නත්තල් සමයේ අන්තර්ජාලය හරහා තෑගී ඇනවුම් කරන පුද්ගලයින්ට Australian Border Force එකෙන් අනතුරු ඇඟවීමක්. (SBS සිංහල/වාර්තා)

Australian Border Force

Source: AAP

එළඹෙන නත්තල වෙනුවෙන් නත්තල් තෑගී අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමේදී ඇනවුම් කළ හැකි සහ නොහැකි දේවල් පිළිබඳ ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශය (Australian Border Force - ABF) ඔස්ට්‍රේලියානු වාසී ජනතාවට සිහි කැඳවීමක් සිදු කර තිබේ.

සෑම වසරකම නත්තල් සමයේදී නත්තල් තෑගී ලෙස අන්තර්ජාලය හරහා ඇනවුම් කරන දහස් ගණන් ආනයනය කිරීම තහනම් කළ භාණ්ඩ ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශය විසින් තමා සන්තකයට ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.
Australian Border Force
Source: Australian Border Force

අන්තර්ජාලය හරහා ඇනවුම් නොකළ යුතු තෑගී භාණ්ඩ

සෑම වසරකම නත්තල් සමයේදී ඇනවුම් කරන දහස් ගණන් ආනයනය කිරීම තහනම් කළ භාණ්ඩ අතරට BB guns, imitation firearms, slingshots සහ අසාමාන්‍ය ආයුධ මෙලෙස ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශය විසින් තමා සන්තකයට ගෙන ඇති බව සඳහන්.

එම බොහොමයක් භාණ්ඩ ඔස්ට්‍රේලියානු වෙබ් අඩවි හරහා අලෙවි කරන ලද ඒවා බැවින් ඔස්ට්‍රේලියානු වාසීන්ට ඒවා නීත්‍යානුකූල බවට වැරදි වැටහීමක් ඇතිවන බවද ඔවුන් පෙන්වා දෙයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


නමුත් ඇත්තෙන්ම සිදුවන්නේ අදාළ භාණ්ඩ තම ගැනුම්කරුවන් වෙනුවෙන් විදෙස් රටවල අලෙවිකරුවන්ගෙන් අදාළ ඔස්ට්‍රේලියානු වෙබ් අඩවි ඇනවුම් කිරීම බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශය පෙන්වා දෙයි.
Australian Border Force
Source: Facebook

නත්තල් සමයේදී ඇනවුම් ප්‍රමාණය ඉහළ යයි.

ආනයනය තහනම් කරන ලද භාණ්ඩ නත්තල් සාමය ආසන්නයේදී වැඩි වශයෙන් ඉහළ යන බව බහුලව පෙනෙන්නට ඇති බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශයේ සහකාර කොමසාරිස් සහ වරාය මෙහෙයුම් පිළිබඳ කොමදෝරු Danielle Yannopoulos පැවසීය.

අදාළ වෙබ් අඩවි කුමන කරුණු පැවසුවත් මෙවැනි භාණ්ඩ ඇනවුම් කරන ගැනුම්කරුවන් ඒ පිළිබඳව දැනුවත් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

එම භාණ්ඩ වලින් බහුතරයක් නීති විරෝධී ඒවා බවත් ඔස්ට්‍රේලියානු දේශ සීමාවේදී ඒවා රාජසන්තක වනබවත් ඔහු පැවසීය.

මේවා ඉතා සාමන්‍ය සෙල්ලම් බඩු යනුවෙන් දෙමාපියන්ට සිතෙන්නට පුළුවන් නමුදු ඒවා ඉතා භයානක බැවින් එම සෙල්ලම් බඩු ඔස්ට්‍රේලියාවට ගෙන්වීම තහනම් කර ඇති බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශයේ සහකාර කොමසාරිස් සහ වරාය මෙහෙයුම් පිළිබඳ කොමදෝරු Danielle Yannopoulos පැවසීය.
Australian Border Force
Source: Facebook

මුදල් අහිමිවීම් සහ සිර දඬුවම්

2017 - 18 මුල්‍ය වර්ෂයේදී මිලියන 50 කට අධික ගුවන් මගින් ආනයනය කළ භාණ්ඩද මිලියන 3 කට අධික නැව් මගින් ආනයනය කළ භාණ්ඩද මිලියන 54 කට අධික ජාත්‍යන්තර තැපල් භාණ්ඩද ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශය විසින් පරීක්ෂාවට ලක් කළ බව ඔවුන් පැවසීය.

මේවා පරීක්ෂා කිරීම සඳහා X කිරණ, සුනඛයින් මෙන්ම විවිධ බුද්ධි අංශ උපක්‍රම යොදාගන්නා බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශයේ සහකාර කොමසාරිස් සහ වරාය මෙහෙයුම් පිළිබඳ කොමදෝරු Danielle Yannopoulos පැවසීය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

කෙසේවෙතත්, ආනයනය තහනම් කළ භාණ්ඩ ඇනවුම් කිරීම අවසානයේදී ඔබට ඒ සඳහා ගෙවූ මුදල් අහිමි වනවා පමණක් නොව $525,000 දක්වා වූ දඩ මුදලක් සහ ඇතැම්විට වසර 10 ක් දක්වාවූ සිර දඬුවම් ද හිමිවීමට ඉඩ සැලසෙන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ව්‍යාජ භාණ්ඩ ආනයනය කිරීම සහ අලෙවි කිරීමද ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධී වන අතර ඒවා රාජසන්තක කිරීම මෙන්ම අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමද සිදුකළ හැකිවේ.

මේ අතර තමන් අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කරන භාණ්ඩ සඳහා කුමන අන්දමේ නීතිමය රාමුවක් ඇතිද යන්න මෙන්ම ඒවාට ගෙවිය යුතු බදු සහ ගාස්තු පිළිබඳවද ගැනුම්කරුවන් දැනුවත් විය යුතු බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශය පැහැදිලි කර සිටී.

මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීමට ඔබට www.abf.gov.au/buying-online වෙබ් යොමුවට පිවිසිය හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 7 December 2018 11:16am
Updated 7 December 2018 12:12pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service