ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන් මෙන්න (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය 2021 පෙබරවාරි 18 වන දින වන විට කෙලෙසද යන්න මේ වන විට අනාවරණය කර තිබේ.

Australian visa

Source: Getty Images/LuapVision

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා උප ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය හෙවත් Global visa and citizenship processing times සෑම මාසයකටම වරක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරයි.

ඒ පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම 2021 පෙබරවාරි 18 වන දින සිදු කර තිබේ.


Highlights

  • Skilled Independent (subclass 189) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පතක් සලකා බැලීමට මාස 17 ක් පමණ දීර්ග කාලයක් ගතවේ .
  • ශිෂ්‍ය වීසා (subclass 500) ඛාණ්ඩයේ වීසා අයදුම්පතක් සලකා බැලීමට දින 72 ත් මාස 5 ත් අතර කාලයක් ගතවේ.
  • 491 - Skilled Work Regional (provisional) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පතක් සලකා බැලීමට මාස 7 ත් 9 ත් අතර කාලයක් ගතවේ.

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන්

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් දෙකක් දක්වා ඇත.

  1. 75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
  2. 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


සෑම මසකම මෙම වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වෙනස් විය හැකි බවත් ඊට පහත සඳහන් ප්‍රධාන හේතු බලපෑ හැකි බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

  • ඒ ඒ වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් සංඛ්‍යාව
  • වසරේ උච්ඡතම සහ උච්ඡතම නොවන කාල සීමාව (seasonal peaks)
  • සංකීර්ණ අයදුම්පත්
  • අසම්පූර්ණ අයදුම්පත්
එම හේතු වලට අමතරව කොරෝනා වසංගතය නිසා ද ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමට සාමාන්‍ය කාලයට වඩා දීර්ග කාලයක් ගත විය හැකි බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය නිවේදනය කර ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය 2021 පෙබරවාරි 18 වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.
Australian visas
Source: SBS

සංචාරක වීසා

Tourist ඛාණ්ඩයේ (subclass 600) වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 6 ත් 9 ත් අතර කාලයක් ගතවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

එමෙන්ම Sponsored Family ඛාණ්ඩයේ (subclass 600) වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 3 ත් 7 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.

රැකියා සහ නිපුණතා වීසා

Employer Nomination Scheme (subclass 186) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මේ දිනවල මාස 4 ත් 8 ත් අතර කාලයක් ගතවන බව වාර්තා වේ.

එමෙන්ම Skilled Work Regional (provisional) (subclass 491) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 7 ත් 9 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.

මේ අතර Temporary Graduate (subclass 485) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය මාස 7 ත් මාස 11 ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.

Skilled Independent (subclass 189) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 17 ක් පමණ දීර්ග කාලයක් ගතවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

එමෙන්ම මාර්තු මාසයට පෙර Skilled Nominated (subclass 190) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 6 ත් මාස 10 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.

ශිෂ්‍ය වීසා

Higher Education Sector Student (subclass 500) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 72 ත් මාස 5 ත් අතර කාලයක් ගතවන බව පෙබරවාරි 18 වන දිනට යාවත්කාලීන කළ දත්ත අනාවරණය කරයි.

සහකාර වීසා

Partner (Migrant) visa (subclass 100) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මේ දිනවල මාස 18 ත් 24 ත් අතර කාලයක් ගතවන බව වාර්තා වේ.

එමෙන්ම 801 - Partner (subclass 801) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 12 ත් 21 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය

Citizenship processing times
Source: Department of Home Affairs

Share
Published 23 February 2021 11:13am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service