මතකයන් පමණක් ඉතිරි කරමින් ලක්ෂ ගණනකගේ සෝ සුසුම් මැද හින්දි සිනමාවේ වයසට නොයන නිළිය අවසන් ගමන් ගිය හැටි.

Sridevi Funeral

Source: AFP

පසුගිය සති අන්තයේදී ඩුබායි නුවර දී අභාවප්‍රාප්ත වූ ඉන්දියාවේ පළමු සුපිරි තාරාකාවිය ලෙස සැළකෙන ශ්‍රී දේවි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (28/02) රාජ්‍ය ගෞරව සහිතව මුම්බායි නුවරදි සිදුකෙරිණි.

ශ්‍රී දේවිගේ අවසන් කටයුතු සඳහා පවුලේ සාමාජිකයන්, සිනමාකරුවන් සහ නළු නිළියන් මෙන්ම ඇයගේ රසිකයන් දහස් ගණනක් සහභාගී විය.
Sridevi Funeral
A general view of funeral procession of late Indian actress Sridevi Kapoor in Mumbai, India, 28 February 2018. Source: EPA
ඩුබායි හි දී මිය ගිය ශ්‍රී දේවි‍ ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අනිල් අම්බානි මහතාට අයත් පෞද්ගලික ජෙට් යානයකින් ඉන්දියාවට පෙබරවාරි 26 වන දින ගෙන එන ලදී.

එම ජෙට් යානය පසු ගිය ඉරිදා (25/02) සිට ඩුබායි ගුවන් තොටුපොළේ නවතා තිබුණේ ඇයගේ දේහය එරට බලධාරින් විසින් නිදහස් කරන ඕනෑම මොහොතක රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනි.

ශ්‍රී දේවි ගේ සැමියා වන බොනී කපූර් සහ ඔහුගේ පළමු විවාහයේ පුත් අර්ජුන් කපූර් ශ්‍රී දේවිගේ දේහය රැගෙන ඉන්දියාවට පැමිණි අතර අනිල් අම්බානි, ඔහුගේ බිරිය ටීනා අම්බානි සහ අනිල් කපූර් මුම්බායි ගුවන් තොටුපොළේ දී දේහය බාර ගනු ලැබීය.

සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් සහ ඔහුගේ බිරිය ගෞරී, රජිනි කාන්ත්,කමල් හසන්, රන්වීර් සං, දීපිකා පදුකෝන්, තාබු, රේඛා, සහ ෆාරාහ් ඛාන්, ජාවේඩ් අක්තාර්, ෂබානා අස්මි ද ගුවන් තොටුපොළේ සිට නිවස දක්වා දේහය රැගත් අවමංගල රථය සමග ගමන් කළ අතර දේහය ශ්‍රී දේවිගේ නිවහනට ගෙන එන මග දෙපස ශ්‍රී දේවියට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එය දැක බලාගන්නට රැස්ව සිටියහ.
Sridevi Funeral
People gather during the funeral of Indian actress Sridevi in Mumbai, India, Wednesday, Feb. 28, 2018. Source: AP
මහජන ගෞරව දැක්වීම සදහා මුම්බායි ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ තැන්පත් කර තිබු දේහය, අවසන් කටයුතු සිදු කෙරුනු ස්ථානය වෙත රැගෙන ගියේ විදුරු වලින් ආවරණය කරන ලද විශේෂ රථයකිනි.

එහි ශ්‍රී දේවිගේ සැමියා වන බොනි කපුර් සහ ඔහුගේ සොහොයුරු අනිල් කපූර් ඇතුලූ පිරිසක් ගමන් ගත් අතර ඇයගේ දේහය රත්‍රන් සහ රතු පැහැති සාරියකින් සරසවා ඉන්දීය ධජයෙන් ආවරණය කර තිබුණි.
Sridevi Funeral
Actors Anil Kapoor, third left and Arjun Kapoor, second left, stand beside as the body of Indian actress Sridevi covered with the Indian flag is carried in truc Source: AP
ශ්‍රීදේවිගේ දේහය අවසන් වරට දැකබල ගැනීම සඳහා මග දෙපස දහස් සංඛ්‍යාත පිිරිසක් රැස්ව සිටි අතර ඇතැම් අවස්ථාවලදි ඔවුන්ව පාලනය කිරිමට ඉන්දීය පොලිසියට නොහැකි වූ බවද වාර්තා විය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 1 March 2018 12:16pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service