ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් ප්‍රවාහනය කිරීමට පසුගිය වසරේ වියදම ඩොලර් මිලියන 78 ක්. (SBS සිංහල/වාර්තා)

Refugees

Source: SBS

ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින්ව ඔස්ට්‍රේලියාව තුළ සහ පිටත පිහිටි රැඳවුම් මධ්‍යස්ථාන අතර ස්ථාන මාරු කිරීම් වලට සහ පිටුවහල් කිරීමේ කටයුතු සඳහා පසුගිය මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් මිලියන 78 ක් වැය කර ඇති බව SBS පුවත් අනාවරණය කරයි.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නවතම දත්ත ආශ්‍රයෙන් SBS පුවත් අනාවරණය කරන මෙම වියදම් වලට අමතරව සරණාගතයින් සඳහා සැපයු ආහාර පාන මෙන්ම නවාතැන් පහසුකම්ද ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු බව සඳහන්.
Refugees
Source: UNHCR Facebook

ඔස්ට්‍රේලියාවේ සරණාගත වාර්ෂික වියදම්

2017- 2018 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් මිලියන 78 ක් වැය කර ඇති නමුත් ඊට පෙර මුල්‍ය වර්ෂයේදී සරණාගතයින් සඳහා ඩොලර් 97 ක් වැය කර ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ස්වභාවික විපත් වලදී සහන සැලසීමට ඩොලර් මිලියන 17 ක් ද ඔස්ට්‍රේලියාවේ කිරි ගොවීන්ගේ අර්බුදය විසඳීම උදෙසා කිරි කර්මාන්තයට ඩොලර් මිලියන 52 ක් ද පසුගිය මුල්‍ය වර්ෂයේ අය වැයෙන් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරුණු අවධියක සරණාගත වියදම දැඩි ලෙස ඉහළ යාම කැපී පෙනෙන කරුණකි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

නමුත් එය එතරම් පුදුම විය යුතු කරුණක් නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහජන කළමනාකරණ සම්බන්ධ මහාචාර්ය Janine O’Flynn, SBS පුවත් වෙත පැවසුවාය.

ලෝකයේ වියදම් අධිකම රැඳවුම් මධ්‍යස්ථාන ඔස්ට්‍රේලියාව විසින් ක්‍රියාත්මක කිරීම ඊට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම සරණාගතයින් සඳහා ලොව අනෙකුත් ප්‍රධාන රටවල් වන ඇමෙරිකාව, කැනඩාව සහ අනෙකුත් යුරෝපානු රටවලට වඩා දෙගුණයක් පමණ ඔස්ට්‍රේලියාව වියදම් කර ඇති බවද ඇය පැහැදිලි කළාය.
මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින්ව ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කිරීමට හා ආපසු පිටත් කර හැරීමට ඩොලර් මිලියන 17 ක්ද ඔස්ට්‍රේලියාව අභ්‍යන්තරයේ එහා මෙහා මාරු කිරීමට ඩොලර් මිලියන 30 ක් පමණද ඔස්ට්‍රේලියානු රජය විසින් පසුගිය වසරේදී වැය කර ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.
Refugees
Source: AAP

ලිබරල් සන්ධාන රජය පැමිණි පසුව සරණාගත වියදම් පහළට

වසර 2013 දී ලිබරල් සන්ධාන රජය ඔස්ට්‍රේලියාවේ බලයට පැමිණි පසුව සරණාගත වියදම් පහළ බැස ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා නැවත හරවා යැවීමට ලිබරල් සන්ධාන රජය ගත් තීන්දුවත් සමග එම ප්‍රතිඵලය අත්විය.

නමුත් පසුකාලීනව ඔස්ට්‍රේලියාවේ සරණාගත වියදම නැවතත් ඉහළ යන්නට පටන් ගත්තේය.
2013-14 වසරේදී සරණාගතයින්ව ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කිරීමට හා ආපසු පිටත් කර හැරීමට වියදම ඩොලර් මිලියන 17 ක් දක්වා ඩොලර් මිලියන 5 කින් ඉහළ ගියේය.

ඉරාකය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල සිට නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි බොහෝ පිරිස් එලෙස ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරුණු බව සරණාගතන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෝ SBS පුවත් වෙත පැවසුහ.
Refugees
Source: AAP

මානුස් සහ නාවුරු සරණාගත කඳවුරු

ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් බොහෝ සෙයින් රඳවා ඇති කඳවුරු දෙකක් ලෙස මානුස් සහ නාවුරු සරණාගත කඳවුරු හැඳින්වේ.

මේවා ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටා තිබේ.

2017 ඔක්තෝබර් 31 වන දින මානුස් දූපතේ පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් වසා දැමුණි.

මේ අතර 2018 ඔක්තෝබර් 21 වන දින වන විට නාවුරු දූපතේ රඳවා සිටින සරණාගතයින් සංඛ්‍යාව 1,278 ක් බව ඔස්ට්‍රේලියාවේ සරණාගත සභාව පවසයි.
නාවුරු දූපතේ රඳවා සිටි දරුවන් සංඛ්‍යාව ක්‍රමිකව අඩුවෙමින් පවතින බව වාර්තා වන අතර එම දරුවන් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන ඒමට කටයුතු කිරීම ඊට හේතුව වී තිබේ.

නාවුරු දූපතේ රඳවා සිටින සරණාගතයින්ගෙන් වෛද්‍ය සේවා අවශ්‍ය පිරිස් සහ කුඩා දරුවන් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය වෙත රැගෙන එන ලෙසට බල කරමින් පසුගිය මාස කිහිපය මුළුල්ලේම ඔස්ට්‍රේලියාව පුරා විවිධ පිරිස් මධ්‍යම රජයට බල කළේය.

ඔස්ට්‍රේලියානු පාර්ලිමෙන්තුවේද මේ සම්බන්ධයෙන් විවාද කිහිපයක්ම පසුගිය සමයේදී ඇතිවූ අතර පසුගිය සතියේදී ඊට අදාළ පනත් කෙටුම්පතක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

නමුත් මානුස් සහ නාවුරු දූපත් වල වෛද්‍ය සේවාවන් අවශ්‍ය සරණාගත්යින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියට ගෙන ඒමට අවසර දෙන පනත් කෙටුම්පත පහළ මන්ත්‍රණ සභාවේ සම්මත කරගැනීමට විපක්ෂයට කාල වෙලාව හිඟවිය.

ඒ අනුව එය සම්මත කරගැනීමට ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් බලා සිටිය යුතුවේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 18 December 2018 9:42am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service