ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් ගේ සුබ සාධන දීමනා කප්පාදු කිරීමට රජය තීරණය කරයි. (SBS සිංහල/වාර්තා)

අදාළ සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ පදිංචිය ලබා ගැනීම උදෙසා සහ අනෙකුත් අයිතිවාසිකම් ලබා ගැනීම පිණිස ස්වේච්ඡා නීතිඥයින් ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණයට පවා පැමිණිලි ඉදිරිපත් කරන බවත් ඒ හරහා ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ගේ විශාල මුදලක් නාස්ති එන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Australian Minister for Immigration and Border Protection Peter Dutton addresses an event to mark Refugee Week 2017 at Parliament House in Canberra, Tuesday, June 20, 2017. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Source: AAP

වෛද්‍ය සේවා ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව තුළට පැමිණ සිටින  නීති විරෝධී සංක්‍රමණිකයින් ගේ සුබ සාධන දීමනා කප්පාදු කිරීමට සහ ඔවුන්ට සපයා ඇති රජයේ නිවාස වලින් පිටත්ව යන ලෙස ඔස්ට්‍රේලියානු රජය ඔවුන්ට දැනුම් දී තිබේ.

කෙසේවෙතත්, මේ සඳහා ඔවුන් හට ඊයේ (28/08) සිට සති තුනක කාලයක් ලබා දී ඇති අතර අදාළ සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් තම මව් රටට හෝ නැතහොත් මානුස් හෝ නාවුරු දූපත් වල ස්ථාපිත සරණාගත මධ්‍යස්ථාන වෙත යා යුතු බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසුවේය.

නමුත් ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් පිළිබඳ  නීති මධ්‍යස්ථානය විසින් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර තිබේ.

සති තුනක් ඇතුළත අදාළ පුද්ගලයින් හට නිවෙසක් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බව ඔවුන් පෙන්වා දෙයි.

ඊට අමතරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ඇතැම් සරණාගතයින්ට මෙම තීරණය හරහා දැඩි අසාධාරණයක් සිදු වන බව ද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව රජය ගෙන ඇති මෙම තීරණය අවදානමට ලක්වූ පිරිස් තවත් අසරණ කිරීමක් බවට ඔවුන් චෝදනා කරයි.

නමුත් අමාත්‍ය Peter Dutton එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

අදාළ සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ පදිංචිය ලබා ගැනීම උදෙසා සහ අනෙකුත් අයිතිවාසිකම් ලබා ගැනීම පිණිස ස්වේච්ඡා නීතිඥයින් ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණයට පවා පැමිණිලි ඉදිරිපත් කරන බවත් ඒ හරහා ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ගේ විශාල මුදලක් නාස්ති එන  බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ අතර මෙවැනි තීරණ ඔස්ට්‍රේලියාවේ සදාචාරයට ගැලපෙනවාද යන්න මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට “නීතිඥයින් පිරිසක් මෙම මිනිසුන්ව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ ජීවිතත් සමග සෙල්ලම් කරනවා. මෙමගින් අපේ රටේ සංක්‍රමණික පද්ධතියම විනාශ වීමට පුළුවන්. ඔස්ට්‍රේලියාව කියන්නේ කවදත් නිර්ලෝභී සහ ත්‍යාගශීලී රටක්. නමුත් අපෙන් යුතු ප්‍රයෝජන ගන්න දෙන්න බැහැ.” අමාත්‍යවරයා පැවසුවේය.
නමුත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබඳ තමන් දැඩි ලෙස කණගාටු වන බවත් එය සමාජය නොමග හරින බවත් ඔස්ට්‍රේලියාවේ නීති සභාව පවසයි.

“අපේ නීතිඥයින් සරණාගතයින්ට සහ නීති විරෝධී සංක්‍රමණිකයින් හට උදව් කරන්නේ ඔස්ට්‍රේලියාවේ හා ජාත්‍යන්තර නීතියට අනුවයි. අපේ රටේ නීතියට දේශපාලකයින් සැමදාම ගරු කරපු මහඟු ඉතිහාසයක් අපට තිබෙනවා. නමුත් මේ ප්‍රකාශයත් සමග නීතියේ ස්වාධීනත්වයට අගෞරව කිරීමක් සිදුවෙලා තිබෙනවා.” යනුවෙන්  ඔස්ට්‍රේලියාවේ නීති සභාවේ සභාපතිනි Fiona McLeod පැවසුවාය.
මේ අතර “ඇතැම් සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින්, ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින්ටත් වඩා හොඳින් ජීවිතය ගත කරනවා. නමුත් එම විශ්‍රාමිකයින් ඔවුන්ගේ මුළු ජීවිතය පුරා මේ රටට බදු ගෙවපු පිරිසක් බව අමතක නොකළ යුතුයි.” අමාත්‍ය Peter Dutton වැඩි දුරටත් පැහැදිලි කළේය.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන සංක්‍රමණිකයින් හට කිසිවිටෙකත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය නොලැබෙන බව ඔස්ට්‍රේලියානු රජය දිගින් දිගටම පවසා සිටියි.

Share
Published 29 August 2017 1:15am
Updated 12 August 2022 3:53pm
By Madhura Seneviratne, James Elton-Pym, Rashida Yosufzai
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service