ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය හා සම්බන්ධ දෙවැනි මහජන සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කෙරේ

Vaccines storage Australia.

Deputy PM Michael McCormack, Minister for Regional Health Mark Coulton and DHL Australia CEO inspect fridges used to store Covid-19 vaccines in Sydney, Source: AAP Image/Joel Carrett.

කොරෝනා වයිරසය ලබාගන්නා ලෙස ඔස්ට්‍රේලියානුවාසීන්ව උනන්දු කරවීම අරමුණු කරගත් ඩොලර් මිලියන 31 ක දෙවැනි මහජන සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් දියත් කර තිබේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ ආරම්භකොට ඇති ජාතික එන්නත්කරණ වැඩසටහන පිළිබද මහජනතාවට වැඩි විස්තර ලබා දීම අරමුණු කරගනිමින් මෙම නව ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

Aged care සහ disability care මධ්‍යස්ථාන වල වෙසෙන 8,000 කට අධික පිරිසකට ඇතුළුව ඔස්ට්‍රේලියානුවාසීන් 30,000 කට පමණ පසුගිය පෙබරවාරි 22 සිට මේ දක්වා කොරෝනා එන්නත ලබා දී ඇති බව සඳහන්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියාව ඇණවුම් කළ Oxford-AstraZeneca එන්නතේ පළමු තොගය සිඩ්නි නුවරට ළඟා වෙයි

ඔස්ට්‍රේලියාව ඇණවුම් කළ දෙවැනි කොරෝනා එන්නත් වර්ගය වන Oxford-AstraZeneca එන්නතේ පළමු තොගය ඊයේ සිඩ්නි නුවරට ළඟා විය.

මෙම පළමු එන්නත් තොගයේ මාත්‍රා ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවක් අඩංගු බව වාර්තා වේ.

AstraZeneca එන්නතේ පළමු තොගය පැමිණීම COVID-19 වයිරසයට එරෙහිව ඔස්ට්‍රේලියාව සිදුකරන සටනේ වැදගත් සන්ධිස්ථානයක් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.

ඔස්ට්‍රේලියානුවාසීන් බහුතරයකට ලබාදීමට සැලසුම් කර ඇති AstraZeneca එන්නත මෙල්බර්න් නුවර C-S-L ආයතනය සමග එක්ව ඔස්ට්‍රේලියාව තුළම නිපදවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

ඒ අනුව විදේශයන්ගෙන් එන්නතේ මාත්‍රා මිලියන 3.8 ක් ඔස්ට්‍රේලියාවට ගෙන්වන අතරේ ඔස්ට්‍රේලියාව තුළ එන්නත් මාත්‍රා මිලියන 50 ක් නිපදවීමට රජය අදහස් කරයි.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන මේ වන විට සාර්ථකව ඉදිරියට යන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
Australian Health Minister Greg Hunt speaks to the media during a press conference at Parliament House in Canberra, Tuesday, February 16, 2021. (AAP Image/Lukas Coch) NO ARCHIVING
Australian Health Minister Greg Hunt. Source: AAP

ප්‍රජාව තුළින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 42 වන දිනය පසු කරයි

කිසිදු කොරෝනා ආසාදිතයෙකු ප්‍රජාව තුළින් වාර්තා නොවී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 42 වන දිනය පසු කරයි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පනවා ඇති ඇතැම් කොරෝනා නීති පසුගිය සිකුරාදා සිට තවත් ලිහිල් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

එම නීති ලිහිල් කිරීමත් සමග නිවෙස් වල පුද්ගලයින් 50 දෙනෙකුට රැස්විය හැකි අතර කායවර්ධන පන්ති සඳහා 30 ත් 50 ත් අතර පිරිසකට සහභාගී විය හැකිය.

විවාහ උත්සව වල අමුත්තන් සංඛ්‍යාව තවමත් 300 කට සීමා කර ඇති නමුත් පුද්ගලයින් 30 දෙනෙකුට නර්තනය සඳහා දායක විය හැකිය.

කොරෝනා නීති ලිහිල් කළද වයිරසය පිළිබඳ සහ රෝග ලක්ෂණ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස NSW Health හි වෛද්‍ය Jan Fizzell පැවසුවාය.

Share
Published 1 March 2021 10:28am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service