ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර ගැන තොරතුරු කලින් ලැබුණත් ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම බරපතලයි : අගමැති රනිල්.

Sri Lanka bomb blast situation

Source: Getty Images

ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම් සිද්ධි පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතළ කාරණයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ මාධ්‍ය අමතමින් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු විමසා බැලිය යුතු බවත්, තමා ඇතුළු ඇමතිවරු මේ ගැන දැනුවත් නොවීමත් එයට හේතුවක් බව ද අගමැතිවරයා එහිදී සඳහන් කලේය.

මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ යම් ත්‍රස්ථාවදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් උත්සහ ගන්නේ නම් දේශීය හා විදේශීය සහයෝගය මත එය මැඩපැවැත්වීමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ අතර ඊයේ (21/04) සිදුවූ පිපිරීම් මාලාව පිළිබඳ ඇසීමට ලැබෙන ඇතැම් කරුණු  සලකා බැලීමේදී අදාළ අංශ විසින් දරුණු ලෙස වගකීම් පැහැර හැරීමක් සිදුකොට ඇතැයි සැකයක්  මතුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ මාධ්‍ය හමුවකදී පැවසුවේය.

රෝගාතුරව කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන තම පියා තමන්ට පාස්කු ඉරිදා පල්ලි නොයන ලෙසට අවවාද කළ බවත් අමාත්‍යවරයා එහිදී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණි.

මේ අතර මෙම ප්‍රහාර පිළිබඳ රජයේ අංශ වෙත කලින් දැනුවත් කිරීම් කර තිබු බව අමාත්‍ය මනෝ ගනේෂන් ද ඊයේ ප්‍රකාශ කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 22 April 2019 10:35am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service