ලබන මාසයේ පැවැත්වෙන අයවැයේදී ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව පිළිබඳ ගැනීමට යන තීරණය මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ මෙම නවතම වාර්තාව සකස් කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරයේ සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් වන අතර එහි ප්‍රධාන අරමුණ වුයේ ස්ථිර පදිංචිය ලබා සහ තාවකාලික පදිංචිය ලබා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය අඩු කළ යුතු බවට මේ වන විට රජය තුළ ඇතිවී තිබෙන විසංවාදය දුරලීමය.

Australian Migration quota

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් පිළිබඳ බහුලව සාකච්ඡා කෙරෙන වසරක් බවට මේ වන විට 2018 වසර පත්වී තිබේ.

ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන වාර්ෂික සංක්‍රමණික ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු රජයට බොහෝ පාර්ශව වලින් එල්ලවූ යෝජනා මෙන්ම වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 සිට 160,000 ත් 170,000 ත් අතර ප්‍රමාණයකට අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය සතියේ තීරණය කිරීමත් සමග මේ සම්බන්ධ කතා බහ තවත් උණුසුම් වන්නට විය.

නමුත් ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරය සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයක වාර්තාව පසුගිය අඟහරුවාදා (17/04) එළි දැක්වීමත් සමග මෙම සාකච්ඡා වෙනත්ම දිශාවකට යොමු වූ බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවන බදු ප්‍රමාණය හා සසඳා බලන කල ඔවුන් රජයෙන් ලබා දෙන සේවාවන් ඉතා අඩුවෙන් භුක්ති විඳින බවත් ඔවුන් ඔස්ට්‍රේලියාවේ රජයට බරක් නොවී ජීවත් වන බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

නමුත් සමාජයේ ඇතැම් පාර්ශව ඊට විරුද්ධව අදහස් දක්වමින් පවසා සිටියේ සංක්‍රමණිකයින් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනගහනය වැඩිවන අතර එනිසාම නිවාස මිල ඉහළ යාම, තදබදය වැඩිවීම සහ පාරිසරික බලපෑම අධික වීම සිදු වන බවය.
Migration quota
Source: SBS

සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු රජයට ආදායමක්

The Age පුවත්පත අනාවරණය කරන පරිදි ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා පැමිණි නිපුණතා සංක්‍රමණිකයින් තම ජීවිත කාලය පුරා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඩොලර් බිලියන 6.9 ක ආර්ථික ලාභයක් ගෙන දෙන අතර ඔස්ට්‍රේලියාවේ තාවකාලික නිපුණතා සංක්‍රමණිකයින් (temporary skilled migrants) ඩොලර් බිලියන 3.9 ක ආර්ථික ලාභයක් ගෙන දෙයි.

මීට අමතරව family stream වැඩසටහන යටතේ පැමිණෙන සංක්‍රමණිකයින් ඩොලර් බිලියන 1.6 ක ලාභයක් ගෙන දෙන බවද The Age පුවත්පත සඳහන් කරයි.
Australian Migration quota
Source: SBS

මහා භාණ්ඩාගාරය සහ සංක්‍රමණික වාර්තාව

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ මෙම නවතම වාර්තාව සකස් කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරයේ සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් වන අතර එහි ප්‍රධාන අරමුණ වුයේ ස්ථිර පදිංචිය ලබා සහ තාවකාලික පදිංචිය ලබා  ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය අඩු කළ යුතු බවට මේ වන විට රජය තුළ ඇතිවී තිබෙන විසංවාදය දුරලීමය.

මේ වාර්තාව පසුගිය අඟහරුවාදා එළිදැක්විය යුතු බවට තීරණය කරනු ලැබුවේ භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison ය.

මේ අනුව සංක්‍රමණික කෝටාව අඩු කිරීමට රජයට එල්ල වන බලපෑම් පසෙක ලා එහි වාර්ෂික අගය 190,000 සීමාවේම තබා ගැනීමට එළඹෙන මැයි මස ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අයවැයෙන් බලාපොරොත්තුවන බව The Age පුවත්පත වාර්තා කරයි.
Treasurer Scott Morrison
Treasurer Scott Morrison Source: AAP

නිවාස සහ යටිතල පහසුකම් ගැටළු වලට සංක්‍රමණිකයින් ට දොස් නැගීම වැරදියි.

ඔස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුදයට සහ යටිතල පහසුකම් ගැටළු වලට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට දොස් නැගීම වැරදි බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජනවිකාස විද්‍යාඥවරියක් වන Liz Allen පවසයි.

එම ගැටළු වලට වගකිය යුත්තේ ඒ හා සම්බන්ධව ඇති අරමුදල් සැපයීමේ විධි සහ ප්‍රතිපත්ති මිස සංක්‍රමණිකයින් නොවන බව ඇය පෙන්වා දෙන අතර සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට පැහැදිලි ධනාත්මක දායකත්වයක් ලබා දෙන බවද පෙන්වා දෙයි.

වසරකට 150,000 ක්ව පැවති ඔස්ට්‍රේලියාවේ ස්වභාවික ජනගහන වර්ධනය සමානුපාතිකව පහත වැටී ඇති බව පසුගිය අඟහරුවාදා (17/04) භාණ්ඩාගාරික අමාත්‍ය Morrison  පැවසුවේය.

ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය සුළු වශයෙන් වෙනස් වී ඇති බවත් තාවකාලික වීසා මත පැමිණෙන සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දී ඇති බවත් සඳහන්.

මේ අතර මානුෂීය පදනම මත ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන සංක්‍රමණිකයින් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 2.7 ක පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර එයින් තුනෙන් එකක්ම පළමු වසර 5 තුළ ඔවුන්ව නැවත ස්ථාපිත කිරීමේ කටයුතු සඳහා වැයවී ඇති බවද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 19 April 2018 11:31am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service