ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට අදාළ Job Ready වැඩසටහන ජූලි 01 සිට වෙනස් වන අයුරු (SBS සිංහල/ වාර්තා)

2022 ජුනි 30 තෙක් පියවර හතරක් ලෙසට ක්‍රියාත්මක වූ Job Ready වැඩසටහන (JRP) 2022 ජූලි 01 සිට පියවර තුනකට වෙනස් කර තිබේ.

Australia's Job Ready Program (JRP) changed from 1 July

Source: Getty Images/Yuri_Arcurs

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා වන මෙතෙක් කලක් පියවර හතරක් ලෙසට ක්‍රියාත්මක වූ Job Ready වැඩසටහන (JRP) පියවර තුනක වැඩසටහනකට මාරු කර තිබේ.

මෙම සංශෝධනය ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.


Highlights

  • 2022 ජුනි 30 තෙක් පියවර හතරක් ලෙසට ක්‍රියාත්මක වූ Job Ready වැඩසටහන (JRP) 2022 ජූලි 01 සිට පියවර තුනකට වෙනස් කර තිබේ.
  • මෙම සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස Job Ready වැඩසටහනේ පළමු පියවර ලෙස තිබුණු තාවකාලික නිපුණතා තක්සේරුව සඳහා 2022 ජූනි 30 න් පසු නව අයදුම්පත් පිළිගනු නොලැබේ.
  • Job Ready වැඩසටහන හෙවත් JRP යනු රැකියා පදනම් කරගත් කුසලතා ඇගයීමේ වැඩසටහනකි.

Job Ready වැඩසටහන (JRP)

Job Ready වැඩසටහන හෙවත් JRP යනු රැකියා පදනම් කරගත් කුසලතා ඇගයීමේ වැඩසටහනකි.

මෙය ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සුදුසුකම් සහිත ජාත්‍යන්තර ශිෂ්‍ය උපාධිධාරීන් සඳහා තමන්ගේ නිපුණතාව පිළිගැනීමට මෙන්ම පිළිගැනීමක් ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වේ.

Job Ready වැඩසටහ අදාළ අයදුම්කරුවන්ට පහත සඳහන් දේ ලබාදෙයි:

  • කුසලතා වර්ධනය කිරීමට අවස්ථාව
  • ඔස්ට්‍රේලියානු සේවා ස්ථානයක රැකියා පළපුරුද්ද
  • skilled migration වීසා බලපත්‍රයක් සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙත අයදුම් කිරීමට තම කුසලතා තක්සේරු කිරීම
ඔබේ වෘත්තියේ/රැකියාවේ ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට අවශ්‍ය කුසලතා සහ පළපුරුද්ද ඔබට තිබේද යන්න නිපුණතා තක්සේරුවකින් පෙන්වයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


2022 ජූලි 01 සිට සිදු කෙරුණු සංශෝධන

2022 ජුනි 30 තෙක් පියවර හතරක් ලෙසට ක්‍රියාත්මක වූ Job Ready වැඩසටහන (JRP) 2022 ජූලි 01 සිට පියවර තුනකට වෙනස් කර තිබේ.

මෙම සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස Job Ready වැඩසටහනේ පළමු පියවර ලෙස තිබුණු Provisional Skills Assessment හෙවත් තාවකාලික නිපුණතා තක්සේරුව (PSA) සඳහා 2022 ජූනි 30 න් පසු නව අයදුම්පත් පිළිගනු නොලැබේ.
2022 ජූලි 1 සිට, JRP වැඩසටහන් ලියාපදිංචිය සහ සුදුසුකම් මත නව පියවර තුනේ JRP ක්‍රියාවලිය සඳහා අයදුම්පත් බාරගනී.

ඔබ 2022 ජූලි 1 දිනට පෙර Provisional Skills Assessment (PSA) සඳහා අයදුම් කර එහි ප්‍රතිඵලයක් බලා සිටිනවානම්, ඔබේ අයදුම්පත සලකා බලමින් ඇති අතර ඔබට ඔබේ PSA ප්‍රතිඵලය ලැබෙනු ඇත.

ඔබට 2022 ජූලි 1 ට පෙර ඔබේ PSA ප්‍රතිඵලය ලැබී ඇත්නම්, Job Ready වැඩසටහනේ සංශෝධනවලින් ඔබේ ඉදිරි කටයුතුවලට බලපෑමක් ඇති නොවේ.



Share
Published 8 July 2022 1:23pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service