ඩොලර් මිලියන 165 ක මුදල් වංචාවකට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්ගේ පුතු පොලිස් අත් අඩංගුවට.

Crime

Source: ABC Australia

ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 165 ක පමණ මහා පරිමාණ මුදල් වංචාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් Michael Cranston ගේ පුතු, Adam Cranston ඊයේ (17/05) දිනයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධවූ පුද්ගලයින් 9 දෙනාගෙන් Adam Cranston එක් අයෙකු බව පොලීසිය පවසයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය මේ සම්බන්ධයෙන් සිදු කළ හදිසි වැටලීම් වල ප්‍රතිපලයක් ලෙස සිඩ්නි නුවර Bondi වෙරළ තීරය අභියස ඇති Adam ගේ තට්ටු නිවාසයේ සිටියදී ඔහුව මෙලෙස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

30 හැවිරිදි වියෙහි පසුවන Adam Cranston අද (18/05) පස්වරුවේ සිඩ්නි උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.


Share
Published 18 May 2017 9:26am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service