වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් පොලීසියේ Traffic and Highway Patrol Command නැමති Facebook පිටුවට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ යම් රියදුරෙකු තම වාහනය නිසි පරිදි නොසෝදා මාර්ගයේ ධාවනය කළහොත් ඔහුට හෝ ඇයට ඩොලර් 448 ක දඩයක් මෙන්ම demerit points 3 ක්ද හිමිවෙයි.
විශේෂයෙන්ම වාහනයේ ලියාපදිංචි අංකය ඇතුළත් අංක තහඩුව පැහැදිලිව තිබිය යුතු බවත් එය අපිරිසිදුව හෝ වෙනත් ආකාරයකින් වැසී නොතිබිය යුතු බවට ඔවුන් අවධාරණය කරයි.

""Not washing your car properly- $448 and 3 points. Don't wash your car and neglect your number plate. Remover the cover."" යනුවෙන් ඔවුන් එම පණිවිඩය Facebook හි ප්‍රකාශ කර තිබේ.
Road Safety
Source: Facebook

වාහන අංක තහඩුව කෙතරම් වැදගත්ද?

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම ඕනෑම වාහනයක් ධාවනය සඳහා මාර්ගයට යොමු කිරීමේදී ලියාපදිංචි අංක තහඩුවක් පැහැදිලිව ප්‍රදර්ශනය කරමින් රිය ධාවනය කිරීම ප්‍රධාන නීතියකි.

වාහනයේ යාපදිංචි අංක තහඩුවක් තිබුණද එය පැහැදිලිව දිස් නොවේනම් ඔබට දඩයක් හිමිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ආරක්ෂණ සේවාවේ 25 වන වගන්තියට අනුව සියලු වාහන වල ලියාපදිංචි අංක තහඩු පිරිසිදුව තබාගත යුතු අතර ඒවා පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු වේ.

එමෙන්ම එම අංක තහඩු කියවීමට අපහසු වන ආකාරයෙන් පවතිනවානම් ඔස්ට්‍රේලියාව තුළ ඒ සඳහාද ඔබට දඩයක් හිමිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
Road Safety
Source: Flickr

ලියාපදිංචි වාහන අංක තහඩුවල ඔස්ට්‍රේලියානු ප්‍රමිතිය

  • ලියාපදිංචි වාහන අංක තහඩු, වාහනයේ ඉදිරිපස සහ පසුපස ස්ථිර ආකාරයෙන් (permanently fitted) සවි කළ යුතුය.
  • ඒවා සැමවිටම වාහනයේ ඇක්සලයට සමාන්තරව සවි කළ යුතු අතර සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ සිට මීටර් 1.3 කට වඩා උස නොවිය යුතුය.
  • ලියාපදිංචි වාහන අංක තහඩු අපැහැදිලි හෝ විකෘති නොවී තිබිය යුතුය.
  • මීටර් 20 ක් උපරිම දුරකට වාහනයේ ලියාපදිංචි අංක තහඩු පැහැදිලිව දිස් විය යුතුය.
  • එමෙන්ම වාහනය දෙපසින් ඕනෑම පෙදෙසක සිට අංශක 45 ක ආනතියකින් බලන කල වුවද ලියාපදිංචි වාහන අංක තහඩු පැහැදිලිව දිස්විය යුතුය.
  • ලියාපදිංචි වාහන අංක තහඩු සහ එහි ආවරණ සැමවිටම පිරිසිදුව හා පරාවර්තක නොවන (no reflective) ආකාරයෙන් තිබිය යුතුය.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 4 April 2019 10:12am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service