ඔස්ට්‍රේලියාවේ Partner සහ Parent වීසා පිරිනැමීමේදී මධ්‍යම රජය දෙන සහන දැන් ක්‍රියාත්මකයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ partner සහ parent වීසා අයදුම්කරුවන්ට වීසා ලබාගැනීමට ඔස්ට්‍රේලියාවෙන් බැහැරව යා යුතුය යන නීතිය තාවකාලිකව අත්හිටුවා තිබේ.

Passengers who travelled on Flight SQ237 from Singapore are seen exiting the international arrivals terminal at Tullamarine Airport in Melbourne.

Passengers who travelled on Flight SQ237 from Singapore are seen exiting the international arrivals terminal at Tullamarine Airport in Melbourne. Source: AAP

ඔස්ට්‍රේලියාවේ partner සහ parent වීසා සහන ලබාදීමට අපේක්‍ෂිත ආරම්භක දිනයන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හෙළි කර ඇත.

මෙය අදාළ අයදුම්කරුවන්ට සුබවාදී මෙන්ම අසුබවාදී ප්‍රතිඵල ගෙන දීමට හේතුවී ඇති බව සඳහන්.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ partner සහ parent වීසා අයදුම්කරුවන්ට වීසා ලබාගැනීමට ඔස්ට්‍රේලියාවෙන් බැහැරව යා යුතුය යන නීතිය තාවකාලිකව අත්හිටුවා තිබේ.
  • කොවිඩ් වසංගතය නිසා මෙම සහන ලබාදී ඇත.
  • 2022 මාර්තු 5 සිට ඔස්ට්‍රේලියාවේ හෝ ඉන් පිටත සිටින අයදුම්කරුවන්ට වීසා ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ ස්ථානය කුමක් වුවත් Dependent Child (subclass 445) වීසා බලපත්‍රය ලබා දිය හැකි බව වාර්තා වේ.

Partner සහ Parent වීසා අයදුම්කරුවන්ට සහන

offshore හෙවත් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට partner වීසා සඳහා අයදුම්කර ඇති අයදුම්කරුවන්ට කොවිඩ් වසංගතය අතරතුර වීසා ලබා දීම සඳහා ඔවුන් ඔස්ට්‍රේලියාවේ සිටින විට ඔස්ට්‍රේලියාව හැර නොයා එම වීසා පිරිනැමීම සිදුකරන බවට මධ්‍යම රජය පසුගිය වසර මුලදී නිවේදනය කළේය.

parent වීසා අයදුම්කරුවන්ටද එම සංශෝධනය අදාළ වන බව මධ්‍යම රජය පැවසීය.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවේ partner වීසා සහ parent වීසා සඳහා එම සංශෝධනය ක්‍රියාත්මක වෙමින් පවතී.
Signage for the Australian Government Department of Home Affairs is seen in Melbourne, Saturday, January 15, 2022. Novak Djokovic still faces uncertainty as to whether he can compete in the Australian Open, despite being announced in the tournament draw.
Signage for the Australian Government Department of Home Affairs Source: AAP Image/James Ross

Partner වීසා යටතේ මෙම සහනය අදාළ වන වීසා ඛාණ්ඩ

Partner වීසා යටතේ ඉහත සහනය අදාළ වන වීසා ඛාණ්ඩ පහත පරිදි වේ.

  • child (subclass 101)
  • adoption (subclass 102)
  • dependent child (subclass 445)
  • prospective marriage (subclass 300)
  • partner (subclass 309)
2022 මාර්තු 5 සිට ඔස්ට්‍රේලියාවේ හෝ ඉන් පිටත සිටින අයදුම්කරුවන්ට වීසා ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ ස්ථානය කුමක් වුවත් Dependent Child (subclass 445) වීසා බලපත්‍රය ලබා දිය හැකි බවද ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුව දන්වා සිටී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් Dependent Child (subclass 445) වීසා උප ඛාණ්ඩය තවදුරටත් COVID-19 සහන විධිවිධානවලින් ආවරණය නොවේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Parent වීසා යටතේ ඉහත සහනය අදාළ වන වීසා ඛාණ්ඩ

Parent වීසා යටතේ ඉහත සහනය අදාළ වන වීසා ඛාණ්ඩ පහත පරිදි වේ.

  • parent (subclass 103)
  • contributory parent (subclass 173)
  • contributory parent (subclass 143)
ඊට අමතරව ඔබ ඔස්ට්‍රේලියාව තුළ හිඳ Aged Parent (subclass 804) වීසා බලපත්‍රයක් සඳහා හෝ Contributory Aged Parent (subclass 864) වීසා බලපත්‍රයක් සඳහා හෝ අයදුම් කර ඇත්නම් සහ ඔබ එම වීසා බලපත්‍රය සඳහා 2021 මාර්තු 24 ට පෙර අයදුම් කර ඇත්නම් ඔබ COVID-19 සහන කාලය තුළ අනෙකුත් සියලුම වීසා නිර්ණායක සපුරාලන්නේ නම් ඔබ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින අතරතුර ඔබේ වීසා බලපත්‍රය ලබා දිය හැකි බවද ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුව දන්වා සිටී.





Share
Published 12 April 2022 11:28am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service