අවිශ්ක ගේ මංගල ශතකය සහ මාලි ගේ සුපිරි පන්දු යැවීම හරහා ශ්‍රී ලංකාව කොදෙව්වන්ව අසරණ කරයි : 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය.

ICC Cricket World Cup 2019

Source: AFP

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 39 වන තරගය ලෙස ඊයේ (01/07) Chester-le-Street හිදී ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත්  අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 23 ක ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ කොදෙව්වන්, ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 338 ක් ලබාගැනීමට ඔවුන් සමත් විය.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගල වන කුසල් ජනිත් පෙරේරා සහ නායක දිමුත් කරුණාරත්න මෙවරත් ශ්‍රී ලංකාවට සාර්ථක සහ වේගවත් ආරම්භයක් පළමු කඩුල්ල් සඳහා ලකුණු 93 ක සම්බන්ධතාවක් පවත්වාගනිමින් ලබා දුන්නෝය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 64 ක්ද නායක දිමුත් කරුණාරත්න ලකුණු 32 ක්ද ලබාගත්තේය.

ඉන්  අනතුරුව ක්‍රියාත්මක වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 103 කදී ලකුණු 104 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම තවත් ස්ථාවර කළේය.

අවිශ්ක මෙහිදී ලබාගත් ශතකය ඔහුගේ මංගල එක් දින ශතකය විය.

එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ලාබාලතම පිතිකරුවෙකු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ලබාගත් ශතකය ලෙස ද ලෝකයේ ලාබාලතම පිතිකරුවෙකු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ලබාගත් 3 වන ශතකය ලෙසද ඉතිහාසගත විය.
ICC Cricket World Cup 2019
Source: Facebook
ජයග්‍රාහී ලකුණු 339 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව්වන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 315 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් විය.

මෙම තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් පිටියේ තණතිල්ල හැසුරුණු ආකාරය මෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගිය අයුරු පිළිබඳව ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙත විස්තර කර සිටියේ මේ අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: Facebook

ශ්‍රී ලංකා පිතිකරණය මෙවර යහපත් වුවත් මැද පෙළ තවමත් ශක්තිමත්ද?

ශ්‍රී ලංකාවේ පිතිකරණය මෙම තරගයේදී සාධනීය මට්ටමක පැවතුණද මැද පෙළ තවමත් ශක්තිමත්ද යන ප්‍රශ්නය තවමත් ඇති ගැටළුවකි.

කුසල් ජනිත් පෙරේරා, නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පසුගිය තරග වලදී නිරතුරුවම ලකුණු අතර සිටියද බොහෝ මැද පෙළ පිතිකරුවන් ස්ථාවර ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට තවමත් අසමත් වී තිබේ.

කෙසේවෙතත්, මෙම තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලකුණු 300 සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව ලබාගැනීමටද සමත් විය.

සමස්තයක් ලෙස මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ පිතිකරණය පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.
ICC Cricket World Cup 2019
Avishka Fernando brings up his maiden ODI 100. Source: Facebook

ශ්‍රී ලංකාවේ පන්දු යැවීම සහ පන්දු රැකීම

මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 3 ක් බිඳ හෙළමින් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ තෙවනුවට වැඩිම කඩුලු ලාභියා ලෙස වසීම් අක්‍රම් සමග සම තැන් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගවලදී අක්‍රම් සහ මාලිංග කඩුලු 55 ක් බිඳ හෙළා තිබේ.
ICC Cricket World Cup 2019
Malinga equals Akram's tally, becomes joint third-highest wicket-taker in World Cups Source: Getty Images Europe
මීට අමතරව ඇන්ජලෝ මැතිව්ස් 2017 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව පළමු වරට එක් දින තරගයකදී පන්දු යැවීම වාර්තා කිරීම මෙම තරගයේ තවත් සුවිශේෂී සිදුවීමක් විය.

එහිදී ඔහු යැවූ ප්‍රථම පන්දුවෙන්ම ලකුණු 118 ක් ලබා කොදෙව් ඉනිම ශක්තිමත් කරමින් සිටි Nicholas Pooran ව දවාගැනීමට මැතිව්ස් සමත් විය.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පන්දු යැවීම ඉතා යහපත් මට්ටමක පැවතියද ශ්‍රී ලංකාවේ පන්දු රැකීම තවමත් දුර්වල මට්ටමක පවතින බව ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මේ ආකාරයෙනි.
ICC Cricket World Cup 2019
Angelo Mathews took the ball after 2017 December in ODIs. Source: ICC

ශ්‍රී ලංකාවේ අවසාන තරගය

ශ්‍රී ලංකාව මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දෙන අවසාන තරගය ඉන්දියාව සමග එළඹෙන ජූලි 06 වන දින පැවැත්වීමට නියමිතය.

පසුගිය දකුණු අප්‍රිකානු තරගය පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවට මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව ගිලිහී ගියේය.

නමුත් ශ්‍රී ලංකාව එංගලන්තය පරාජයට පත් කිරීමත් සමග ඇල්මැරුණු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පණ ගසා නැවත පිබිදෙන්නට විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අවසාන තරගය ශ්‍රී ලංකාවට වැදගත් වන අයුරු මෙන්ම මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙත විස්තර කර සිටියේ මේ අයුරිනි.

ප්‍රසාද ලකුණු සටහන

මෙම තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: Facebook
ශ්‍රී ලංකාව මීළඟට තරඟ වදින්නේ ඉන්දියාව සමඟය. එය ජූලි 06 දා ඕස්ට්‍රේලියානු (නැගෙනහිර සම්මත - AEST) වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි. එම තරඟය අවසන්වූ සැනින් තරඟය පිලිබඳ සමස්ත සමාලෝචනයක් අපගේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය සුදානම්.

පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalese

නැතිනම් අපගේ Facebook පිටුවට
ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Share
Published 2 July 2019 10:14am
Updated 2 July 2019 12:13pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service