ඔස්ට්‍රේලියාවට පැමිණීමට හඳුන්වා දුන් නවතම වීසා වර්ග දෙකෙහි විස්තරේ මෙන්න SBS සිංහල වෙතින්

මෙතෙක් කලක් විදේශ ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවේ සේවා ආයතන සඳහා ගෙන්වා ගැනීමට සකසා තිබු 457 වීසා ක්‍රමය පසුගිය මාර්තු 18 දින සිට අවසන් වූ බැවින් මෙම නව වීසා වැඩසටහන රජය විසින් ආරම්භ කර ඇත.

Two latest Australian visas which offer highly-skilled migrants.

Source: SBS

ලොව අන් රටවල් සමග කරට කර තරග කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම සතිය මුල සිට නව වීසා වර්ගයක් හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව මෙරට සමාගම් වෙත ඉහළ නිපුණතා වලින් සපිරි විදෙස් ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවේ සේවයට ගෙන්වා ගැනීමට මේ අනුව හැකි වේ.

නමුත් වසරකට ඩොලර් 180,000 කට වඩා වැඩියෙන් වැටුප් ගෙවනු ලබන රැකියා සඳහා පමණක් මෙම ක්‍රමයට ඇතුළත් බවද රජය පවසයි.

මෙතෙක් කලක් විදේශ ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවේ සේවා ආයතන සඳහා ගෙන්වා ගැනීමට සකසා තිබු 457 වීසා ක්‍රමය පසුගිය මාර්තු 18 දින සිට අවසන් වූ බැවින් මෙම නව වීසා වැඩසටහන රජය විසින් ආරම්භ කර ඇත.
new visa for jobs over $180,000
Source: SBS

නව වීසා ක්‍රමයට අයත් රැකියා වර්ග මොනවාද?

තාක්ෂණික, විද්‍යා සහ ඉංජිනේරු යන අංශ ප්‍රධාන කොටගෙන මෙම වීසා නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරයි.

Global Talent Scheme වැඩසටහන යටතේ මෙම වීසා නිකුත් කෙරෙන අතර  ඔස්ට්‍රේලියාවේ සමාගම් වෙත ඉහළ දක්ෂතා වලින් පිරිපුන් විදෙස් ශ්‍රමිකයින් අනියුක්ත කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

තවත් අලුත් වීසා වර්ගයක්.

ඉහත සඳහන් කළ වීසා වර්ගයට අමතරව ජෛව වෛද්‍ය විද්‍යාව, කෘෂිකාර්මික විද්‍යාව වැනි විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිතය අංශවල අලුතින් ආරම්භ කළ සමාගම් සඳහා ද සේවකයින් බඳවා ගැනීමේදී විදෙස් ශ්‍රමිකයින් සඳහා අනුග්‍රහය සැපයීමට අදාළ වීසා වැඩසටහනක්ද ඔස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී තිබේ.

මෙම වීසා ඛාණ්ඩ ද්විත්වය සඳහා ම අයදුම් කරන අයදුම්කරුවන් හට අදාළ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 3 ක හෝ පළපුරුද්දක් තිබීම සහ අනුග්‍රහය සපයන සමාගම පළමුව ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රමිකයින් ව බඳවා ගැනීමට උත්සාහ දරා ඇති බව පෙන්වීම වැනි අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුව තිබේ.

කොන්දේසි

මෙම වීසා වර්ග නිකුත් කිරීමේදී මුළු වීසා ගණන පිළිබඳ මේ වන විට සීමාවක් (a cap ) පනවා නොමැත.

නමුත් තමන් කොපමණ විදෙස් ශ්‍රමිකයින් ප්‍රමාණයක් අනියුක්ත කරගන්නවාද යන්න සඳහා එක් එක් සමාගම් සඳහා සීමාවක් පනවා තිබේ.

දැනට ක්‍රියාත්මක වන ව්‍යාපාර (සමාගම්) සඳහා වසරකට ඉහත අවශ්‍යතා සපුරන ඉහළ නිපුණතා සහිත විදේශ ශ්‍රමිකයින් 20 ක් අනියුක්ත කරගැනීමට ඉඩ සැලසේ.

මේ අතර ආරම්භක සමාගම් (start-ups) සඳහා වසරකට ඉහත අවශ්‍යතා සපුරන ඉහළ නිපුණතා සහිත විදේශ ශ්‍රමිකයින් 05 ක් අනියුක්ත කරගැනීමට ඉඩ සැලසේ.

අදාළ ව්‍යාපාර වල මුළු පිරිවැටුම ඩොලර් මිලයන 4 ක අවමයක්  විය යුතු වන අතර අනියුක්ත කරගන්නා එක් ශ්‍රමිකයෙක් හට වසරකට ඩොලර් 180,000 කට අධික වැටුපක් ගෙවිය යුතු වේ.

මෙම නව වීසා වර්ග වල සම්පූර්ණ විස්තර සහ කොන්දේසි ඉදිරි මාස කිහිපය තුළ සකසා අවසන් කිරීමට නියමිත අතර එළඹෙන ජූලි 01 වන දින සිට වසරක කාලයක් උදෙසා මෙහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

*****************************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) - (select radio 2)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

********************************************************************************


Share
Published 21 March 2018 11:53am
Updated 21 March 2018 5:54pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service