ශ්‍රී ලංකාවේ ප්‍රහාරයට ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන වල සහය ලැබී තිබුනාද ? (SBS සිංහල /වාර්තා)

terror

Source: AFP

ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් National Thowheeth Jama'ath නම් සංවිදානය සම්බන්ධ බවට සැක පල කරන බවට ශ්‍රී ලංකා රජය පවසා තිබේ.


මීට පෙර මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා බිඳ දැමීම සම්බන්ධයෙන් වාර්තා වී තිබිණ . රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කලේ National Thowheeth Jama'ath නම් සංවිධානය මේ හා සම්බන්ධ බවට සැක පල කල හැකි බවයි
එසේම මෙම ප්‍රහාරය හා සම්බන්ධයෙන් විදේශීය සහයක් ලැබී ඇත්දැයි පරීක්ෂා කෙරෙන බවද වාර්තා වේ. මේ වන විට ප්‍රහාරය සම්බන්ධයෙන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍ය සේනාරත්න පවසා ඇත්තේ මෙම කුඩා දේශීය සංවිධානයට පමණක් මෙම ප්‍රහාරය තනිවම කල හැකි දැයි ගැටළුවක් මතු වන බවයි. එසේම රජය පවසන්නේ ශ්‍රී ලංකාවේ මෙම ත්‍රස්ත කණ්ඩායම් පසුපස ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සිටින බවට බුද්ධි අංශ පවසන බවයි.
මෙම ප්‍රහාරය ඉතා සන්විධානාත්මක ප්‍රහාරයකි

ඇමෙරිකාවේ ලෝක ආරක්ෂාව පිළිබද නිරීක්ෂණ සංවිධානයක් වන The Soufan Center, පවසා ඇත්තේ මෙම ප්‍රහාරයේ Salafi-jihadist කණ්ඩායම මගින් සිදු කරන ප්‍රහාර වල ලක්ෂණ ඇති බවයි

වසර 2000 දී ඉන්දුනීසියාවේ නත්තල් දා ප්‍රහාරයේදී ද al-Qaeda සංවිධානය Jemmah Islamiyah නම් සංවිධානය හා එක්ව කටයුතු කල අතර වසර 2005 දී al-Qaeda සංවිධානය අම්මාන් හි ද එසේම ක්‍රියා කොට තිබේ.

එම ප්‍රහාරද රටවල රජය අපහසුතාවට පත් කොට අස්ථාවර කිරීම පිණිස සිදු කොට තිබේ. Al Qaeda හා IS සංවිධාන මගින් ජනවාරි වලදී නිකුත් කල වාර්තාවක්ද ශ්‍රී ලංකාව ඇතුළු රටවල් වලින් සාමාජිකයන් බඳවා ගැනීමට කටයුතු කරන බවට සදහන් කොට තිබේ

කෑගල්ල දිස්ත්රික්කයේ බුද්ධ ප්‍රතිමා කඩා දැමීමේ සිදුවීමත් සමග මෙම NTJ සංවිධානය කරලියට පැමිණි බව සදහන්. NTJ හි ලේඛම් Abdul Razik ආගමික ගැටළු ඇති කිරීම සම්බන්ධයෙන් අත්අඩන්ගුවටද පත්විය

වසර 2016 දී එක සිදුවීමකින් පසුව බොදු බල සේනා හි ගලගොඩ ඇත්තේ ඥානසාර හිමි පවසා ඇත්තේ Razik අත්අඩංගුවට නොගත හොත් ශ්‍රී ලංකාවේ ලේ විලක් වීම වැළක්විය නොහැකි බවයි


දැන් බොහෝ දෙනා ප්‍රශ්න නගන්නේ ශ්‍රී ලංකා පොලීසිය මෙම ප්‍රහාර වැලක්වීමට නිසි පරිදි කටයුතු කලාද යන්නයි

එසේම ජනවාරි මාසයේ ද ශ්‍රී ලංකා ආරක්ශක අංශ විසින් 100kg බරැති පුපුරන ද්‍රව්‍ය සොයා ගෙන ඇති අතර එයට සම්බන්ධව මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ විය.
අප්‍රේල් 11 වැනිදා මෙවන් ප්‍රහ්හරයක් සම්බන්ධව බුද්ධි අංශ දැනුවත් කිරීමක් කල බවටද වාර්තා විය . රජයේ මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ මෙවන් තත්වයක් මත ශ්‍රී ලංකා පොලිස් පති ඉල්ලා අස් විය යුතු බවයි

BS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 


Share
Published 23 April 2019 7:24am
Updated 23 April 2019 7:56am
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service