ගුවන් මගීන්ට ගුවන් යානයක තිබිය යුතු බවට සිතුනු අසාමාන්‍ය දේවල් මෙන්න. (SBS සිංහල/වාර්තා)

Air Travel

Will Air-Travel resume next year? Source: AAP

ගුවන් ගමනකදී මගීන් හට භාවිත කිරීමට ඇති පහසුකම් සහ උපකරණ අනෙක් ප්‍රවාහන මාධ්‍යන්ට අනුව සීමිතය.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

නමුත් ඇතැම් ගුවන් මගීන් ගුවන් ගමනකදී විවිධ වූ සේවාවන් හා පහසුකම් ගුවන් කාර්යය මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.
Air Travel
Source: Flickr

ගුවන් මගීන්ගේ අසාමාන්‍ය ඉල්ලීම්

ගුවන් යානයක දැනට තිබෙන උපකරණ සහ අංග වලට අමතරව තවත් කුමන ආකාරයේ සේවාවන් සහ උපකරණ අවශ්‍යද යන ප්‍රශ්නය පසුගියදා Qantas ගුවන් සේවය තම ගුවන් මගීන්ගෙන් විමසා සිටියේය.

Qantas යනු ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වේ.

එහිදී අදාළ ගුවන් මගීන් විවිධ ඉල්ලීම් සිදුකර තිබුණේ පහත අයුරිනි.
Air Travel
Source: Flickr

ව්‍යායාම් කරන ස්ථානයක්

ඇතැම් ගුවන් ගමන් ඉතා දිගු ඒවා බැවින් එකම ඉරියව්වකින් සිටීම ඉතා අපහසු නිසා ගුවන් යානයේ ව්‍යායාම කිරීමට ස්ථානයක් තිබෙනවා නම් ඉතා හොඳ යයි බොහෝ ගුවන් මගීන් යෝජනා කර තිබේ.

ව්‍යායාම් බයිසිකල් එකක් හෝ stretching කිරීමට වෙන්වූ ඉඩක් අවම වශයෙන් හෝ තිබීම වඩා යෝග්‍ය බව ඔවුන්ගේ අදහස විය.

මනස සන්සුන්ව තබාගැනීමට ස්ථානයක්.

ගුවන් යානය තුළ මනස සහ කය සන්සුන්ව තබා ගැනීමට ස්ථානයක් බොහෝ දෙනා ඉල්ලා තිබේ.

එමෙන්ම අවම වශයෙන් තම ගුවන් මගී අසුනේ සිටම හෝ ශ්‍රව්‍ය මාධයෙන් මනස සන්සුන් කරගැනීමට අදාළ සංගීත ඛණ්ඩ සැපයීමද කම් නොමැති බව ඔවුන් පවසා ඇත.
Air Travel
Source: SBS

හොඳ කන් යොමු

පිටතින් ශබ්දය පැමිණීම වළක්වන උසස් තත්ත්වයේ headphones හෙවත් කන් යොමු ගුවන් යානයේදී ලබා දෙන ලෙස බහුතරයක් ගුවන් මගීහු පවසා සිටියහ.

බොහෝ ගුවන් යානා වල මෙවැනි ඉතා උසස් තත්ත්වයේ headphones ලබා දෙන්නේ ව්‍යාපාරික පන්තියේ මගීන්ට පමණි.

අවන්හලක්

ගුවන් යානයේ ආහාර ලබා දෙන නමුත් ඇතැම් විට එම ආහාර ලබා දෙන වේලාවේදී ඔබට කුස ගිනි නොදැනෙනු ඇත.

එනිසාම ඔබට අවශ්‍ය වේලාවට ආහාර ගැනීම සඳහා ගුවන් යානය තුළ අවන්හලක්ද තිබීම අවශ්‍ය බව බොහෝ දෙනා පවසා තිබේ.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


 


Share
Published 27 February 2019 5:31pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service