ඔස්ට්‍රේලියාවේ ප්‍රියතම අගමැතිවරයා ලෙස වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් තවමත් ඉදිරියෙන්.

Scott Morrison's lead over Bill Shorten as preferred prime minister

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රියතම අගමැතිවරයා ලෙස වත්මන් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Scott Morrison, විපක්ෂ නායක Bill Shorten ට වඩා ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

Sydney Morning Herald සහ The Age පුවත් පත් විසින් මෙහෙයවූ නවතම මත විමසුමේදී මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව වත්මන් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Scott Morrison හට 45% ක ජනතා මනාපයක් ලැබී ඇති අතර විපක්ෂ නායක Bill Shorten ට 40% ක ජනතා මනාපයක් ලැබී ඇත.

නමුත් පසුගිය මාසයේ පැවති මත විමසුමේදී මොවුන් දෙදෙනා ගේ මනාපය අතර තිබූ වෙනස 11% කි.

මේ අතර ප්‍රධාන පක්ෂ දෙකට ලැබී ඇති ජනතා මනාපය අනුව කම්කරු පක්ෂය ලිබරල් සන්ධානයට වඩා තවමත් 4% කින් ඉදිරියෙන් සිටී.

කම්කරු පක්ෂයට 52% ක ජනතා මනාපයක්ද ලිබරල් සන්ධානයට 48% ක ජනතා මනාපයක්ද මෙවර හිමිව තිබේ.


Share
Published 6 May 2019 10:49am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service