පුරප්පාඩු පිරවීමට ඉතා අසීරු ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියාවල් මෙන්න. (SBS සිංහල/වාර්තා)

Jobs

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය වර්ධනය ඉහළ ගියද විදෙස් සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය ඉහළ ගියද ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ආයතන වල ඇති සේවක පුරප්පාඩු පුරවා ගැනීම ඉතා අසීරු බව නවතම පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


මෙය එකෙනෙහිම පුදුම සහගත පුවතක් වුවද සමස්ත ඔස්ට්‍රේලියවේම එක ලෙස පවතින තත්ත්වයක් බව ද වාර්තා වේ.
Jobs
Source: AAP

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සේවක පුරප්පාඩු

ඩොලර් ලක්ෂයත් ඩොලර් මිලියන 50 ත් අතර වාර්ෂික පිරිවැටුමක් සහිත ව්‍යාපාර ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස හැඳින්වේ.

මෙම ව්‍යාපාර ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය ට 57% ක දායකත්වයක් සපයන අතර ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 44% ක් පමණ ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සේවයේ යෙදී සිටිති.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5.2% මට්ටමේ පවතින නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ආයතන වල ඇති සේවක පුරප්පාඩු පුරවා ගැනීම ඉතා අසීරු වීම පැහැදිලි කිරීමට අපහසු සිදුවීමක් වේ.

ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල පවතින බොහෝ රැකියා පුරප්පාඩු සඳහා අවම පුහුණුවක් පමණක් අවශ්‍ය බව දැක්වෙයි.
Jobs
Source: Getty Images
රැකියා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සහ ජනප්‍රියතම වෙබ් අඩවියක් වන Indeed වෙබ් අඩවිය ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල පවතින රැකියා පුරප්පාඩු පිළිබඳ මෙම සමීක්ෂණය සිදු කර තිබුණි.

අදාළ රැකියා පුරප්පාඩුව ප්‍රසිද්ධ මාධ්‍යයේ හෝ අන්තර්ජාලයේ හෝ පළ කර දින 60 ක් ගතවනතුරුත් එය පුරවාගැනීමට නොහැකිවූ රැකියා පිළිබඳ මෙහිදී ඔවුන්ගේ අවධානය යොමු විය.

ඒ අතරේ ඉංග්‍රීසි ගුරුවරු, පවුලේ වෛද්‍යවරුන්, කාර්යාල සුද්ධ පවිත්‍ර කරන්නන්, බස් රියදුරන් වැනි රැකියා ප්‍රධාන තැනක් ගත් බව The Age පුවත් පත වාර්තා කරයි.

Indeed වෙබ් අඩවියට අනුව 2018 වසරේදී සේවක පුරප්පාඩු පුරවා ගැනීමට ඉතා අසීරු ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල රැකියා 20 පහත පරිදි වේ.
The hardest to fill small business jobs in Australia.
The hardest to fill small business jobs in Australia in 2019. Source: Indeed

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට පණිවිඩයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන ඕනෑම වයස් ඛාණ්ඩයක සිටින පුද්ගලයින්ට මෙම ලැයිස්තුව ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු සුළු පරිමාන ව්‍යාපාර සහ පවුල් ව්‍යවසාය පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරිය වන Kate Carnell පවසයි.

මෙලෙස රැකියා පුරප්පාඩු පුරවා ගැනීමට අසීරු මෙම ව්‍යාපාර සහ ආයතන පිළිබඳව මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් මට්ටමින් අවධානය යොමු කළ යුතු බවත් විශේෂයෙන්ම ප්‍රාදේශීය කලාප වලට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඇය පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙස පවුලේ වෛද්‍යවරුන් ගත් කළ නාගරික කලාප වල පවුලේ වෛද්‍යවරුන් ගේ අතිරික්තයක් පවතින අතර ප්‍රාදේශීය කලාප වල ඔවුන්ගේ හිඟයක් පවතිනවා. එනිසාම මෙම අඩුව පිරවීමට මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් මට්ටමින් සම්මත වූ යන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි. තවත් අතකින්, අඩු නිපුණතාවක් සහිත විරැකියාවෙන් පෙළෙන පුද්ගලයින්ට මෙම ලැයිස්තුව ඉතා හොඳ අත්වැලක් සපයනවා." යනුවෙන් ද ඔස්ට්‍රේලියානු සුළු පරිමාන ව්‍යාපාර සහ පවුල් ව්‍යවසාය පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරිය වන Kate Carnell පැහැදිලි කළාය.
The hardest to fill small business jobs in Australia.
Source: SBS Sinhala

Share
Published 27 June 2019 1:02pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service