මෙල්බර්න් ගිහින් ලංකාවට ආවේ රැඩිකල් වුනු මල්ලියෙක් : ත්‍රස්ත ප්‍රහාරකයෙකුගේ සොයුරිය කියයි

Sri Lanka attacks

Source: Daily Mirror

ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධවූ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි බවත් ඔහු ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ වෙනස්ම අදහස් ඇති පුද්ගලයෙකු ලෙස බවත් ඔහුගේ සොයුරිය සම්සූල් හිදායා මාධ්‍ය වෙත පවසා තිබේ.

Abdul Lathief Jameel Mohamed නැමති එම මරාගෙන මැරෙන බෝම්බකරු 2009 - 2013 අතර සමයේ මෙල්බර්න් නුවර Swinburne විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා ඇති බව The Australian පුවත්පත වාර්තා කාරයි.

ඉස්ලාම් අන්තවාදී සංවිධාන සමග Abdul Lathief Jameel ගේ සෘජු සම්බන්ධකම් ඇති බවට වසර 2014 දී තොරතුරු ලැබී ඇති බවත් වැඩි දුර වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර තම සොයුරා සාමාන්‍ය ගති පැවතුම් සහිත පුද්ගලයෙකු වූ නමුත් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි පසු ඔහු දැඩි ආගමික මත ධාරියෙකු වූ බවත් ඔහුගේ හැසිරීම් වල ප්‍රධාන වෙනස්කම් දක්නට ලැබුණු බවත් Abdul Lathief Jameel ගේ සොයුරිය සම්සූල් හිදායා Daily Mail පුවත්පතට පැවසුවාය.


Share
Published 26 April 2019 1:01pm
Updated 26 April 2019 1:48pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service