ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු සොරා ගැනීම් වැඩියෙන් සිදුවන නගර හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු සොරා ගැනීම් වැඩි වශයෙන් වාර්තා වන නගරය ලෙස Dandenong නගරය හැඳින්වේ.

Car park

Source: AAP

ඔස්ට්‍රේලියාවේ වාහන අංක තහඩු (number plates) සොරාගැනීම් විවිධ ප්‍රාන්ත වල විවිධ මට්ටමින් වාර්තා වෙයි.

Crime Statistics Agency හෙවත් CSA ආයතනයේ නවතම දත්ත  අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන  අංක තහඩු සොරාගැනීම් දෙගුණයකින් ඉහළ ගොස් ඇත.

මෙල්බර්න් කලාපයේ කාර්යය බහුල නගරවල මෙන්ම නිශ්ශබ්ද නගර ලෙස හැඳින්වෙන නගර වල ද මෙම සොරකම් වාර්තා වීම සුවිශේෂී සිදුවීමක් බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
Numberplate thefts
Source: Flickr

අංක තහඩු සොරාගැනීම්

වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු සොරා ගැනීම් වැඩි වශයෙන් වාර්තා වන නගරය ලෙස Dandenong නගරය හැඳින්වේ.

2017 අප්‍රේල් සිට 2018 මාර්තු දක්වා වූ කාලය ඇතුළත Dandenong නගරයේ එක් දිනකදී එක් මෝටර් රථයක හෝ ඊට වැඩි ප්‍රමාණයක අංක තහඩු සොරාගැනීම් වාර්තා වී ඇති බව Crime Statistics Agency පවසයි.

Cranbourne නගරය එම ලැයිස්තුවේ දෙවැනි තැනටත් Craigieburn තුන්වන තැනටත් පත්ව තිබේ.

Hoppers Crossing, Sunshine සහ St Albans යන නගර පිළිවෙලින් 4, 5 සහ 6 වන ස්ථාන වලටත් Ballarat, Reservoir, Werribee සහ Coburg වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු සොරා ගැනීම් වැඩි වශයෙන් සිදුවන ලයිස්තුවේ 7, 8 , 9 සහ 10 වන ස්ථාන වලටත් පත්ව තිබේ.
Numberplate thefts
Source: SBS

වාහන අංක තහඩු සොරාගන්නා ස්ථාන

බොහෝ වෙලාවට නිවසේ මිදුලේ වාහනය නවත්වා ඇති විට අංක තහඩු සොරකම් කරගෙන යාම බහුල බව Greater Dandenong Neighbourhood Watch හි සභාපතිනි Dawn Vernon පැවසුවාය.

ඇතැම්විට වාහන මාර්ගය දෙපස නවතා ඇති විට හෝ සාප්පු සංකීර්ණයක රථ ගාලේ නවතා ඇති විට හෝ මෙවැනි සිද්ධි සිදු වන බව ඇය වැඩි දුරටත් පැවසුවාය.
Numberplate thefts
Source: Flickr

වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු සොරා ගැනීම්

2010 වසර අවසානය වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු සොරා ගැනීම් 8,559 ක් වාර්තා වූ අතර 2018 මේ වන විට එම අගය 17,885 දක්වා ඉහළ ගොස් තිබේ.

2017 වසර අවසාන වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු සොරා ගැනීම් 20,450 ක් වාර්තා වූ බවත් මේ වසර අවසන් වන විට එම අගය ඊට වඩා වැඩි විය හැකි බවත් Crime Statistics Agency ආයතනය පවසයි.

වාහන අංක තහඩු සොරා ගැනීම ඔස්ට්‍රේලියාව තුළ බරපතල අපරාධයක් බව වික්ටෝරියානු පොලීසිය පැවසු බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්ධන හල් වලින් ඉන්ධන ලබා මුදල් නොගෙවා යාම්, toll මාර්ග වල මුදල් නොගෙවා යාම්, අධික වේගයෙන් රිය පදවා මාර්ග නීති උල්ලංඝනය කිරීම්, අනෙකුන්ට හිරිහැර වන අයුරින් විනෝදයට වාහන පැදවීම් වැනි නීති විරෝධී ක්‍රියා රැසක් කිරීමට මෙලෙස වාහන අංක තහඩු සොරාගෙන එය වෙනත් වාහනයකට සවිකරමින් හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 23 August 2018 11:21am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service