ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා වැඩසටහන් වෙනස් කිරීමට දෙවන වෙඩි මුරයත් නිකුත් වෙයි. (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය වෙනස් කිරීමට යෝජනා කළ දෙවන වාර්තාව මෙය වන අතර පළමු වාර්තාව ඵලදායීතා කොමිසම විසින් පසුගිය සැප්තැම්බර් මස ඉදිරිපත් කරන ලදී.

Australia’s Temporary Visa Programs going to be rebalanced ?

Source: SBS

ඉදිරි වසර 40 පුරාවට නිපුණතා සංක්‍රමණය අරමුණු කරගෙන ඔස්ට්‍රේලියාවේ මේ වන විට පවතින ස්ථිර සංක්‍රමණිකයන්ගේ වාර්ෂික කෝටාව දෙගුණ කිරීමට ඕස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ කමිටුව (CEDA) සකස් කළ නවතම 'Migration: the economic debate' වාර්තාව යෝජනා කර ඇත.

ආර්ථික සහ සාමාජීය ගැටළු පිළිබඳ නායකත්ව හැගීම් හා ප්‍රතිපත්ති දෘෂ්ඨි කෝණයන් සපයන සාමාජිකයන්ගෙන් සැදුම් ලත්, ස්වාධීන වූ ජාතික මට්ටමේ සංවිධානයක් ලෙස CEDA ඔස්ට්‍රේලියාව තුළ ප්‍රසිද්ධියක් උසුලයි. ව්‍යාපාර, කාර්මික අංශ සහ රාජ්‍ය සංවිධාන වල සාමාජිකයන් 750කගෙන් පමණ මෙම සංවිධානය සමන්විත වේ.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය වෙනස් කිරීමට යෝජනා කළ දෙවන වාර්තාව මෙය වන අතර පළමු වාර්තාව ඵලදායීතා කොමිසම විසින් පසුගිය සැප්තැම්බර් මස ඉදිරිපත් කරන ලදී.

Temporary Work (Skilled) වීසා හෙවත් 457 වීසා වැඩි දියුණු කිරීම, ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන සංක්‍රමණිකයන්ගේ නිපුණතා හා භාෂා පරීක්ෂණ මෙන්ම සංක්‍රමණිකයන් ස්ථාපනය වන ප්‍රදේශ පිළිබඳ නවතම CEDA වාර්තාවට අනුව අවධානය යොමු වනු ඇත.

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන ආර්ථික වාසි ගෙන දෙන නමුත් වර්තමාන ප්‍රතිපත්ති වල යම් ගැටළු පවතින බව CEDA හි ප්‍රධාන විධායක මහාචාර්ය Stephen Martin පවසයි.

ඔස්ට්‍රේලියාවට විශාල සංක්‍රමණිකයන් පිරිසක් ගෙන්වා ගැනීමේ ධාරිතාව තිබෙන බව අපගේ වාර්තාව සොයාගෙන තිබෙන නමුත් එය සාර්ථකව  කිරීමට හැක්කේ යටිතල පහසුකම් සම්පාදනය, නාගරික තදබදය හා පාරිසරික හානිය වැනි දේවල් පිලිබඳ ගැටළු වලට පිළියම් සහිත ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් බව ඔහු වැඩි දුරටත් පවසයි.
Temporary visa grants have doubled in a decade.
Temporary visa grants have doubled in a decade. Source: DIBP

තාවකාලික වීසා වල සිට ස්ථිර පදිංචියට

ඔස්ට්‍රේලියාවේ ආගමන වැඩසටහනේ ඉහළින්ම පවතින මූලිකාංගය ලෙස තාවකාලික සංක්‍රමණය වීම් පත්වී ඇත්තේ කුමන අයුරින්ද යන්න මෙම වාර්තාව විස්තර කරයි.

මෙහි සීමාවක් නොමැති නිසාත් පුද්ගල වීසා වල ඉල්ලීම් මට්ටම් මත උච්චාවචනය වීම නිසාත් මෙම තාවකාලික වීසා ගැටළු මතු කරන බව වාර්තාව පෙන්වා දෙයි.

