ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය 2022: මැතිවරණය සම්බන්ධව මතක තබා ගත යුතු ප්‍රධාන දින (SBS සිංහල/ වාර්තා)

2022 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සම්බන්ධව මතක තබා ගත යුතු ප්‍රධාන දින පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

The federal election will take place on 21 May.

Source: Jono Searle/Getty Images

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය එළඹෙන මැයි 21 වන දින පැවත්වීමට නියමිතය.

ඒ සම්බන්ධව මතක තබා ගත යුතු ප්‍රධාන දින පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.


Highlights

  • මෙවර නාමයෝජනා ප්‍රකාශ කිරීම අප්‍රේල් 22 දා සිකුරාදා දහවල් 12 ට සිදු කෙරේ.
  • කලින් ඡන්දය භාවිතා කරන ඡන්ද දායකයින්ට මැයි 9 සඳුදා සිට ඒවාට ගොස් තම ඡන්දය භාවිත කිරීමට හැකිය.
  • තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ යුතු අවසාන දිනය මැයි 18 වනදා බදාදා වේ.

නාමයෝජනා හාර දීම සහ ප්‍රකාශ කිරීම

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන ඕනෑම අයෙක් අප්‍රේල් 21 දා බ්‍රහස්පතින්දා දහවල් 12.00 වන විට සිය නාමයෝජනා භාරදිය යුතුය.

නාමයෝජනා භාරදීමෙන් පැය විසිහතරකට පසුව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරයි.

මෙවර නාමයෝජනා ප්‍රකාශ කිරීම අප්‍රේල් 22 දා සිකුරාදා දහවල් 12 ට සිදු කෙරේ.
Voting Centre
Source: AEC

පූර්ව ඡන්ද විමසීම් ආරම්භය (early voting)

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ නියෝජිත Evan Ekin-Smyth ට අනුව ඡන්ද දායකයකු හට කලින් ඡන්දය දීමට තෝරා ගත හැකි හේතු ගණනාවක් තිබේ.

මැතිවරණ දිනයේදී රැකියාවේ යෙදීමට සිදුවීම හෝ දීර්ග කාලීන සෞඛ්‍ය පරීක්ෂණයක් හෝ ශල්‍යකර්මයක් හෝ වෛද්‍ය හමුවීමක් තිබීම වැනි අත්‍යවශ්‍ය මග හැරිය නොහැකි හේතු ඒ අතර වන බව ඔහු පැවසීය.

මැතිවරණ දිනයේදී තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී තමාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට සිතා කලින් ඡන්දය භාවිත කළ හැකි බව Evan Ekin-Smyth පැවසීය.
කලින් ඡන්දය භාවිත කිරීමට ඇති අනුමත හේතු මොනවාද යන්න දැන ගැනීමට ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව කලින් ඡන්දය භාවිතා කරන ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 500 කට වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාව වටා පිහිටුවනු ඇත.

කලින් ඡන්දය භාවිතා කරන ඡන්ද දායකයින්ට මැයි 9 සඳුදා සිට ඒවාට ගොස් තම ඡන්දය භාවිත කිරීමට හැකිය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


තැපැල් ඡන්ද අයදුම්පත් අවසන් කිරීම

මැයි 21 ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඉහත සඳහන් අපහසුතා ඇති පුද්ගලයින්ට තැපැල් ඡන්දය භාවිත කිරීම එක් ප්‍රධාන විකල්පයකි.

තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියේ මෙම පිටුවට පිවිසෙන්න.

තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ යුතු අවසාන දිනය මැයි 18 වනදා බදාදා වේ.

මැතිවරණ දිනය

මැයි 21 වනදා සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිය.

තම ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ වේලාවෙන් හරියටම සවස 6 ට ඡන්ද විමසීම අවසන් වන නමුත් එම අවස්ථාවේ පෝලිමේ සිටින ඕනෑම ඡන්දදායකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

සවස 6 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ වහාම සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ.

මැයි 21 ඡන්ද විමසීමට පෙර ඡන්ද මධ්‍යස්ථානවලදී කලින් බාර ගනු ලැබූ ඡන්දද මැතිවරණ දිනයේ සවස 6 න් පසු ගණනය කිරීම ඇරඹේ.
호주 연방 총선/ Postal Vote Counting In Marginal Seat Of Hasluck Continues
Voters who can not attend a polling place due to COVID-19 can still apply for a postal vote until 18 May Source: Getty Images AsiaPac

තැපැල් ඡන්ද භාර ගැනීමේ අවසන් දිනය

සියලුම තැපැල් ඡන්ද මැතිවරණ දිනයෙන් දින 13 කට නොඅඩු කාලයකට පසුව එනම් මෙම අවස්ථාවේදී ජූනි 3 දා සිකුරාදා වන විට ලැබිය යුතුය.

තැපැල් ඡන්ද ගණන් කිරීමට ඇතුළත් වන්නේ ඒවා මැතිවරණ දිනයේ සවස 6 ට පෙර ප්‍රකාශ කළහොත් සහ ඡන්ද විමසීම අවසන් වී දින 13 ක් ඇතුළත ලැබුණහොත් පමණි.

මැතිවරණ ප්‍රතිඵලය දැනගැනීම

යම් පක්ෂයක් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන ඇතිනම් ඡන්ද මධ්‍යස්ථාන වසා පැය කිහිපයක් ඇතුළත ඡන්ද ප්‍රතිඵලය දැනගත හැකි වනු ඇත.

නමුත් මැතිවරණය තියුණු අවසානයකට පැමිණියහොත් තැපැල් ඡන්ද ගණන් කරන තෙක් අවසන් ප්‍රතිඵලය නිකුත් නොකරෙන අතර එයට දින කිහිපයක් හෝ සති කිහිපයක් ගතවනු ඇත.



Share
Published 19 April 2022 3:32pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service