කාබුල් ගුවන් තොටුපොළේ ලේ වැගිරෙමින් උදව් ඉල්ලන ඔස්ට්‍රේලියානුවාගේ වීඩියෝව අන්තර්ජාලය කළඹයි (වීඩියෝ සහිතයි)

හසාරා ගෝත්‍රයට අයත් එම පුද්ගලයා තලේබාන් සංවිධානය විසින් අල්ලා ගැනීමෙන් පසුව ඔහුව තලේබාන් අත්අඩංගුවෙන් නිදහස් කළ බවත් එම වීඩියෝව ප්‍රසිද්ධ වීම නිසා ඔහු මේ වන විට සැඟවී සිටින බවත් ඔහුගේ සමීපතමයින් පවසයි.

A screenshot from the viral video

A screenshot from the viral video Source: Supplied

Warning: distressing content

ඇෆ්ගනිස්තානයේ කාබුල් තොටුපොළේදී හිසෙන් ලේ වැගිරෙමින් සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු උදව් ඉල්ලන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ විශාල ලෙස හුවමාරු වෙමින් පවතී.

හසාරා ගෝත්‍රයට අයත් එම පුද්ගලයා තලේබාන් සංවිධානය විසින් අල්ලා ගැනීමෙන් පසුව ඔහුව තලේබාන් අත්අඩංගුවෙන් නිදහස් කළ බවත් එම වීඩියෝව ප්‍රසිද්ධ වීම නිසා ඔහු මේ වන විට සැඟවී සිටින බවත් ඔහුගේ සමීපතමයින් පවසයි.

කෙසේවෙතත්, ඔහු දැඩි අනතුරක බව ද ඔවුන් මේ වන විට ප්‍රකාශ කර ඇත.


Highlights

  • වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඔහුගේ මුහුණ පුරා රුධිරය ගලා යන අතරේ ඔහු කැමරාවට මෙසේ පවසයි: "ඔවුන් මට ගැහුවා, මම ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්".
  • තමන් ගුවන් තොටුපොළට එන විට මෙය සිදුවූ බව ඔහු පවසනවාත් සමගම තුවක්කුවක "කොකා" ගස්වන හඬක් වීඩියෝවෙන් ඇසෙන අතර තත්ත්පර කිහිපයකට පසුව වෙඩි හඬවල් කිහිපයක්ද ඇසෙයි.
  • අදාළ ඔස්ට්‍රේලියානු ජාතිකයා තලේබාන් සංවිධානය විසින් නිදහස් කර ඇති නමුත් ගුවන් තොටුපළට යාම වැළැක්වූ බව ඊයේ (26/08) පෙරවරුවේ ඔහුගේ පවුලේ සමීපතමයෙකු පැවසුවේය.

වයිරල් වූ වීඩියෝව

ආරක්ෂක හේතුන් මත මෙම වීඩියෝවේ සිටින පුද්ගලයා ගේ නම හෙළි කිරීමට SBS පුවත් සේවය තීරණය කර තිබේ.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඔහුගේ මුහුණ පුරා රුධිරය ගලා යන අතරේ ඔහු කැමරාවට මෙසේ පවසයි: "ඔවුන් මට ගැහුවා, මම ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්".

මෙම ඔස්ට්‍රේලියානු පුරවැසියාව මිනිසුන් කිහිප දෙනෙකුම වටකරගෙන සිටින අතර එයින් එක් පුද්ගලයෙකුගේ අතෙහි මැෂින් තුවක්කුවක් ද තිබේ.
ඒ අතර අසල සිටි තවත් පුද්ගලයෙකු, Dari බසින්  කතා කරමින් ඔස්ට්‍රේලියානු ජාතිකයාට වීඩියෝගත කිරීම නවත්වන ලෙස පැවසුවේය.

"මම ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්, මම ඇෆ්ගන් ජාතිකයෙක් නෙමෙයි, ඔවුන් මට පහර දෙනවා," යනුවෙන් එවිට අදාළ ඔස්ට්‍රේලියානු ජාතිකයා Dari බසින් කැමරාවට පැවසීය.

තමන් ගුවන් තොටුපොළට එන විට මෙය සිදුවූ බව ඔහු පවසනවාත් සමගම තුවක්කුවක "කොකා" ගස්වන හඬක් වීඩියෝවෙන් ඇසෙන අතර තත්ත්පර කිහිපයකට පසුව වෙඩි හඬවල් කිහිපයක්ද ඇසෙයි.

ඒ සමගම කාන්තාවකගේ විලාපයක් ද ඇසෙන අතරම වීඩියෝව නිම වෙයි.

ඔහුගේ ඉරණම

Facebook හරහා මෙම වීඩියෝව දුටු තමන්ගේ ඥාතියෙකු විසින් මේ බව දැනුම් දෙන තුරු තමන් සිද්ධිය පිළිබඳ නොදැන සිටි බව වීඩියෝවේ සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ සමීපතම පවුලේ සාමාජිකයෙක් බදාදා (25/08) රාත්‍රියේ SBS  පුවත් සේවයට පැවසීය.

