මෙවර ඕස්ට්‍රේලියානු සංගණනය කෙරෙහි අපිට විශ්වාෂය තැබිය හැකිද?

Census

Census Source: AAP

 

ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය නවතම සංගණනයේ තොරතුරු අද (ජුනි 27) ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, පසුගිය වසර 5 තුල ඕස්ට්‍රේලියානු ජනගහන සංයුතිය වෙනස් වී ඇති ආකාරය එහිදී අනාවරණය වනු ඇති.

 

මෙවර ඕස්ට්‍රේලියානු සංගණනය මතභේදාත්මක කාරණයක් බවට පත් වුනේ, අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වූ සංගණන ක්‍රමවේදය අසාර්ථක වූ නිසාවෙන්. මෙම අසාර්ථකත්වය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද දැඩි ලෙස කතා බහට ලක්වන කාරණයක් බවට පත් වූ අතර (hashtag #censusfail ) මේ නිසා මෙම සංගණනයේ අවසන් ප්‍රතිපල කෙරෙහි කෙතරම් විශ්වාෂය  තැබිය හැකිද යන කාරණය  මේ වන විට ජනතාව අතර කතා බහට  ලක්ව තිබේ.

ප්‍රතිචාර දැක්වූ පිරිසේ වැඩි වීමක්

සංගණනය ක්‍රියාත්මක කල දිනයේ රාත්‍රියේ අන්තර්ජාලය ඔස්සේ සංගණනය ක්‍රියාත්මක කල වෙබ් අඩවිය, අඩපණ  වූ අතර එය නැවතත් යථා  තත්වයට පත් වුයේ පැය  40කට ආසන්න  කාලයකින් පසුවයි. පසුව  සංඛ්‍යා ලේඛන කාර්යාංශය සංගණනය සම්පුර්ණ කිරීම සදහා සැප්තැම්බර් 23දා  දක්වා කල් ලබාදුන් අතර, සමස්තයක් ලෙස 58%ක  පිරිසක් අන්තර් ජාලය  ඔස්සේ සංගණනය සම්පුර්ණ කිරීමට දායකත්වය ලබා දුන් බව සදහන්. පවුල් මිලියන 4.9ක් සංගණනය අන්තර්ජාලය ඔස්සේ සම්පුර්ණ කර ඇති අතර තවත් මිලියන 3.5ක් එය සම්ප්‍රදායික පෝරම මගින් සම්පුරණ  කර තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ නිකුත් වූ වාර්තා වලට අනුව සංගණනය සදහා ප්‍රතිචාර  දක්වා  ඇති ප්‍රතිශතය 96%ක් බව සදහන්. මෙහි අවසන් අගය අද  (ජුනි 27) දිනයේ අවසන්  සංගණන ප්‍රතිපල නිකුත් වූ පසු අනාවරණය වනු ඇති.

ඔක්තෝබර් මාසයේ වාර්තා වූ තොරතුරු වලට අනුව 10,531 දෙනෙකු මෙවර සංගණනයට දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, 2011 වසරේ 13,000 ක පිරිසක් එය ප්‍රතික්ෂේප කර තිබේ. මෙලෙස සංගණනයට දායකත්වය ලබානොදුන් 239 පිළිබද තොරතුරු සංඛ්‍යා ලේඛන කාර්යාංශය, ජන අභිචෝදන අධ්‍යක්ෂවරයා  වෙත යොමු කර ඇති අතර,  අදාල කරනා  අධිකරණය වෙත යොමුකරනවද නැද්ද යන්න එහිදී තීරණය කිරීමට නියමිතයි.

ප්‍රශ්න වලට පිළිතුරු ලබාදී ඇති ආකාරය



සංගණන වලදී සමහරක් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට ජනතාව මැලි කරන අතර, එය සංගණනයේ තත්වයට අහිතකර බලපෑමක් එල්ල කරන බව සදහන්. උදාහරණයක් ලෙස තමන්ගේ ආගම පිළිබද තොරතුරු, තමන් උපයන මුදල් ප්‍රමාණය පිළිබද තොරතුරු ලබාදීමට ජනතාව මැලිකමක් දක්වන බව සදහන්.

 

ආගම පිළිබද ප්‍රශ්න මෙවර සංගණනයේදී අනිවාර්ය නොවූ අතර, 2011 ට සාපේක්ෂව එම ප්‍රශ්න මග හරින ලද සංඛ්‍යාව අඩු බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය සෙනෙට් විමර්ශනයේදී ප්‍රකාශ කර තිබිණි.

 

වැරදි සහ නිරර්ථක පිළිතුරු ලබාදීම

වැරදි සහ නිරර්ථක පිළිතුරු ලබාදීමද සංගණනය තුලදී සංඛ්‍යා ලේඛන කාර්යාංශය මුහුණ දෙන අභියෝගයක් වන අතර, 2011 වසරේදී 64,000කට ආසන්න  පිරිසක් තමන්ගේ ආගම  පිලිබදව නිරර්ථක පිළිතුරු ලබාදී තිබු බව සදහන්.  මෙවැනි නිරර්ථක පිළිතුරු හදුනා නොගත් පිළිතුරු ("not defined")  ලෙස වර්ගීකරණය කරන අතර, මෙවර සංගණනයේ එවැනි පිළිතුරු රැසක් වාර්තා වී ඇති නිසා වැරදි පිළිතුරු ලබාදීමේ වැඩි වීමක් දැකිය හැකි බවට ජනගහන  විශේෂඥ Glenn Capuano අනතුරු අගවා තිබේ.

 තවද නම, ලිපිනය ආදී තොරතුරු වැරදියට සපයා ඇත්නම් ඒවා නිවැරදි කරගැනීමට, සංඛ්‍යා ලේඛන කාර්යාංශය වෙනත් දත්ත සමුදායක් සමගින් අදාල දත්ත සම්බන්ධ කිරීමේ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන බව සදහන්.

 සංගණන දිනයේ අදාල වෙබ් අඩවිය අඩපන වීම හේතුවෙන් සංගණනයේ දත්ත වල තත්වය පිලිබදව ජනතාව තුල ව්‍යාකුල තත්වයක් ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ සයිබර් ආරක්ෂක කටයුතු පිළිබද විශේෂ උපදේශක Alastair McGibbon තම විශේෂ වාර්තාවේ සදහන් කර ඇති බව සදහන්.

සංඛ්‍යා ලේඛන කාර්යාංශය මගින් දියත් කල සමීක්ෂණයකින් හෙළි වී ඇති කරුණු

  • මෙම සංගණනය අසාර්ථක සංගණනයක් බව 42%ක් ප්‍රකාශ කර තිබේ.
  • මෙම සංගණනයේදී  එක්  රැස්  කරන ලද දත්ත පිලිබදව විශ්වාශය තැබිය නොහැකි බව 33%ක් ප්‍රකාශ කර තිබේ
 

මෙම සංගණනය පිලිබදව විශ්වාශය තැබිය නොහැකි තත්වයක් තමන් නොදකින බවත් මීට  පෙර පවත්වා ඇති සංගණන සේම මේ පිළිබදවද අපට විශ්වාශය තැබිය හැකි බවත් මේ පිලිබදව අදහස් දක්වන ජනගහන  විශේෂඥ Glenn Capuano පවසයි.


Share
Published 27 June 2017 8:10am
Updated 27 June 2017 11:29am
By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service