457 වීසා දරන්නන්, නවසීලන්ත ජාතිකයන්, අන්තර්ජාතික සිසුන් සහ working holiday වීසා දරන්නන් ඇතුළු ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා දරන්නන්, ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන සංක්‍රමණිකයන්ගේ වාර්ෂික ප්‍රමාණයට වඩා දස ගුණයකින් වැඩි බවද වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව ඉහලින් පවතින තාවකාලික සංක්‍රමණිකයන් පිලිබඳ විමර්ශනය කරන ලෙස මෙම වාර්තාවෙන් ඉල්ලා ඇති අතර සේවායෝජකයන්ගේ වෙළෙඳ පොළ පරීක්ෂණ මත යැපෙන 457 වැඩසටහනේ කළමණාකාරීත්වය විවේචනය කර තිබේ.

Fair Work Ombudsman වෙත පැමිණෙන පැමිණිලි වලින් දහයෙන් එකක් පැමිණෙන්නේ තාවකාලික වීසා දරන්නන්ගෙන් බවද වාර්තාව හෙළි කරයි.
How migrants come to Australia.
How migrants come to Australia. Source: DIBP

සංක්‍රමණික සේවකයන් සඳහා සාධාරණ ක්‍රියාත්මක වීමක්.

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයන් හට තිබෙන අයිතිවාසිකම් තාවකාලික සංක්‍රමණිකයන් හටද අත්විඳීමට අයිතියක් ඇති බව අප විශ්වාස කරන බව මෙම වාර්තාව සැකසීමට දායක වූ ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සහකාර මහාචාර්ය Joanna Howe පවසයි. නමුත් ප්‍රායෝගිකව මතුවන්නේ වෙනස්ම කතාවක් බවද ඇය පවසයි.

මෙම ගැටළු විසඳීම සඳහා සංක්‍රමණික සේවකයන් සඳහා සාධාරණ අයිතිවාසිකම් ලැබෙන ලෙස ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික පනත සංශෝධනය කළ යුතු බව ඇය පෙන්වා දෙයි.

වෙනසට හේතු

නිපුණතා සංක්‍රමණය යටතේ දැනට පවතින වයස අවුරදු 50 සීමාව පහළ දැමීමට පසුගිය සැප්තැම්බර් මාසයේ එළි දැක්වූ ඵලදායීතා කොමිසම් වාර්තාව යෝජනා කර තිබුණි.

Federation of Ethnic Communities’ Councils of Australia හෙවත් FECCA ආයතනය විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ වයස අවුරුදු 40 පිරිස් සඳහා ඔස්ට්‍රේලියාවේ විශාල ඉල්ලුමක් ඇති බවයි.

මීට අමතරව නිපුණතා සංක්‍රමණය හරහා පැමිණෙන පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් ද්විතීය නිපුණතා සංක්‍රමණිකයන් ලෙස මෙරටට් පැමිණීමට අවස්ථාව සලසන වර්තමාන ක්‍රමයද ඵලදායීතා කොමිසම විවේචනය කර තිබේ. එම පුද්ගලයන් සියල්ලම එක පවුලක් ලෙස ඇගයිය යුතු බව ඔවුන්ගේ නිර්දේශය වේ.

නමුත් CEDA වාර්තාව අදාළ වයස් සීමාව පිලිබඳ හෝ ද්විතීය නිපුණතා සංක්‍රමණිකයන් පිළිබඳ සඳහන් කර නොමැති නමුත් තාවකාලික වීසා වැඩසටහනෙහි ඇති දුර්වලකම් පිලිබඳ හා තාවකාලික සංක්‍රමණික සේවකයන් සූරා කෑමට ලක්වන අයුරු සාකච්ඡා කර තිබේ.

ඕස්ට්‍රේලියාවට බාර ගන්නා සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය නැවත සමතුලිත කළ යුතු හෝ නැවත ක්‍රමාංකනය කළ යුතු බව මෙම වාර්තා ද්විත්වයම යෝජනා කර ඇත. 

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12දක්වා

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 3 November 2016 11:35pm
Updated 19 December 2016 2:07pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service