ඊට පසුව පැය කිහිපයක් යනතෙක් ඔහුගෙන් කිසිදු තොරතුරක් නොතිබූ බව ඔහුගේ තවත් සමීපතම පවුලේ සාමාජිකයෙකු පැවසීය.

ඔහු සමඟ කාබුල් ගුවන් තොටුපළට ගිය තවත් ඥාතීන් පස් දෙනෙකු සමඟ කළ සංවාද පදනම් කරගෙන ඔහුව තලේබාන් සටන්කාමීන් විසින් රැගෙන ගිය බව එම පවුලේ සාමාජිකයෝ විශ්වාස කළෝය.

මේ අතර ඥාතීන්ගෙන් ආයාචනා කිරීම් වලින් පසු අදාළ ඔස්ට්‍රේලියානු ජාතිකයා තලේබාන් සංවිධානය විසින් නිදහස් කර ඇති නමුත් ගුවන් තොටුපළට යාම වැළැක්වූ බව ඊයේ (26/08) පෙරවරුවේ ඔහුගේ පවුලේ සමීපතමයෙකු පැවසුවේය.
කාබුල් ගුවන් තොටුපලේ මුරපොලකදී තලේබාන් සටන්කාමීන් තමන්ට පහර දුන් බව ඔහු සමඟ සබඳතා පැවැත්වූ බව පැවසූ ඔස්ට්‍රේලියානු හසාරා ප්‍රජාවේ සාමාජිකයෙකු පැවසුවේය.

ඔහු නැවත ගුවන් තොටුපළට යාමට උත්සාහ කළහොත් අන්තර්ජාලය ඔස්සේ වයිරල් වූ වීඩියෝව නිසා තලේබාන් සටන්කරුවන්ට ඔහුව පැහැදිලිව හඳුනාගත හැකි බැවින් මේ වන විට මෙම පුද්ගලයා සැඟවී සිටින බවත් වාර්තා වේ.

"ඔහු මට කිව්වා, දැන් මාව බේරගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවට විතරයි කියලා." යනුවෙන් ඔස්ට්‍රේලියානු හසාරා ප්‍රජාවේ සාමාජිකයෙකු SBS  පුවත් සේවයට පැවසීය.
Italian coalition forces assist and escort evacuees for onward processing during an evacuation at Hamid Karzai International Airport in Kabul, Afghanistan, Tuesday, Aug. 24, 2021.
نیروهای ایتالیالی در حال همراهی تعدادی از پناهندگان در میدان هوایی کابل، سه‌شنبه، ۲۴ آگست ۲۰۲۱. Source: US Marine Corps

කාබුල් ගුවන් තොටුපොළ ආශ්‍රිතව බෝම්බ පිපිරීම

තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානයෙන් පලා යාමට බලාපොරොත්තුවෙන් කාබුල් ගුවන් තොටුපල ඉදිරිපිට රැස්ව සිටි පිරිසකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ඊයේ (26/08) රාත්‍රියේ පහර දී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සහ පෙන්ටගනයේ බලධාරීන් පවසන පරිදි ඇමෙරිකානු භටයින් 12 දෙනෙකු ඇතුළුව 70 කට වැඩි පිරිසක් මෙම ප්‍රහාරයෙන් මිය ගියගොස් ඇත.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ද්විත්වය කාබුල් ගුවන් තොටුපල ඉදිරිපිට තිබූ ජනයාගෙන් පිරී පැවති ගේට්ටු වලට එල්ල කර තිබේ.

මේ වන විට සිද්ධියෙන් 143 ක් පමණ තුවාල ලබා ඇති බවත් ඇෆ්ගන් බලධාරීහු පවසති.

ඇෆ්ගනිස්ථානයෙන් මිනිසුන් ඉවත් කිරීමේ මෙහෙයුම ඔස්ට්‍රේලියාව අවසන් කරයි

කාබුල්හි ගුවන් තොටුපළට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් මිනිසුන් ඉවත් කිරීමේ මෙහෙයුමෙන් සියලුම ඔස්ට්‍රේලියානු හමුදා ඉවත් වූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තහවුරු කර තිබේ.

ඒ මෙහෙයුමේ අවසාන ගුවන් යානය ඊයේ ඔස්ට්‍රේලියාවට පැමිණි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය Peter Dutton අද (27/08) පෙරවරුවේ තහවුරු කළේය.

මෙම මාරක ප්‍රහාරයට පෙර සියලුම ඔස්ට්‍රේලියානු භටයින් කාබුල් නගරයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ මේ වන විට රැඳී සිටින ඔස්ට්‍රේලියානු වීසා සහිත ඇෆ්ගනිස්ථානුවන්ට සහ ඔස්ට්‍රේලියානුවන්ට කාබුල් ගුවන් තොටුපළෙන් ඈත්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 27 August 2021 10:11am
Updated 12 August 2022 2:59pm
By Rashida Yosufzai, Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service