ඔස්ට්‍රේලියානු රජයට අය විය යුතු මුදල් නොගෙවූ පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කරයි. (SBS සිංහල/වාර්තා)

Government announces travel bans

Government announces travel bans Source: AAP

ඔස්ට්‍රේලියානු රජයට සුබ සාධන මුදල් ගෙවීමට ඇති සියලු ඔස්ට්‍රේලියනුවන් හට ඒවා නැවත ගෙවනතෙක් රටින් පිටවීම තහනම් කර තිබේ.

මේ වන විට ඔස්ට්‍රේලියනුවන්ගෙන් ඩොලර් මිලියන 800 ක් පමණ මුදලක්  ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අයවිය යුතු බව වාර්තා වේ.
Government announces travel bans for welfare debt dodgers.
Source: AAP

රටින් පිටවීම තහනම් කිරීම

පසුගිය දශකය තුළදී විවිධ අන්දමේ විදෙස් ගමන් තහනම් කිරීම් සහ රටින් පිටවීම් තහනම් කිරීම් පැනවීමට ඔස්ට්‍රේලියානු රජයන් කටයුතු කළේය.

ළමා සංවර්ධන සහයක අරමුදල් සඳහා මධ්‍යම රජයට අය විය යුතුව තිබූ මුදල් නොගෙවූ පුද්ගලයින් හට පසුගිය වසරේ ජුනි මාසයේදී රටින් පිටවීමට තහනම් කෙරිණි.

මේ අතර සුබ සාධන දීමනා මීට පෙර ලැබූවන් මධ්‍යම රජයට නැවත ගෙවිය යුතු මුදල් නොගෙවා සිටින විටදී ද ඔවුන්ට රටින් පිටවීමට තහනම් කිරීමට රජය තීරණය කළේය.
Government announces travel bans for welfare debt dodgers.
Human Services Minister Michael Keenan Source: AAP

හිමිකම් නොකියූ සුබ සාධන දීමනා

හිමිකම් නොකියන පුද්ගලයින් හට මධ්‍යම රජය ගෙවන ලද සුබ සාධන දීමනා නැවත ගෙවන ලෙස අදාළ පුද්ගලයින්ට රජය දැනුම් දී තිබේ.

එවැනි පුද්ගලයින් මේ වන විට 150,000 කට අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තා වන අතර ඔවුන්ගෙන් එම අය විය යුතු මුදල් අය කරගැනීමට නියෝග 20 ක් පමණ ලබා දී ඇතැයි මානව සේවා අමාත්‍ය Michael Keenan පැවසීය.

ඔස්ට්‍රේලියාව තුළ සුබ සාධන දීමනා සඳහා හිමිකම් නොකියන පුද්ගලයින් හට අතපසුවීමකින් හෝ සුබ සාධන දීමනා ලැබුණහොත් එම මුදල් නැවත රජයට ගෙවීම ඔවුන් සතු යුතුකමක් බවද මානව සේවා අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වන විට සුබ සාධන දීමනා නිල වශයෙන් ලබමින් සිටින පුද්ගලයින්ට හෝ රජයට අය විය යුතු මුදල් ගෙවමින් සිටින පුද්ගලයින්ට මෙම පනවා ඇති රටින් පිටවීමේ තහනම බල නොපාන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 1 October 2018 6:25pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service