අය වැය හිඟය පියවීමට වඩා ඔස්ට්‍රේලියාවට AAA දර්ශකයේ ශ්‍රේණිගත කිරීම වැදගත් වෙයි. (SBS සිංහල/වාර්තා)

මේ වන විට පවතින අය වැය හිඟය පියවීම සහ 2021 වසරේ ජුනි 30 වන විට සමතුලිත අය වැයක් ගෙන ඒමට ඇති රජයේ හැකියාව පිළිබඳ සුබ වාදී දැක්මක තමන්නොසිටින බව Standard & Poor ආයතනය පවසයි.

AAA credit rating despite budget deficit

Source: www.investopedia.com

ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්ෂික අය වැය යාවත් කාලීන කිරීම, ඔස්ට්‍රේලියාවේ AAA දර්ශකයට කිසිදු බලපෑමක් සිදු නොකරන බව Standard & Poor ජාත්‍යන්තර ආර්ථික නියෝජිත ආයතනය පවසයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය මාස කිහිපයක් ඇතුළත සුළු වශයෙන් වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට ඇති හෙයින් ඔවුන් ඒ සම්බන්ධව නැවත ඇගයීමක් සිදු කරනු ඇතැයි පැවසේ.

මේ වන විට පවතින අය වැය හිඟය පියවීම සහ 2021 වසරේ ජුනි 30 වන විට සමතුලිත අය වැයක් ගෙන ඒමට ඇති රජයේ හැකියාව පිළිබඳ සුබ වාදී දැක්මක තමන්නොසිටින බව Standard & Poor ආයතනය පවසයි.

ඉදිරි වසර කිහිපය තුළ මුල්‍ය හිඟය අවම කිරීමට රජයේ උනන්දුව සහ හැකියාව පිළිබඳ අප ඉදිරි මාස වලදී නිරතුරුවම අධීක්ෂණය කරන බව ද ඔවුන් පවසයි.

ජාත්‍යන්තර ආර්ථික ශ්‍රේණිගත කිරීමේ තවත් ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Fitch ආයතනයද මෙම මතයේ සිටින අතර ශ්‍රේණිගත කිරීම උදෙසා රටෙහි රාජ්‍ය ණය අනුපාතිකය මධ්‍ය අගයක තිබිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

2020 – 21 වන විට රටෙහි අය වැය, සමතුලිත මට්ටමකට ගෙන ඒමෙහි අරමුණෙහි ඔස්ට්‍රේලියාව සිරවී තිබියදීත් රටෙහි AAA ණය දර්ශකය පහත වැටෙනු ඇතැයි බියකින් පසු වන බව අද (19/12) දිනයේදී පෙනී ගිය බව සඳහන්.

වසර 20 කට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාව සම්පත් මත පදනම් වූ ආර්ථිකයක් භුක්ති විඳි නමුත් දැන් එය පෙර නොවූ විරූ ඉහළ ගිය පතල් ආයෝජන වෙත පරිවර්තනය වෙමින් පවතින බවත් එහිදී පීඩනයට යත්ව ආදායම් සමතුලිත නොවන මට්ටමක පවතින බවත් පෙනී යයි.

ඉකුත් මැයි මාසයේ ඉදිරිපත් කළ අය වැයෙන් ප්‍රකාශිත ඩොලර් මිලියන 36.5ක මුල්‍ය හිඟය අද දිනයේදී ඉදිරිපත් කළ මධ්‍ය වාර්ෂික ඇය වැය යාවත් කාලීන කිරීමේදී 2016/17 වසර තුළ බිලියන 37.1ක් බවට රජය සංශෝධනය කර ඇත.

අය වැය අතිරික්තයට පෙර මීළඟ වසර තුන තුළදී හිඟය තවත් පුළුල් වන බව එයින් පුරෝකථනය වන බව පෙනෙයි.

මෙය යථා තත්ත්වයට ගැනීමට ඔස්ට්‍රේලියාවේ අය වැය ප්‍රතිෂ්ඨාපානය කිරීමට රජය සැලසුම් කර ඇති බව භාණ්ඩාගාර අමාත්‍ය Scott Morrison නිවේදනය කර තිබේ.

