අලෙවි කරන්න බලා සිටියත් ගැනුම්කරුවන් නොමැතිව ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළ එක තැන පල් වෙයි. (SBS සිංහල/වාර්තා)

Australian housing market

Source: Getty Images

පසුගිය මාස කිහිපය තුළ සිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ කඩා වැටෙමින් පවතින බව දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙන්ම බැංකු හා මුල්‍ය අංශ ප්‍රවීණයින් පවසයි.

ඒ සඳහා ප්‍රධාන හේතු කිහිපයක්ම පවතින අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස නිවාස ණය ලබා ගැනීමේ ප්‍රමාණය පහළ බැසීම සහ  නිවාස අලෙවිය පහත බැසීම කැපී පෙනෙන සිදුවීම් වේ.
Australian housing market
Source: AAP

නව නිවාස අලෙවි කිරීමට අපහසු වෙයි.

ඔස්ට්‍රේලියාව තුළ ඉදිකෙරෙන නව නිවාස අලෙවි කරගැනීමේ දැඩි අපහසුවක්  පවතින බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳ පොළ පිළිබඳ සිදුකළ සමීක්ෂණ වලින් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් Realestate.com.au වෙබ් අඩවිය හෙළිදරව් කලනවත්ම දත්ත ඇසුරෙන් මේ බව පෙනී ගොස් තිබේ.

එම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාව තුළ ඉදි කළ නව නිවාස අලෙවි කරගැනීම සඳහා ඉතා දීර්ග කාලයක්  බලා සිවීමට අලෙවිකරුවන්ට සිදුව තිබේ.

උදාහරණයක් ලෙස Canberra කලාපයේ Gungahlin දිස්ත්‍රික්කයේ Moncrieff  උප නගරයේ අලුතින් ඉදි කළ ඇතැම් නිවාස අලෙව් කරගැනීමට නොහැකිව මේ වන විට මාස ගණනාවක් ගතවී ඇත.

 $755,000 කට වැනි මුදලකට අලෙවි කිරීමට දැමූ නිවාසයක් 2017 ජුලි මාසයේ සිට තවමත් අලෙවි කරගැනීමට නොහැකිවී පවතී.
Australian housing market
Source: AAP

නිවාස වල මිල තවත් පහළට

ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේ මිල ගණන් පහත බැසීම නිසා මේ තත්ත්වය ඇතිවී ඇති නමුත් මෙය පළමු නිවාසය මිලට ගන්නන් හට කදිම අවස්ථාවක් බව realestate.com.au වෙබ් අඩවියේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Nerida Conisbee පැවසුවාය.

ඉදිරියටත් නොකඩවා නිවාස මිල පහත බසිනු ඇති බවත් එනිසාම ඉහළ ඉල්ලුමක් හා මිල ගණන් තිබෙන ප්‍රදේශ වලින් දැනට නිවාසයක් මිලට නොගෙන සිටීම වඩා සුදුසු බවත් ඇය පෙන්වා දුන්නාය.

ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ ප්‍රධාන ස්ථානයක් ගන්නා සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මෙන්ම බ්‍රිස්බන්, පර්ත්  නිවාස වෙළෙඳපොළ වලද මේ තත්ත්වය බොහෝ දුරට සමාන බව සඳහන්.

නමුත් ටස්මේනියා දේපළ වෙළෙඳපොල ඉතා ශීග්‍රයෙන් ඉහළ යන බවත් Rokeby වැනි Hobart කලාපයේ උප නගර වල මේ තත්ත්වය තීව්‍රව දැකිය හැකි බවත් ආර්ථික විද්‍යාඥ Nerida Conisbee පැවසුවාය.
Australian housing market
Source: AAP

නිවාස වෙන්දේසි සඳහා ඔස්ට්‍රේලියාවේ දුර්වලම නගර

ඔස්ට්‍රේලියාවේ නිවාස අලෙවි කරන ප්‍රධානතම ක්‍රමයක් වන නිවාස වෙන්දේසි සඳහා ඔස්ට්‍රේලියාවේ දුර්වලම නගර පිළිබඳ සිදු කළ සමීක්ෂණයකින් CoreLogic ආයතනය නවතම වාර්තාවක් සකස් කර තිබේ.

එහිදී වැඩි වශයෙන්ම හසුවී ඇත්තේ සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බන් කලාප වල උප නගරය.

වෙන්දේසියකදී නිවසක් අලෙවි කරගැනීමට දැඩි ලෙස නොහැකි බොහෝ කාලයක් ඒ සඳහා බලා සිටිය යුතු නගරය ලෙස සිඩ්නි කලාපයේ Kellyville නම් කර තිබේ.

එම ලැයිස්තුවේ ඊළඟ උප නගර දෙකද සිඩ්නි කලාපයෙන් වාර්තා වන අතර ඒවා පිළිවෙලින් Miranda සහ parramatta වේ.
AUSTRALIA’S WORST PERFORMING SUBURBS
AUSTRALIA’S WORST PERFORMING SUBURBS Source: Facebook
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 27 December 2018 2:04pm
Updated 28 December 2018 2:41pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service