ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ මිලියන 1.2 ක තවමත් මාරාන්තික දෝෂ සහිත airbag. ඔබේ වාහනයත් ඊට අයිතිද ? (SBS සිංහල/වාර්තා)

Urgent new recall for BMW vehicles containing faulty Takata airbags

Source: Flickr

මාරාන්තික Takata airbags සහිත මෝටර් රථ මිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් අනිවාර්යෙන් නැවත කැඳවීමට (compulsory recall) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය පෙබරවාරි 28 වන දින තීරණය කළේය.

මේ අනුව එම සියලු වාහන වල සවි කර තිබෙන airbag නොමිලයේ ප්‍රතිස්ථාපනය කිරීමට ඒ ඒ මෝටර් රථ සමගාම් වල සේවා සපයන ස්ථාන හට සිදුවිය.

නමුත් මේ වන විට එලෙස airbag ප්‍රතිස්ථාපනය කළ මෝටර් රථ සංඛ්‍යාව 115,000 බවත් තවත් මිලියන 1.2 කට ආසන්න මෝටර් රථ සංඛ්‍යාවක් එම දෝෂ සහිත airbag ප්‍රතිස්ථාපනය කර නොමැති බවත් වාර්තා වේ.
Takata airbags
Takata airbag recall (Flickr) Source: Flickr

දෝෂ සහිත Takata airbag

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව අනෙකුත් බොහෝ රටවල ඇතැම් මෝටර් රථ මාදිලි සඳහා පැමිණෙන Alpha Takata airbag වල දෝෂ සහගත තත්ත්වයක් පැවතීම හේතුවෙන් මෙසේ එම airbag ප්‍රතිස්ථාපනය කිරීමට අදාළ මෝටර් රථ නැවත කැඳවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ නිෂ්පාදනයක් නැවත කැඳවන දැවැන්තම අවස්ථාව වන අතර මීට පෙර පසුගිය වසරේ Takata airbags ප්‍රතිස්ථාපනය කිරීමට අදාළ මෝටර් රථ ස්වේච්ඡා කැඳවීමක් සිදු කරනු ලැබීය.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

Takata airbags සහිත වාහන අනතුරට පත්වීමේදී ලොව පුරා මරණ 20 ක් පමණ සිදුව ඇති අතර පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේද එක් මරණයක් වාර්තා විය.

මෙම අනතුරුදායක airbags සහිත වාහන හිමියන් 2020 වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර තමාගේ වාහනයේ airbag එක අනිවාර්යෙන් ප්‍රතිස්ථාපනය කළ යුතු බව Australian Competition and Consumer Commission හෙවත් ACCC හි සභාපති Rod Sims පැවසු බව ABC පුවත් සේවය වාර්තා කොට තිබිණ.
Takata airbags
Source: AAP

දෝෂ සහිත Takata airbag ප්‍රතිස්ථාපනය

ඔස්ට්‍රේලියාවේ මේ වන විට භාවිතා කරන මෝටර් රථ 4 කින් එක් මෝටර් රථයක හෝ මෙම Takata airbag ප්‍රතිස්ථාපනය සිදු කළ යුතු බව Australian Competition and Consumer Commission ඊයේ නිවේදනය කළේය.

නමුත් මේ වන විටත් මිලියන 1.2 ක මෝටර් රථ වල මිලියන 1.4 ක airbag ප්‍රතිස්ථාපනය කළ යුතුව ඇති බව එම කොමිසම පෙන්වා දෙයි.

එම සංඛ්‍යාව ඇතුළත අවදානම ඉතා ඉහළ මාරාන්තික මට්ටමේ "alpha" airbag 12,000 ක ප්‍රමාණයක්ද පවතින බව සඳහන්.
Takata airbags
Source: AAP

අවදානමට ලක්ව ඇති මෝටර් රථ මාදිලි

2001 වසරේ සිට 2018 වසර දක්වා නිෂ්පාදනය වුණු මෝටර් රථ නිෂ්පාදන වර්ග 18 ක මාදිලි 100 ක් පමණ මෙම airbag අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

මේ අනුව Ford, GM Holden, Mercedes Benz, Tesla, Jaguar, Land Rover, Volkswagen, Audi, Skoda, BMW, Chevrolet, Chrysler, Dodge, Ferrari, GMC, Honda, Jeep, Lexus, Mazda, Mitsubishi, Nissan, Subaru, Toyota, Volvo සහ Hino Trucks  යන මෝටර් රථ නිෂ්පාදන වර්ග සඳහා මෙම අනිවාර්ය නැවත කැඳවීම අදාළ වේ.
මෝටර් රථ වාහන හිමියන්ට www.productsafety.gov.au හෝ www.ismyairbagsafe.com.au යන වෙබ් අඩවි හරහා තමන්ගේ මෝටර් රථ මාදිලිය මේ සඳහා අදාළ ද නැතිද යන්න පරීක්ෂා කරගත හැකිවේ.

එසේ නොමැතිනම් "Takata" යනුවෙන් ටයිප් කර 0487 247 224 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යැවීමෙන් වුවද ඔබට එය පරීක්ෂා කරගත හැකිවේ.

කෙසේවෙතත්, 2020 වසරේ දෙසැම්බර් මාසය වන විට අවදානමට පත් නැවත කැඳවූ සියලු මෝටර් රථ වල airbag ප්‍රතිස්ථාපනය කළ යුතු වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 6 November 2018 9:19am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service