ත්‍රස්තවාදීන් මර්ධනයට විදේශීය හමුදා අනවශ්‍ය බවට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් වෙත දන්වයි (SBS සිංහල/ වාර්තා)

sl

Source: colombo gazzette

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායම් මර්ධනයට විදේශීය හමුදා අනවශ්‍ය බවට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රටේ ඇති වූ තත්වය පාලනය කිරීම පිලිබදව එක්සත් ජාතීන්ගේ lliance of Civilizations පිළිබද ලේඛම් Miguel Angle Moratinos විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ප්‍රශංසා කර ඇති බවද වාර්තා වේ .

ස්පාන්ඥයේ හිටපු විදේශ අමාත්‍යවරයා වන Moratinos මහතා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ ජනපතිවරයා හමුවී තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව නිරතුරුවම අන්තවාදී ඉස්ලාමීය ක්‍රියා සමනයට කටයුතු කරන බවයි. එසේම එක්සත් ජාතීන් විසින් ත්‍රස්තවාදී මර්ධනයට සහය පිණිස කණ්ඩායමක් එවීමට ඔහු කැමැත්ත පල කොට තිබේ. එසේම ඔහුගේ රට ස්පාන්ඥයටද වසර 2004 දී මෙවන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව පවසා ඇති අතර ශ්‍රී ලංකාව වැනි සාමකාමී රටවලට මෙවන් ප්‍රහාර එල්ල කිරීම Moratinos විසින් හෙලා දැක තිබේ.

ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ UN Alliance of Civilizations විසින් ආගමික ස්ථාන වල ආරක්ෂාව පිළිබද ඉදිරිපත් කරන බවත් , ජනපතිවරයාගේ නිර්දේශ ද එයට ඇතුලත් කරන බවයි . එසේම ආගම් මුල්කර ගෙන සිදුකරන ඔනෑම ප්‍රහාරයක් ම්ලේච්ච ක්‍රියා වන බවටද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙහිදී ලේඛම් වරයාට ස්තුතිය පල කල ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ විදෙස් සහය අවශ්‍ය වුවත් විදෙස් හමුදාවන් මේ සදහා අවශ්‍ය නොවන බවයි.

එසේම ජනපතිවරයා හා Moratinos මහතා ප්‍රකාශ කලේ සාමය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග හා ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයන් පිළිබදවද සාකච්චා කොට තිබේ

 

Source: Colombo gazzette


Share
Published 1 May 2019 10:57pm
Updated 1 May 2019 11:05pm
By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service