නිව් සවුත් වේල්ස් පදිංචිකරුවන් අඩුවන විට වික්ටෝරියාවේ පදිංචිකරුවන් ශීග්‍රයෙන් ඉහළ යයි. (SBS සිංහල/වාර්තා)

Migrants

Source: Flickr

පසුගිය දශකය තුළ ඉතා ශීග්‍රයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් අඩුවීමේ වේගයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

ඊට සමගාමීව මෙල්බර්න් නගරය මූලික කරගනිමින් වික්ටෝරියානු ප්‍රාන්තයේ පදිංචිකරුවන් ශීග්‍රව ඉහළ යමින් පවතින බවද smh පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
Migrants
Source: AAP

නිව් සවුත් වේල්ස් පදිංචිකරුවන් අඩුවෙයි.

නිව් සවුත් වේල්ස් පදිංචිකරුවන්ගේ ප්‍රමාණය මෙලෙස අඩු බව ගණනය කෙරුණේ පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය වන Gladys Berejiklian, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය හරි අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කිරීමන් අනතුරුව බව සඳහන්.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් බහුතරයක් ස්ථාපිත වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බවත් ඊට සමගාමීව ප්‍රාන්තයේ යටිතල පහසුකම් වල සංවර්ධනයක් කිරීමට අපහසු බැවින් එය ප්‍රාන්තයට දරා ගත නොහැකි බව පෙන්වා දෙමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය එසේ සඳහන් කර තිබුණි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

පසුගිය ජුනි මාසය තෙක් මාස තුනක් කාලයක් ඇතුළත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් 5000 කට අධික ප්‍රමාණයක් ප්‍රාන්තය හැර ගොස් ඇති බවත් 2017-18 කාලය තුළ 21,000 ක් පමණ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හැරගොස් ඇති බවත් මෙම නවතම දත්ත වාර්තා කරයි.

එය 2008 සිට ගතවූ වසර 10 ක කාලය ඇතුළත වාර්තාවූ ඉහළම හැරයාමේ අගය ලෙසද වාර්තා වේ.

එම හැර ගිය ප්‍රමාණයෙන් බහුතරයක් වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාපිත වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම ප්‍රමාණය ආසන්න වශයෙන් 14,000 ක් බව සඳහන්.
Migrants
Sydney City Source: SBS

නිව් සවුත් වේල්ස් ජනගහනය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2017-18 වසර තුළ හටගත් මරණ වලට සාපේක්ෂව 52,000 ක දරු උපත් සිදුවී තිබේ.

එමෙන්ම සංක්‍රමණිකයින් ද ඇතුළුව නව පදිංචිකරුවන් ගණන 88,836 ක් ලෙස වාර්තා වේ.
Migrants
Source: AAP

වික්ටෝරියා ජනගහනය

වික්ටෝරියා ප්‍රාන්තයේ 2017-18 වසර තුළ හටගත් මරණ වලට සාපේක්ෂව 39,700 ක දරු උපත් සිදුවී තිබේ.

එමෙන්ම සංක්‍රමණිකයින් ද ඇතුළුව නව පදිංචිකරුවන් ගණන 84,143 ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම පදිංචිකරුවන් වැඩි වශයෙන් වික්ටෝරියානු ප්‍රාන්තයට ඇදී එම හේතුවෙන් වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහනය සහිත ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය පත්වනු ඇතැයි අනාවැකි පළවේ.

මේ අතර සංවර්ධිත රටවල් අතරින් වැඩිම ජනගහන වර්ධන වේගයක් සහිත නගරය ලෙසද මෙල්බර්න් හැඳින්වෙන අතර 2.3% ක වේගයක් ලෙස එය සටහන් වී තිබේ.

සිඩ්නි ජනගහන වර්ධන වේගය 1.8% ක් ලෙස වාර්තා වේ.
Migrants
Source: AAP

මධ්‍යම රජයේ ජනගහන ව්‍යාප්තිය

මෙම නවතම දත්ත මගින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ජනගහන ව්‍යාප්ති සැලැස්ම වෙත රුකුල් දීමක් සිදුකරන බව ද පැවසේ.

මෙල්බර්න් හා සිඩ්නි වැනි අධික ජනගහන පීඩනයකින් පෙළෙන නගර වලින් නව සංක්‍රමණිකයින් බැහැර කොට ඔස්ට්‍රේලියාවේ වෙනත් ජනගහනය අඩු වෙනත් නගර වල ඔවුන්ව ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් කරමින් සිටියි.

2016-17 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි නව සංක්‍රමණිකයින්ගෙන් ඇඩිලේඩ් නුවර පදිංචි වීමට උත්සුක වුයේ 4% ක පමණ ප්‍රතිශතයක් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාප වෙත ගියේ 4.3% ක ප්‍රතිශතයක් බවත් වාර්තා වේ.

මේ අතර මෙල්බර්න් වලින් පිටත ප්‍රාදේශීය කලාප වෙත 2% ක ප්‍රමාණයකුත් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත හෝ ඩාර්වින් හෝ හෝබාර්ට් වෙත යාමට තීරණය කර තිබුණේ 1% කටත් වඩා අඩු ප්‍රමානයක් බවත් සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 4 January 2019 10:41am
Updated 4 January 2019 12:06pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service