Medicare පත් වල රහස්‍ය තොරතුරු පිටවීම පිළිබඳ විමර්ශනය කරන ලෙස ඔස්ට්‍රේලියානු රජයෙන් නියෝගයක්.

Medicare security review

Source: SBS

Dark web ජාලයේ ඔස්ට්‍රේලියානුවන්ගේ Medicare පත් වල අංක අලෙවි කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඔස්ට්‍රේලියානු රජය නියෝග කර තිබේ.

හිටපු රාජ්‍ය සේවා ප්‍රධානියෙකු වූ Peter Shergold විසින් මෙම විමර්ශනය සිදු කරනු ලබන අතර Medicare කාඩ් පතක් නොමැතිව එහි අංකය, වෛද්‍යවරු විසින් පරීක්ෂා කරනුයේ කෙසේද යන්න පිළිබඳ එහිදී සොයා බලනු ඇත.

යම් අයෙකුට හදිසි රෝගාබාධයකට මුහුණ දීමට සිදුවූ විට ඔහුට හෝ ඇයට හැකි විගස ප්‍රතිකාර ක්‍රමයක් Medicare කාඩ් පතක් නොමැතිව වුවද සිදු කෙරෙන අතර කාඩ් පත නොමැතිව අදාළ තොරතුරු සොයාගත හැකි ලෙස එම පද්ධතිය සකස් කර තිබේ.

මෙසේ Medicare කාඩ් පතක් නොමැතිව අදාළ පද්ධතිය දිනකට 45,000 වාරයක් පමණ භාවිත කරන බවද සඳහන්.

මෙම පද්ධතිය වසර 8 ක් පමණ පැරණි වන අතර එය තවදුරටත් භාවිත කරනුයේ නම් එය භාවිතා කිරීමට පහසු ලෙස සැකසිය යුතු වන අතර අධි ආරක්ෂාවකින් යුතු ලෙස සැකසිය යුතු යැයිද ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt  සහ මානව සේවා පිළිබඳ කටයුතු Alan Tudge පැවසුවේය.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති,  Royal Australian College of General Practitioners සහ අනෙකුත් කොටස්කරුවන් සමග Shergold ඉදිරියේදී වැඩ කටයුතු කරනු ලබන අතර ඔහුගේ වාර්තාව එළඹෙන සැප්තැම්බර් 30 වන දින බාර දීමට නියමිතය.


Share
Published 10 July 2017 7:01pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service