මෙලබර්න් නිවාස වෙළෙඳපොළේ අලුත්ම රැල්ල. (SBS සිංහල/වාර්තා)

මෙල්බර්න් කලාපයේ මෑත ඉතිහාසයට අනුව ජනගහනය වැඩිවෙත්ම පදිංචි වීමට සුදුසු නගර බවට පරිණාමනය කළ ප්‍රධාන උප නගර කිහිපයක් පිළිබඳ වාර්තා වේ.

Melbourne’s next property hot spots

Source: Flickr

මෙල්බර්න් නුවර ජනගහනය පසුගිය අගෝස්තු මස අවසානයේදී මිලියන 5 ඉක්මවූ බව වාර්තා විය.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව මෙල්බර්න් නුවර ජනගහනය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අන් කෙදිනකටත් වඩා ශීග්‍ර ඉහළ යාමක් මෑත කාලයේදී සිදුව ඇත.

මේ හේතුවෙන්ම ජනගහනය අතින් මෙල්බර්න් නුවරට අධික පීඩනයක් එල්ල වෙමින් පවතින අතර ඒ සඳහා විසඳුම් ලෙස නව නගර නිර්මාණය කිරීමට සහ පැරණි නගර සංවර්ධනය කිරීමට මෙල්බර්න් බලධාරීන් හට සිදුව තිබේ.
Melbourne’s next property hot spots
Source: Flickr

මෙල්බර්න් වල නව නගර

මෙල්බර්න් කලාපයේ මෑත ඉතිහාසයට අනුව ජනගහනය වැඩිවෙත්ම පදිංචි වීමට සුදුසු නගර බවට පරිණාමනය කළ ප්‍රධාන උප නගර කිහිපයක් පිළිබඳ වාර්තා වේ.

පළමුව Richmond උප නගරය හැඳින්විය හැකි අතර ඉන් අනතුරුව Brunswick, Port Melbourne, Preston, Coburg සහ Footscray උප නගර හැඳින්විය හැකිය.

මේවා කලක් කර්මාන්ත සහ කාර්මික නගර ලෙස පැවතුණු අතර පසුව ඒවා ජනතාවට පදිංචි වීමට සුදුසු නගර බවට පරිණාමනය විය.

මේ වන විට තවත් කාර්මික කලාපයක් වන බටහිර මෙල්බර්න් කලාපය වෙතද සංවර්ධකයින්ගේ දෑස් යොමුවී ඇති බව Domain වෙබ් අඩවිය වාර්තා කරයි.
Melbourne’s next property hot spots
Source: Flickr

උප නගර ප්‍රවණතාව

මේ වන විට මෙල්බර්න් කලාපයේ බොහෝ ප්‍රදේශ වල අධික ජනගහනයක් පවතින අතර එනිසාම ඒ ප්‍රදේශ වල නිවාස මිල ගණන් ද ඉතා ඉහළ මට්ටමක පවතී.

මෙනිසාම පදිංචි වීමට සුදුසු දැරිය හැකි මට්ටමේ නිවාස මිලක් සහිත නගර වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ට අනුව එම ප්‍රවණතාවට මීළඟට හසුවීමට වඩාත් ඉඩකඩ ඇත්තේ Thomastown, Campbellfield සහ Lalor යන උතුරු මෙල්බර්න් උප නගර වෙයි.

90 දශකයේ මුල් බාගය තෙක් Thomastown හි ජීවත් වීමට ඉතා හොඳ පරිසරයක් තිබූ නමුත් රැකියා සහ කර්මාන්ත වල කඩාවැටීම හේතුවෙන් පසුගිය සමයේදී එහි පසුබෑමක් ඇතිවී තිබුණු බව දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන Anthony D’Ambros පවසයි.

නමුත් මේ වන විට Thomastown ප්‍රදේශය ඒ සියලු බාධක මැඩලමින් නැවතත් සංවර්ධනය වෙමින් පවතින අතර නුදුරේදීම මෙල්බර්න් කලාපයේ සංවර්ධිත උප නගරයක් ලෙස ඉදිරියට එනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම Lalor උප නගරයේද ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වන බවක් පෙනෙන්නට තිබේ.

Thomastown සහ Lalor උප නගර අයත් වන City of Whittlesea කලාපයේ ජනගහනය 2041 වන විට 71% කට වඩා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි.

එමෙන්ම Campbellfield, Cragieburn සහ Roxburgh Park උප නගර අයත් වන Hume City කලාපයේ ජනගහනය 2041 වන විට 66% කට වඩා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Melbourne’s next property hot spots
Source: Wikipedia

අවසාන ප්‍රතිඵලය

ඉහත සඳහන් කළ උප නගර වල ජනගහනය කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් යටිතල පහසුකම්, නිවාස ව්‍යාපෘති, පාසල්, රෝහල් සහ නෙකුත් මානව අවශ්‍යතාවන් ශීග්‍රයෙන් සැපිරීමට අදාළ බලධාරීන් යුහුසුළු වනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මත පළ කරයි.

මේ නිසාම මෙලබර්න් නිවාස වෙළෙඳපොලේ මීලඟ හොඳම ආයෝජන මධ්‍යස්ථාන ලෙස ඉහත නගර හැඳින්විය හැකි බව ඔවුන් පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 13 September 2018 9:37am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service