බදු ආදායමට යපස් සහ ගල් අඟුරු මිල සහය දක්වනු ඇතැයිද රජය අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම රජය රටෙහි අය වැය සමතුලිත භාවය නොසලකා අතිරික්ත සැලසුම් පිළිබඳ අවධානය යොමු නොකළ හොත් ඔස්ට්‍රේලියාවේ ශ්‍රේණිගත කිරීම පහළ යනු ඇතැයි පසුගිය වසරේ පැවත්වූ තියුණු මැතිවරණ වලින් අනතුරුව Standard and Poor ආයතනය අනතුරු අඟවා තිබුණි.

පසුගිය කාලයේ ඇතිවූ ගෝලීය ආර්ථික අවපාතයේදී පවා AAA ශ්‍රේණිගත කිරීම් සපයන ලොව ප්‍රමුඛතම ආයතන ත්‍රිත්වය වන Standard and Poor, Moody සහ Fitch ආයතන තුනෙහිම ශ්‍රේණිගත කිරීම් ඉහළ මට්ටමක පවත්වාගෙන පැමිණි රටවල් අතලොස්සෙන් එකක් ලෙස ඔස්ට්‍රේලියාව සැළකේ.

සාමාන්‍යයෙන් AAA ශ්‍රේණිගත කිරීම පහත බැසීමෙන් රටෙහි ණය සඳහා ඉහළ පොලියක් ගෙවීමට සිදු වේ.

සෙනට් සභාවේ බහුතරය රජයට නොමැති වීම යනු ඇතැම් වියදම් කප්පාදු කිරීම් අනුමත කරගැනීමට රජය අපොහොසත් වීමය.

ණය සහ මුල්‍ය හිඟය පාලනය කිරීමට දුෂ්කර වීම සහ ඒවායේ ප්‍රති විපාක ලෙස පීඩිත ව්‍යාපාර හා පාරිභෝගික විශ්වාසය පලුදු වීම දැක්විය හැකි අතර එය සැප්තැම්බර් කාර්තුවේදී 0.5ක් ලෙස  වාර්තා වේ.

අය වැය විමර්ශනයෙන් වෙළෙඳ භාණ්ඩ වල මිළ ගණන් අඩු වන ලකුණු.

අද පැවති මාධ්‍ය වාර්ෂික අය වැය යාවත් කාලීන කිරීමේදී ඔස්ට්‍රේලියාවේ විශාලතම භාණ්ඩ අපනයන වල මිල ගණන් සම්බන්ධ පුරෝකථනය පිළිබඳ ගතානුගතික දැක්මක් මධ්‍යම රජය ගෙන තිබේ.

ඉකුත් මැයි මාසයේ අය වැයෙන් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇති විටත් 2017 වසරේ මැයි සහ ජුනි කාර්තු අවසන් වන විට යකඩ ටොන් එකක මිල සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 68 කින් පහත හෙළීමට රජය සැලසුම් කරයි.

එය 2017 සැප්තැම්බර් වන විට ඇමෙරිකානු ඩොලර් 55ක් වන බව සඳහන්.

අවසන් අය වැයෙන් 2016/17 කාලයේ යපස් ටොන් එකක පුරෝකථන මිල පහත හෙලීම ඇමෙරිකානු ඩොලර් 55ක් බව ප්‍රකාශ කෙරුණු නමුත් යකඩ නිෂ්පාදන භාණ්ඩ වෙළෙඳ පොළෙහි මිල ඇමෙරිකානු ඩොලර් 82ක් බවද සඳහන්.

මේ අතර 2017 වසරේ මැයි සහ ජුනි කාර්තු අවසන් වන විට ගල් අඟුරු ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 200 මට්ටමේ පවතීවි යැයි අපේක්ෂිත නමුත් 2017 සැප්තැම්බර් සහ දෙසැම්බර් කාර්තුවලදී එය ඇමෙරිකානු ඩොලර් 120 ක් වනු ඇති බව පැවසේ.


Share
Published 19 December 2016 9:59pm
Updated 19 December 2016 10:02pm
By Madhura Seneviratne
Source: AAP, AFP, SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service