විශේෂ app එකක් හරහා මුස්ලිම් ජනයා නිරීක්ෂණය කරන චීනය ..(SBS සිංහල/ වාර්තා)

s

Source: AP

චීනයේ මුස්ලිම් ජනතාවගේ එදිනෙදා ජීවිතය නිරීක්ෂණය කිරීමට ජංගම app එකක් යොදා ගෙන ඇති බවට Human Rights Watch ආයතනය පවසයි. Xinjiang නම් මෙම ප්‍රදේශයේ ඇති මෙම app එක නිසා චීනය ජාත්‍යන්තර විවේචනයට ලක්ව තිබේ.
චීනය මිලියන 1ක් පමණ සිටින Uighurs ජන කොට්ටාශය හා අනෙකුත් මුස්ලිම් ජන පිරිසක් චීනය විසින් විශේෂ කඳවුරු වල රදවා තිබේ. මෙම රැදවුම් කදවුරු වල de radicalization යනුවෙන් හඳුන්වන අන්තගාමී අදහස් ඉවත් කිරීමේ කටයුතු පිළිබදවද ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත.

මේ නිසා මෙම මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන් ගේ මුහුණු හඳුනා ගැනීමේ හැකියාව ඇති කැමරා, පොලිස් නිරීක්ෂණ wifi තොරතුරු ලබා ගැනීම , බැංකු ආදී තොරතුරු පිළිබද මෙමගින් නිරීක්ෂනය කෙරෙන බව සදහන්

China's Algorithms of Repression' යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රමය අනුව චීනය ජමනියේ ආරක්ෂක සමාගමක් සමග එක්ව මෙම නිරීක්ෂණ පද්ධතිය ගොඩ නගා තිබේ

මෙසේ චීන රජය Xinjiang, හි සැක කටයුතු සියලු පුද්ගලයන් ගේ ක්‍රියා කලාපය පිළිබද අවධානයෙන් පසු වේ.

මානව හිමිකම් සංවිධානයක් විසින් මෙම app එක ලබා ගෙන එය ක්‍රියා කරන ආකාරය සොයා බලා ඇත. එමගින් හෙළිවී ඇත්තේ මෙම app එක මගින් පුද්ගල තොරතුරු පමණක් නොව ඔවුන් පිළිබද සැක කටයුතු තොරතුරු ලැබුණු පසු ඔවුන් පරීක්ෂාවට පොලීසිය යොමු වීමද සිදුවේ

එසේම එමගින් එම පුද්ගලයන් WhatsApp, LINE හා Telegram වැනි තාක්ෂණ පාවිච්චි කරනවාද යන කරුණාද සොයා බැලෙනු ඇත.
එසේම සමහර ජනයා ප්‍රකාශ කොට ඇත්තේ VPN හා Whatsapp භාවිතය නිසා ඔවුන් පොලීසිය මගින් රඳවා තබාගෙනද ඇති බවයි
Human Rights Watch පවසන්නේ මෙම app එක මගින් ජංගම දුරකථන ඔස්සේ පුද්ගලයන් සිටින ස්ථානය හා ඔවුන්ගේ වාහන ආදිය පිළිබද තොරතුරු ලබා ගන්න බවයි
මනෝ විද්‍යාත්මකවද ඔබව නිරීක්ෂනය කරන බව දන්නා විට බොහෝ දෙනෙකු එම සීමාවෙන් පිටත යාමට නොපෙලඹෙන බවද විශේෂඥයන් පවසයි
නමුත් චීනයේ මේ හා සම්බන්ධ විශේහ්ස නීති නොමැති වුවද රජය විසින් අවශ්‍ය පරිදි තීරණ ගනු ලබයි

 

IJOP නම් මෙම app එක නිපදවා ඇත්තේ Hebei Far East Communication System Engineering Company (HBFEC) ආයතනය වන අතර එහි අයිතිය රාජ්‍ය සමාගමකට අයත් වේ

මීට පෙර ඇමෙරිකාව විසින් HBFEC ආයතනය සමග ඇති වෙළද සබදතා ද නවතා තිබුනේ එරටේ රහස් තොරතුරු රක ගැනීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ


Share
Published 2 May 2019 10:56pm
Updated 2 May 2019 11:00pm
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service