ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවේ ඉදිරි වසර 3 පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලැබුණු අලුත්ම නිර්දේශ මෙන්න. (SBS සිංහල/වාර්තා)

Skilled Migrant

Source: AAP

ඔස්ට්‍රේලියාවේ 2019-20 සංක්‍රමණික වැඩසටහන සඳහා Business Council of Australia හෙවත් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික සභාව තම නිර්දේශයන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සමාගම් වල ප්‍රවීණයින්ගෙන් සමන්විත මෙම ව්‍යාපාරික සභාව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ සාමාජීය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී සහ සංශෝධනය කිරීමේදී ඉතා ඉහළ දායකත්වයක් සපයයි.
Migration Program
Source: www.bca.com.au

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 කි.

එයින් නිපුණතා සංක්‍රමණිකයින් හට 128,550 ක ඉඩක් හිමිවන අතර ඉතිරිය පවුල් වීසා යටතේ පැමිණෙන උදවිය පිණිස වෙන් කර තිබේ.

නමුත් ඔස්ට්‍රේලියාවට බාරගන්නා නිපුණතා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණයේ අවම මට්ටම පසුගිය වසරේ ටර්න්බුල් පාලන සමයේදී වාර්තා විය.
ඒ අනුව පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකර දුන් ප්‍රමාණය 163,000 කි.

එම සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය වසරේදී නිපුණතා වීසා 12,000 ක් පමණද family වීසා 8,000 ක් පමණද අඩුවෙන් නිකුත් කර තිබේ.

හිටපු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය හා වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton මේ සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
www.bca.com.au
Source: Getty Images

සංක්‍රමණික වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික සභාවේ නිර්දේශ

  • 2019-20, 2020-21 සහ 2021-22 යන වසර ත්‍රිත්වය සඳහාම ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 මට්ටමේම පවත්වාගත යුතුය.
  • එයින් නිපුණතා සංක්‍රමණිකයින් හට 128,550 ක ඉඩක් ලබා දිය යුතු අතර ඉතිරිය පවුල් වීසා යටතේ පැමිණෙන උදවිය පිණිස ලබා දිය යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොළේ ඇති ශ්‍රම හිඟයට සාපේක්ෂව නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා අයදුම්පත් සලකා බැලිය යුතුය.
  • දැනට පවතින employer-sponsored visa කෝටාව වන 48,250 එලෙසම තබා ගත යුතුය.
  • 2017-18 වසරේදී employer-sponsored visa 35,528 ක් පමණක් ලබාදීම පිළිබඳ කරුණු සෙවිය යුතුය.
  • 2019-20 දී employer-sponsored visa සඳහා අයදුම්පත් සලකා බැලීමේදී අනවශ්‍ය ප්‍රතිපත්ති සහ රෙගුලාසි ඉවත් කළ යුතුය.
  • Temporary Skill Shortage (TSS) වීසා හරහා ස්ථිර සංක්‍රමණික වැඩසටහන (ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම) වෙත සුදුසුකම් ලැබිය හැකි වැඩි වෘත්තීන් සංඛ්‍යාවක් නිර්මාණය කළ යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වීසා අයදුම්පත් සලකා බැලීමේදී වියදම් අවම නමුත් වේගවත් ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජනගහනය සඳහා මුහුණ දීමට යටිතල පහසුකම් ඉදිකිරීම්, නව අධ්‍යාපන, පුහුණු, සෞඛ්‍ය අවස්ථා සාපේක්ෂව වර්ධනය කළ යුතුය.
www.bca.com.au
Australian PM - Scott Morrisson. Source: AAP

සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමේ අගමැතිගේ යෝජනාව

ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය වසරේ නොවැම්බර් මස පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් එනිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

තවද, පොදු ප්‍රවාහන සේවාවන් වල මගී තදබදයද ජනගහන වර්ධනය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන බව ඔහු පැහැදිලි කළේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 February 2019 7:34am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service