විරැකියාවෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවාසීන්ට ප්‍රාදේශීය කලාප වෙත යාමෙන් රැකියා ලබාගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

New analysis of the Australian workforce.

Source: Getty Images

විරැකියාවෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවාසීන් හට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත යාමෙන් රැකියා ලබාගැනීමේ වැඩි ප්‍රවනතාවක් පෙනී යන බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම වාර්තාවක් මේ බව අනාවරණය කර තිබේ.
New analysis of the Australian workforce.
Source: Pixabay

රැකියා විරහිත භාවය සහ ප්‍රාදේශීය කලාප

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත යන රැකියා විරහිත ඔස්ට්‍රේලියානුවාසීන් 64% කට පමණ එම කලාප වලට ගිය පසු රැකියා හිමිව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම වාර්තාව පෙන්වා දෙයි.

නමුත් තම ප්‍රදේශයේම රැදී සිටින ඔස්ට්‍රේලියානුවාසීන්ට රැකියා ලැබීමේ ප්‍රතිශතය 57% ක් බවද වාර්තා වේ.

2011 සිට වසර 5 ක් පසුවට යනතුරු ඒ ඒ කලාප වල සේවායෝජකත්වය පිළිබඳ සිදුකළ සමීක්ෂණයකින් මෙම දත්ත අනාවරණය වී තිබේ.

එමෙන්ම එක් එක් ප්‍රදේශ වල සිට ප්‍රාදේශීය කලාප වලට කොපමණ පිරිසක් ගොස් ඇතිද සහ ඔවුන්ගේ සේවායෝජකත්වය පිළිබඳවද එහිදී තොරතුරු එක් රැස් කර ගැනුණි.
New analysis of the Australian workforce.
Txheeb Australia cov neeg ua hauj lwm Source: AAP

ප්‍රාන්ත මට්ටමින් දත්ත

ප්‍රාදේශීය කලාප වල සේවායෝජක්ත්වය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන නමුත් එහි යම් සමාන රටාවක් දක්නට ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නගරයෙන් බැහැරව වසර 2011 දී 61,000 ක පිරිසක් රැකියා විරහිත ලෙස සිටි බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පිළිබඳ වැඩසටහන් කළමනාකාරිනී Celia Moss පැවසුවාය.

නමුත් 2016 වන විට එහිම රැදී සිටි එම පිරිසෙන් හරි අඩක් පමණ රැකියා කරන තත්ත්වයක් වාර්තා වූ අතරම සිඩ්නි නගරය වෙත ගමන් කළ 3,000 ක පමණ පිරිසකටද රැකියා හිමිව ඇති බව වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේද මීට සමාන ප්‍රතිඵලයක් පවතී.

2016 වන විට මෙල්බර්න් නගරයේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත යොමුවුණු පුද්ගලයින්ගෙන් 80% කට පමණ රැකියා හිමිව ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share
Published 6 March 2019 12:50am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service