ඔස්ට්‍රේලියාවේ අඩුම මිලට පෙට්‍රල් ගත හැකි ස්ථාන සහ දින ගැන ඔබ දන්නවාද? (SBS සිංහල/වාර්තා)

cheaper fuel

Fuel prices are cheaper in Australia compared to last month Source: AAP

ගෙවී යන දශකයේ ඔස්ට්‍රේලියාවේ වාර්තාවූ ඉහළම පෙට්‍රල් මිල ගණන් මේ දිනවල වාර්තා වෙමින් පවතියි.

ගෝලීය වෙළඳ පොළේ මිල ඉහළ යාම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය කඩා වැටීම මීට ප්‍රධානතම හේතු ලෙස දැක්වෙයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ගණන් 20% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ශීග්‍රයනේ ඉහළ යන පෙට්‍රල් මිල සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය "මහා පරිමාණ තෙල් සමාගම්" වෙත ඇඟිල්ල දිගු කරන අතර තෙල් සඳහා පනවා ඇති බදු කප්පාදු කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියි.
cheaper fuel
Source: SBS

පෙට්‍රල් මිල ගණන් ඉහළ නැගීම.

Australian Institute of Petroleum වාර්තා කළ ආකාරයට 2017 වසරේ නොවැම්බර් මාසයේදී unleaded පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල වූයේ $1.32 කි.

නමුත් 2018 ඔක්තෝබර් මාසයේදී එය $1.60 වූ අතර වසරේ වැඩිම මිල ලෙසද සටහන් විය.

කෙසේනමුත්, CommSec ට අනුව එය මේ වන විට $1.56 දක්වා පහළ බැස ඇති අතර ප්‍රතිශතයක් ලෙස ගත් කළ 4.4% කි.
cheaper fuel
Source: AAP

පෙට්‍රල් අර්බුදය

මෙම මිල ඉහල නැගීම ඉල්ලුම හා සැපයුම අතර ගැටළුවක් බව CommSec හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Ryan Felsman පැවසුවේය.

ඉරානයට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පැනවීම හේතුවෙන් ලෝකයේ තෙල් මිල ඉහළ යාමට විශාල හේතුවක් විය.

ලොව ඛනිජ තෙල් නිෂ්පාදකයින් අතරින් ඉරානය ඉහළින්ම සිටින රටකි.

එමෙන්ම ඇමෙරිකාව වසරේ වැඩිම තෙල් පරිභෝජනයක් කරන කාලය ලෙස ගෙවී ගිය ග්‍රීෂ්ම කාලය හැඳින්වෙන අතර මෙම අධික ඉල්ලුම ද මෙම මිල ඉහළ යාම් සඳහා තවත් හේතුවක් විය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සමයේ ඔස්ට්‍රේලියානු ඩොලරයේ ක්‍රමික පහළ යාම, ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ඉහළ යාමට තීරණාත්මක සාධකයක් විය.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මේ වසරේදී ඔස්ට්‍රේලියානු ඩොලරය 9% කින් පහළ ගිය බව CommSec හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Ryan Felsman පැවසුවේය.

මේ තත්ත්වය පාලනය කිරීමට රජය සෘජුව මැදිහත් විය යුතු බව බොහෝ ආර්ථික විශේෂඥයින් විශ්වාස කරයි.
cheaper fuel
Source: AAP

ඔස්ට්‍රේලියාව තුළ අඩු මිලට පෙට්‍රල් ලබාගත හැකි ස්ථාන සහ දින පිළිබඳ දැනගැනීමට පහත වෙබ් අඩවි වලින් හැකිවේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 15 November 2018 11:46am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service