ඔබත් කුඩා කල ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා නොගත් වැඩිහිටියෙක්ද ? දැන් ඒ සදහා කල යුත්තේ කුමක්ද? (SBS සිංහල වාර්තා)

ඔබත් කුඩා කල ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා නොගත් වැඩිහිටියෙක්ද ? දැන් ඒ සදහා කල යුත්තේ කුමක්ද? මේ ප්‍රශ්න සදහා මේ ලිපියෙන් අප ඔබට පිළිතුරු ලබා දෙන්න සුදානම්.

Doctors in India have developed a new male-contraceptive injection that would provide men with years of fertility control.

Doctors in India have developed a new male-contraceptive injection that would provide men with years of fertility control. Source: Getty Images

Medical Journal of Australia නම් වෛද්‍ය සඟරාව මෑතකදී නිකුත් කල දත්ත වලට අනුව ඕස්ට්‍රේලියානුවන් මිලියන 4.1ක් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගෙන නොමැති අතර, ඒ අතරින් 92%ක් (මිලියන 3.8ක් ) වැඩිහිටියන් බව සදහන්. ළමුන් සහ ළදරුවන් සදහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා දීම පිලිබදව බහුලව කතා බහ වුවත්, ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා නොගත් වැඩිහිටියන් පිලිබදව වැඩි අවධානයක් යොමුව නැති බව වෛද්‍යවරුන් පවසයි.

වැඩිහිටියන් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගෙන නොතිබීමට කාරණා  කීපයක් හේතු විය හැකියි. ප්‍රතිශක්තිකරණ ඖෂධ පළමු මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව අයහපත් ප්‍රතික්‍රියාවක් දැක්වීම හේතුවෙන් ඔවුන් කුඩා කාලයේදී ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමට දෙමාපියන් මැලිකමක් දැක්වීම මෙහිදී එක්  හේතුවක් බවට පත්විය හැකියි. තවද ලොව වෙනත් රටක යම් රෝගයක් බෝ වීම ඉතා අඩු අවධානම් සහගත තත්වයක පැවතිය හැකි හෙයින් ඒ සදහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොතිබීම හේතු විය හැකියි.

ජාතික ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ (National Centre for Immunisation Research and Surveillance) අංශයේ මහාචාර්ය Nicholas Wood පවසන්නේ, මෙවැනි තත්වයක පසුවන කෙනෙක් පළමුවෙන්ම වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබාගැනීම වැදගත් බවයි. ගල පටල රෝගය (diphtheria) , කක්කල් කැස්ස (whooping cough), සහ පිටගැස්ම (tetanus) යන රෝග තත්වයන් සදහා  රතිශක්තිකරණ ඖෂධ මාත්‍රාවන් කීපයක් ලබාදිය යුතු බවත් එය වෛද්‍යවරයෙකු හමු වී සාකච්චා කිරීම වැදගත් බවත් මහාචාර්ය Nicholas Wood ගේ මතය වී තිබේ. තවද සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා සහ පැපොල යන රෝග තත්වයන් සදහාද ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීම වැදගත් බව ඔහු පවසයි. මෙහිදී ප්‍රතිශක්තිකරණ ඖෂධ අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමට රුධිර පරීක්ෂාවක් සිදු කිරීම එක්  ක්‍රමවේදයක් බව මහාචාර්ය Nicholas Wood පවසයි.

තවද කුඩා කල සරම්ප හෝ පැපොල වැනි රෝග තත්වයන්ට ගොදුරුව ඇත්නම් ඒ සදහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීමෙන් බොහෝ දෙනෙක් වැලකි සිටින අතර, අදාල රෝග තත්වය කුඩා කලදී වැළදී  ඇති බව වෛද්‍ය පරික්ෂයකින් අදාල අවස්ථාවේ ස්ථිර කර තිබීම වැදගත් බව වෛද්‍ය මතය වී තිබේ. එසේ නොමැති නම් තම දෙමාපියන් ඒ පිලිබදව අනුමාන කිරීම ප්‍රමාණවත් නොවන බවත්, ස්ථිර ලෙස ඒ පිලිබදව තොරතුරු නොදන්නේ නම් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීම යෝග්‍ය  බවත් මහාචාර්ය Nicholas Wood පවසයි.

තවද සමහරක් පිරිස් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීම හේතුවෙන් අතුරු ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි  බියෙන් ඒ සදහා යොමු නොවන අතර, මෙම ඖෂධ පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මහජනතාවට ලබාදෙන බව මහාචාර්ය Nicholas Wood අවධාරණය කර සිටි. එමෙන්ම පරීක්ෂණ මට්ටමේ ඇති  ඖෂධ මෙලෙස ජනතාවට ලබා නොදෙන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීමේදී ඔබට මුදල් වැයවන්නේ කෙසේද ?

වයස අවුරුදු 20 දක්වා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමේදී පිරිවැය රජය දරන අතර, ඔබ වයස 20ට වැඩිනම් ඔබ නිරතවන රැකියාව හෝ ඔබ සිටින තත්වය මත එය නොමිලේ හිමිවානවද නැද්ද යන්න තීරණය වනු ඇති. උදාහරණයක් ලෙස ඔබ ගර්භනී කාන්තාවක් නම් කක්කල් කැස්ස වැනි රෝග තත්වයන් සදහා ඔබට ප්‍රතිශක්තිකරණ ඖෂධ නොමිලේ ලබාගත හැකියි. තවද සෞඛ්‍ය කේෂ්ත්‍රයේ, පොලිසියේ හෝ ආරක්ෂක අංශ වල රැකියාවල නිරත අයට  විවිධ රෝග සදහා ප්‍රතිශක්තිකරණ ඖෂධ නොමිලේ ලබාගත හැකි බව සදහන්.

තවද යම් යම් රෝග තත්වයන් ඕස්ට්‍රේලියාවේ අවධානම් සහගත තත්වයක නොතිබුණද, විදෙස් රටවල එම රෝග අවධානම් සහගත තත්වයක තිබිය හැකි බැවින් විදෙස් ගත වීමට පෙර ඔබගේ වෛද්‍යවරයා හමු වී ඒ පිලිබදව සාකච්චා කොට අදාල ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීම වැදගත් කරුණක්. තවද සමහරක් අවධානම් සහගත රැකියාවල නිරත අයද  අමතර ප්‍රතිශක්තිකරණය සදහා වෛද්‍යවරයා හමු වී Booster shot ලබාගැනීම වැදගත් බව  මහාචාර්ය Nicholas Wood පවසයි.


Share
Published 24 April 2017 10:27pm
Updated 25 April 2017 8:53am
By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service