නව බැංකු බද්ද තමන්ට දැරිය නොහැකි බව ඔස්ට්‍රේලියානු ප්‍රධාන පෙළේ බැංකු රජයට දැනුම් දෙයි.

Australia New Bank Levy

Source: Herald Sun

පසුගිය දා ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් යෝජනා කළ නව බැංකු බද්ද හේතුවෙන් ඇතිවන ඩොලර් බිලියන 6.2 ක වියදම තමන්ට දැරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු ප්‍රධාන පෙළේ බැංකු පවසයි.

ඒ අනුව ANZ, NAB, Westpac, Commonwealth යන බැංකු ද Macquarie මුල්‍ය ආයතනයද මේ බව රජයට දැනුම් දී තිබේ.

කෙසේවෙතත්, මෙම බදු පිරිවැය පාරිභෝගික ජනතාවගෙන් අය නොකරගත යුතු බවට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බැංකු ක්ෂේත්‍රයට දැනුම් දී ඇත.

මෙම බදු ප්‍රමාණය අදාළ බැංකු වල ආදායමින් ඉතා සුළු ප්‍රමාණයක් බව භාණ්ඩාගාර සහකාර අමාත්‍ය  Michael Sukkar, ABC පුවත් සේවයට පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම නව බැංකු බද්ද සම්බන්ධයෙන් මහජන මත විමසීමක් පවත්වන ලෙස National Australia බැංකුවේ සභාපති Ken Henry ඉල්ලා සිටියි.

මෙම නව බද්ද හේතුවෙන් National Australia බැංකුවට වසරකට ඩොලර් මිලියන 300 කට අධික ප්‍රමාණයක පිරිවැයක් දැරීමට සිදු වන බවද ආචාර්ය Henry  පෙන්වා දෙයි.

ඔහු මීට පෙර භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

මෙවැනි බදු අවසානයේ දැරීමට සිදුවන්නේ පාරිභෝගිකයින්ට හා කොටස්කරුවන්ට බව අය වැය දින රාත්‍රියේ පැහැදිලි කිරීම රජයේ වගකීමක් බව ද ඔහු පෙන්වා දෙයි.


Share
Published 16 May 2017 12:57pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service