ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සම්බන්ධ පරීක්ෂණ දැඩි කිරීමේ රජයේ සැලසුම් අත්හැර දැමෙන ලකුණු (SBS සිංහල/වාර්තා)

Australian citizenship

Source: SBS

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සම්බන්ධව ක්‍රියාත්මක පරීක්ෂණ දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කළ සැලසුම අතහැර දැමෙනු ඇතැයි වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් ඇතුළු දැඩි කොන්දේසි කිහිපයක් සමග ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සම්බන්ධ නීති සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසර දෙක ඇතුළත උත්සාහ ගත්තේය.
Australian citizenship
Source: SBS

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සම්බන්ධ නීති සංශෝධනය

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සම්බන්ධ දැනට පවතින ක්‍රමවේදය සංශෝධනය කරමින් ඒ සඳහා වන කොන්දේසි සහ අවශ්‍යතා දැඩි කිරීමට 2017 වසරේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යෝජනා කළේය.

නමුත් එම යෝජිත වෙනස්කම් සෙනට් සභාවේදී කම්කරු පක්ෂය සහ ස්වාධීන සෙනට් සභිකයින් අතින් පරාජයට පත් විය.

රජය විසින් යෝජිත එම වෙනස්කම් ඉතා දැඩි බව ඔවුන් ප්‍රකාශ කර සිටියේය.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සම්බන්ධ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කළ සංශෝධන පහත පරිදි වේ.

  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට වසර 4 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීම.
  • විශ්ව විද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වය මැනීමේ පරීක්ෂණයකට මුහුණ දිය යුතු වීම.
  • ඔස්ට්‍රේලියානු වටිනාකම් සහ සංස්කෘතිය පිළිබඳ පවත්වන සාමාන්‍ය දැනීම පරීක්ෂණය පුළුල් කිරීම.
එහිදී ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වය සඳහා මධ්‍යම රජය ඉදිරිපත් කළ යෝජනා යටතේ ඉංග්‍රීසි භාෂාව මැන බැලීම IELTS ලකුණු 6 මට්ටමේ තිබිය යුතු බවට වාර්තා විය.

නමුත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එම මට්ටම නැවත IELTS ලකුණු 5 මට්ටම දක්වා පසුව අඩු කිරීමට යෝජනා කළ බවද වාර්තා විය.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මෙම සංශෝධන සිදු නොකරනු ඇතැයි වාර්තා වේ.

Australian citizenship
Source: AAP

සංක්‍රමණිකයින් පිළිබඳ මධ්‍යම රජයේ වැඩපිළිවෙල

ඔස්ට්‍රේලියාවේ ජනගහනය සම්බන්ධ අනාගත සැලැස්ම පිළිබඳ පසුගිය මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මූලික කරුණු ඉදිරිපත් කළ අතර එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman, SBS පුවත් සේවයට පැවසීය.

මේ වන විට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ ක්‍රමවේදය පිළිබද මධ්‍යම රජය අධීක්ෂණය කරමින් සිටින බවත් පුරවැසිභාවය සඳහා ඇති ඉල්ලුම අනුව එය පුළුල් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ නීති සංශෝධනය නොකිරීමට මධ්‍යම රජය තීරණය කිරීම පිළිබඳව Federation of Ethnic Communities’ Councils of Australia (FECCA) සංවිධානය ප්‍රසාදය පළ කර තිබේ.

ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම සංක්‍රමණිකයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් බහුතරයක් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ යෙදී ඇති බවත් FECCA සංවිධානයේ සභාපතිනී Mary Patetsos පැවසුවාය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික කණ්ඩායම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම යෝජනා වලට විරුද්ධව හඬක් නැගීම සම්බන්ධව ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ ඡායා ඇමතිනී Kristina Keneally ද සිය ප්‍රශංසාව පළ කර තිබේ.
Australian citizenship
Source: SBS

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ලැබෙන අයදුම්පත් සලකා බැලීම ආකාර්යක්ෂමයි

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට යොමු කළ අයදුම්පත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නියමිත කාලයට සලකා නොබලන බව නවතම ජාතික විගණන වාර්තාව පසුගිය පෙබරවාරි මාසයේදී හෙළි කළේය.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට තම අයදුම්පත් සලකා බැලීමේ වාරය පැමිණෙන තුරු බලා සිටීමේ කාලය තවත් දිගුවී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.
නමුත් ඔස්ට්‍රේලියාවේ ජාතික විගණකාධිපති විසින් නිකුත් කළ එම වාර්තාව එල්ල කරන චෝදනා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය වසර තුන තුළ ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සහ ප්‍රජා කණ්ඩායම් වල ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට දැඩි ලෙස අවධානය යොමු කිරීමට සිදුවීම ඔවුන් මේ සඳහා නිදහසට කරුණු ලෙස දක්වා ඇත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පතක් සලකා බැලීම සඳහා මේ වන විට මාස 19 ත් 22ත් අතර කාලයක් ගතවන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

Source : SBS සිංහල සේවය / SBS ප්‍රවෘති අංශය 

Australian citizenship
Source: SBS Sinhala

Share
Published 18 June 2019 10:33am
Updated 18 June 2019 12:24pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service