ඔස්ට්‍රේලියාවේ ජාතික පිළිකා ප්‍රතිකර්ම මධ්‍යස්ථානය අද මෙල්බර්න් නුවරදී විවෘත වෙයි.

AUS government launch the new national cancer treatment centre today in Melbourne.

Source: Wikipedia

ඔස්ට්‍රේලියාවේ පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන ජාතික මධ්‍යස්ථානය අද (25/03) දිනයේ මෙල්බර්න් නුවරදී විවෘත කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ ජාතික පිළිකා ප්‍රතිකර්ම මධ්‍යස්ථානය සඳහා මධ්‍යම රජයෙන් ඩොලර් මිලියන 80 ක මුල්‍ය ප්‍රතිපාදන හිමිවනු ඇත.

මීට අමතරව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් රෝහල් වල යටිතල පහසුකම් සංවර්ධනයට, මානසික සෞඛ්‍ය සේවා, ප්‍රතිකාර සේවා සහ වෛද්‍ය පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් වෙන් කිරීමට ලිබරල් සන්ධාන රජය අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාවේ ජාතික පිළිකා ප්‍රතිකර්ම මධ්‍යස්ථානය හරහා විදේශයන් හිදී පමණක් ලබා දෙන පිළිකා ප්‍රතිකර්ම ලබා දීමද ආරම්භ කරන බව අගමැති ස්කොට් මොරිසන් පැවසීය.


Share
Published 25 March 2019 12:18pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service