ඔස්ට්‍රේලියාව තුල සංක්‍රමණය නිසා යහපතක්ම සිදු වන බවට බහුතරයක් ජනයා සිතන බවට SBS ආයතනය මගින් සිදු කල Essential Media සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
51% ජනයා මෙහිදී සංක්‍රමණිකයන් ධනාත්මක බවට පවසා ඇති අතර 35%ක් දෙනා එය ඍනාත්මක බවට ත් 14%ක් දෙනා ඒ පිළිබද නිශ්චිත අදහසක් පවසා නැත
සංක්‍රමණය නිසා ආර්ථික වර්ධනයක් සිදු වන බවට බහුතරයක් දෙනා පවසා තිබේ. නමුත් සන්ක්රමනයට් විරුද්ධ පිරිස ප්‍රකාශ කොට ඇත්තේ සංක්‍රමණිකයන් සාමාන්‍ය ජනයා සමග එක්ව කටයුතු කිරීමට අපොහොසත් බවයි.
මෙම මැතිවරණය පුරාම සන්ධාන රජය ප්‍රකාශ කලේ සංක්‍රමණිකයන් නිසා සිඩ්නි මෙල්බන් වැනි ප්‍රධාන නගර වල තදබදය වැඩි වී ඇති බවයි. නමුත් සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ 13%ක් පමණක් එම අදහසින් සිටින බවයි.
සමීක්ෂණය අප්‍රේල් 24 සිට 29 දක්වා 1010 දෙනා සහබාගීත්වයෙන් සිදු කොට තිබේ
රටේ තදබදය අඩු කිරීම සදහා සංක්‍රමණිකයන් 190000 සිට 160,000 දක්වා අඩු කිරීමට රජය තීරණය කොට තිබේ . එසේම අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ ඉදිරි වසර 3 තුල ඔස්ට්‍රේලියාව භාර ගන්න සරණාගතයන් සංඛ්‍යාව 18750ක් ලෙස සීමා කරන බවයි

Source: SBS
නමුත් කම්කරු පක්ශය පවසා ඇත්තේ , සරණාගතයන් සංඛ්‍යාව 18750 සිට 32000 දක්වා වසර 2025-26 වන විට වැඩි කරන බවත් එයින් 27000 රාජ්‍ය අනුග්‍රහයෙන් හා 5000ක් ප්‍රජා අනුග්‍රහයෙන් සිදු වන බවයි
රජයේ මේ තීරනය් පිලිබදව Federation of Ethnic Communities Councils of Australia හි ප්‍රධානී Mary Patetsos පවසා ඇත්තේ සරණාගතයන් සංඛ්‍යාවක් ලෙස නොසලකා ඔවුන්ද පවුල් සහිත මිනිසුන් ලෙස තක්සේරු කල යුතු බවයි
සමීක්ෂණ ප්‍රතිපල
සංක්‍රමණය පිළිබද ආකල්ප?
- ධනාත්මක 51%
- ඍනාත්මක 35%
- අදහසක් නැති 14%
සංක්‍රමණයෙන් ඇති ප්‍රධාන වාසිය?
- ආර්ථික වර්ධනය 43%
- බහු සන්ස්ක්රුතිකත්වය 31%
- ශ්‍රම හිඟය පිරවීම 11%
- ගෝලීය ගැටළු වලට විසදුමක් 9%
- වියපත් ජනගන්ය සදහා සැලසුමක් ලෙස 5%
සංක්‍රමණය නිසා වන ගැටළු ?
- ඔවුන් සාමානය ජනයා සමග සම්බන්ධ වීමේ අපහසුව 37%
- ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා පැහර ගැනීම 22%
- ඔස්ට්‍රේලියාව් ත්‍රස්ත ක්‍රියා වැඩි වීම 19%
- තදබදය 13%
- ආරක්ෂාවට තර්ජන 8%
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)