මෙල්බන් Queen Victoria වෙළෙඳ පොළ පුපුරවන්නට හැදූ බෝම්බ සැලසුම හෙළිවෙයි.

Melbourne's Queen Victoria Market terror plot exposed

Source: Flickr

මෙල්බන් නුවර Queen Victoria වෙළෙඳ පොළ වෙත එල්ල කිරීමට සැලසුම් කළ බෝම්බ ප්‍රහාරයක සැලසුම ව්‍යර්ථ කෙරේ.

Queen Victoria වෙළෙඳ පොළ පුපුරව හැරීමට විදේශ ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයෙකු බ්‍රිතාන්‍යයේ වෙසෙන බ්‍රිතාන්‍ය පවුලකට encrypted ආකාරයට කෙටි පණිවිඩයක් ආධාරයෙන් බෝම්බයක් සකස් කරන අයුරු එවා තිබුණි.

අදාළ බ්‍රිතාන්‍ය පවුල ඔස්ට්‍රේලියාවේ වෙසෙන අයුරින් සහ ඒ සඳහා කැපවෙන අයුරු ව්‍යාජව පෙන්වමින් ඒ සියලු තොරතුරු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට සහ වික්ටෝරියානු පොලීසියට ලබා දී තිබේ.

කෙසේවෙතත්, එම බෝම්බය මාස 5 ක් ඇතුළත නිමවා පුපුරුවා හැරීමට සැලසුම් කර තිබුණි.

සංචාරකයන්ගේ මෙන්ම මෙල්බන් වාසීන්ගේ ද ප්‍රියතම සහ කාර්යබහුල ස්ථානයක් වන මෙල්බන් නුවර Queen Victoria වෙළෙඳ පොළ නිරතුරුවම විශාල ජනකායකගෙන් යුක්තව පවතී.
මේ අතර මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයට කිසිදු අයුරකින් ත්‍රස්ත ප්‍රහාරයක් ඇති නොවන පසුබිමක් ඇති බව වික්ටෝරියානු සහකාර පොලිස් කොමසාරිස් Ross Guenther පැවසීය.

මෙල්බන් නුවර පිහිටි Queen Victoria වෙළෙඳ පොළ, ෆෙඩරේෂන් චතුරශ්‍රය, ශාන්ත පාවුළු දේවස්ථානය, විලියම් වීදියේ පිහිටි නීති මධ්‍යස්ථානය සහ ඔස්ට්‍රේලියාවේ මෙන්ම දකුණු අර්ධ ගෝලයේ පිහිටි විශාලතම සාප්පු සංකීරණය වන Chadstone සාප්පු සංකීරණය මෙසේ ත්‍රස්ත සංවිධාන වල ඉලක්ක වී ඇති බවට මේ වන විට හඳුනාගෙන තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 12 June 2018 10:02pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service