ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ලැබෙන අයදුම්පත් සලකා බැලීම ආකාර්යක්ෂමයි : ජාතික විගණන වාර්තාව. (SBS සිංහල/වාර්තාව)

Australia's citizenship

Source: SBS

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට යොමු කළ අයදුම්පත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නියමිත කාලයට සලකා නොබලන බව නවතම විගණන වාර්තාවකින් හෙළිවී තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට තම අයදුම්පත් සලකා බැලීමේ වාරය පැමිණෙන තුරු බලා සිටීමේ කාලය තවත් දිගුවී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.
Australian citizenship
Source: ANAO

අයදුම්පත් සළකා බැලීම ප්‍රමාද වීම

නමුත් ඔස්ට්‍රේලියාවේ ජාතික විගණකාධිපති විසින් නිකුත් කළ එම වාර්තාව එල්ල කරන චෝදනා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය වසර තුන තුළ ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සහ ප්‍රජා කණ්ඩායම් වල ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට දැඩි ලෙස අවධානය යොමු කිරීමට සිදුවීම ඔවුන් මේ සඳහා නිදහසට කරුණු ලෙස දක්වා ඇත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පතක් සලකා බැලීම සඳහා මේ වන විට මාස 19 ත් 22ත් අතර කාලයක් ගතවන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
Australian citizenship
Source: AAP

විගණන වාර්තාව

ඔස්ට්‍රේලියාවේ ජාතික විගණන කාර්යාලයේ මෙම වාර්තාවට අනුව "conferral" ඛාණ්ඩයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් වලින් 15% ක් පමණක් 2017/18 කාල සාමය තුළ දින 80 ක් ඇතුළත සලකා බලා තිබේ.

නමුත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලික ඉලක්කය වී තිබුණේ දින 80 ක් ඇතුළත එවැනි අයදුම්පත් 80% ක් සලකා බලා අවසන් කිරීම බවද සඳහන්.
නමුත් එම ඉලක්කය සහ අයදුම්පත් සලකා බලන ප්‍රමාණය වසර 2017 දී ඉතා සැලකිය යුතු ලෙස පහත බැස්සේය.

ඒ අනුව 2017 මාර්තු සිට 2018 සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමාදය ක්‍රමිකව වර්ධනය වී ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව පෙර වසර වලට සාපේක්ෂව ඉතා විශාල වශයෙන් ඉහළ යාමක් දක්නට ඇති බවද එම වාර්තාව පවසයි.

නමුත් එසේ අයදුම්පත් යොමු කළ බහුතරයක් නිපුණතා සංක්‍රමණිකයින් ලෙස ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත් වූවන් හේතුවෙන් ඔවුන්ගේ සාක්ෂි සහ ලියකියවිලි බොහෝ විට ඉතා නිවැරදි සහ යාවත්කාලීන මට්ටමේ පවතින බවද ඔස්ට්‍රේලියාවේ ජාතික විගණන කාර්යාලය පවසයි.
مدت زمان انتظار برای اخذ شهروندی استرالیا کاهش پیدا کرده است.
Source: AAP

අයදුම්පත් සළකා බැලීම ප්‍රමාද වීමට හේතු

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ලැබෙන අයදුම්පත් සලකා බැලීම දැඩි ලෙස ප්‍රමාද වීමට පහත සඳහන් හේතු ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කරයි.

  • පෙරට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාම.
  • ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව උදෙසා සෑම අයදුම්පතකම පරීක්ෂා කිරීමේ කාලය සැලකිය යුතු ලෙස ඉහළ යාම.
  • පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීම සඳහා යොමු කර ඇති සේවකයින්ව කාර්යක්ෂම ලෙස මෙහෙය නොවීම.
Australian citizenship
Source: Department of Home Affairs

ජාතික ආරක්ෂාව නිසා අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වන්නේ ඇයි?

ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි ලෙස අවදානමක් සහිත රටකින් පැමිණි පුද්ගලයෙකුගේ අයදුම්පත සලකා බැලීමේ කාලය ජාතික ආරක්ෂාව පිළිබඳ එතරම් අවදානමක් නොමැති රටකින් පැමිණි පුද්ගලයෙකුගේ අයදුම්පත සලකා බැලීමේ කාලයට වඩා වැඩි වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්ණ බව වාර්තා වේ.

සාමන්‍යයෙන් වසරකට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය, පුරවැසිභාවය සහ අනෙකුත් වීසා සඳහා මිලියන 9 ක පමණ අයදුම්පත් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලැබෙන බව ද සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 12 February 2019 9:21am
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service