ඔස්ට්‍රේලියාවේ Aged-care සේවකයින්ට වැඩි වැටුප් සහ වැඩි පුහුණවක් අවශ්‍ය බවට Aged-care පිළිබඳ රාජකීය කොමිසමට ඉල්ලීමක්. (SBS සිංහල/වාර්තා)

Aged-care

Source: SBS

රැකවරණය සහ සත්කාර අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ aged care හෙවත් වැඩිහිටි සුරැකුම් සේවාවන්ට ඇතුළු වනවාට වඩා මරණය අත්විඳීම යහපත් බව ඇතැම් දෙනා පවසා ඇතැයි ඔස්ට්‍රේලියාවේ aged care පිළිබඳ රාජකීය කොමිසම වාර්තා කරයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

තමන්ගේ සංවිධානයේ පාරිභෝගිකයින් සම්බන්ධ කරගෙන සිදුකළ අන්තර්ජාල සමීක්ෂණයකදී ඔස්ට්‍රේලියාවේ aged care ක්ෂේත්‍රය සහ සේවාවන් පිළිබඳ නොයෙක් නිශේධනීය ප්‍රතිචාර ලද බව UnitingCare Australia හි ජාතික අධ්‍යක්ෂිකා  Claerwen Little අනාවරණය කළේය.
aged care
Source: AAP

මරණය සැපතකි.

ඔස්ට්‍රේලියාවේ aged care පද්ධතිය පිළිබඳ ජනතාවට නිසි අවබෝධයක් නැති බව UnitingCare Australia හි ජාතික අධ්‍යක්ෂිකා Claerwen Little පැවසුවාය.

තමන් වියපත් වනතුරුම බොහෝ උදවිය මෙම aged care සේවාවන් පිළිබඳ නොසිතන බව ද ඇය අනාවරණය කළාය.

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයකට යනවාට වඩා මරණය සැපතක් බව ඇතැම් දෙනා පවසා ඇති බවද ඇය පැවසුවාය.
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන යනු ජීවත් වීමට සුදුසු ස්ථානයක් නොවන බවට ඔවුන්ගේ මනසෙහි චිත්‍රයක් නිර්මාණය වී ඇති බව Claerwen Little පෙන්වා දුන්නාය.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ aged care සේවාවන් ඇතුළු එම ක්ෂේත්‍රය වෙත පනවා ඇති දැඩි රෙගුලාසි බව ඇයගේ මතය වේ.

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල වෙසෙන පුද්ගලයින්ට නිදහසේ ජීවත් වීමට ඉඩකඩ ලබා දෙමින් පවතින දැඩි රෙගුලාසි මදක් ලිහිල් කිරීමෙන් මේ තත්ත්වය මගහරවා ගැනීමට හැකි බවද ඇය යෝජනා කරයි.
aged care
Source: AAP

Aged-care සේවකයින්ට වැඩි වැටුප් සහ වැඩිපුර පුහුණව අවශ්‍යයි.

Aged-care සේවකයින්ට වැඩි වැටුප් සහ වැඩිපුර පුහුණව අවශ්‍ය බව ඊයේ දිනයේදී (19/02) Aged-care පිළිබඳ රාජකීය කොමිසමට තොරතුරු ලැබී තිබේ.

වැඩිහිටි සුරැකුම් සේවාවන් වල තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට මෙන්ම එම සේවාවන් ලබාගන්නා පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙය අතිශය වැදගත් බව පෙනී ගොස් ඇත.
Aged-care ක්ෂේත්‍රයට සේවකයින් ආකර්ෂණය කරගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇති බවටද Aged-care පිළිබඳ රාජකීය කොමිසමට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව Aged-care ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයින්ට යහපත් වැටුපක් ලබාදී ඔවුන්ට මනා පුහුණුවක් ලබා දීමෙන් මෙම අර්බුදය විසඳා ගත හැකි බව Catholic Health Australia හි අධ්‍යක්ෂ Nicholas Mersiades පැවසුවේය.

එමෙන්ම Aged-care ක්ෂේත්‍රය පිළිබඳ ඔස්ට්‍රේලියානු සමාජයේ කිඳා බැස ඇති අයහපත් නාමය නැති කළ යුතු බවටද ඔහු යෝජනා කරයි.

ඔහු ඊට සපයා ඇත්තේ කදිම උදාහරණයකි.

"ඔබ නිවාඩු දිනයක BBQ එකකට ගියවිට, එතැන සිටින අය ඔබ සේවය කරන්නේ මොන ක්ෂේත්‍රයේද කියා ඇසූ කල ඔබ Aged-care ක්ෂේත්‍රයේ යනුවෙන් පිළිතුරු දුන් විට ඔබ දිහා ටිකක් අමුතු විදියට බැලීම අද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මන්ද ඒ තරමට Aged-care ක්ෂේත්‍රය ට අද වන විට ඉතා අයහපත් නාමයක් පට බැදී ඇති නිසා." යන්වෙන් Catholic Health Australia හි අධ්‍යක්ෂ Nicholas Mersiades පැවසුවේය.
aged care
Source: AAP

Aged care මධ්‍යස්ථාන වල අනිසි ලෙස ඖෂධ භාවිතය

ඔස්ට්‍රේලියාවේ aged care පිළිබඳ රාජකීය කොමිසම හමුවේ පවුලේ වෛද්‍යවරුන්ගේ රාජකීය ඔස්ට්‍රේලියානු විද්‍යාලය සහ මධ්‍යම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සඳුදා (18/02) කරුණු දැක්වීය.

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධයස්ථාන වල dementia රෝගය සඳහා ලබා දෙන ඖෂධ අධික ලෙස භාවිතා කරන බවට පසුගිය සතියේ මෙම රාජකීය කොමිසම හමුවේ අනාවරණය විය.

Dementia රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගෙන් 80% ක් පමණ වර්තමානයේ විශාදනාශක හෝ මානසික පීඩා වේදනා නාශක ලබාගන්නා බව වියපත් වුවන්ගේ ඖෂධ පිළිබඳ බලධාරී Edward Strivens පැවසීය.

නමුත් එම පිරිසෙන් 10% ක පිරිසකට පමණක් මේවයින් ප්‍රතිලාභ අත්වන බවත් අනෙක් පිරිසට සෞඛ්‍ය අවදානම් තත්ත්ව මෙන්ම මරණය පවා අත්වන බවත් ඔහු පැහැදිලි කළේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 20 February 2019 3:55pm
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service