බලාගෙනයි : ඇඩිලේඩ් හි Woolworth සුපිරි වෙළඳ සැලක ආහාර ද්‍රව්‍යවල තිබී ඉඳිකටු සහ ඇමුණුම් කටු හමුවෙයි.

food contamination has found in Adelaide Woolworths

food contamination has found in Adelaide Woolworths Source: SBS Sinhala radio

ඇඩිලේඩ් හි Woolworths සුපිරි වෙළඳසැලක විවිධ ආහාර ද්‍රව්‍යවල තිබී ඉඳිකටු සහ ඇමුණුම් කටු (thumbtacks)හමුවීමේ සිදුවීමක් පිළිබඳව වාර්තා වේ. පාරිභෝගිකයින් තිදෙනෙකු විසින් ආහාරද්‍රව්‍ය වල මෙම අනතුරුදායක තියුණු ද්‍රව්‍ය හමුවී ඇතිබවට පැමිණිලි කිරීමෙන් අනතුරුව Woolworths සමාගමෙහි අවධානය මේ පිළිබඳව යොමුව තිබේ.

ජුනි 27 සිට ජූලි 1 දක්වා කාලය තුළ ස්ට්‍රෝබෙරි හා අලිගැට පේර වල තිබී ඉඳිකටු හමුවී ඇති අතර පාන් වල තිබී ඇමුණුම් කටු හමුව ඇතැයි වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ මෙම සිදුවීම් හිතාමතා කළ ක්‍රියාවක් ලෙස පෙනෙන බවයි. CC TV දර්ශන උපයෝගී කොටගෙන, රහස් පොලීසිය විසින් මේ සම්බන්ද පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර Woolworths සමගම විසින් ද වෙනමම අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භකොට ඇත.

මෙමඟින් කිසිවෙකුටත් අනතුරක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බව Woolworths සමගම පවසා සිටී.

***********************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

************************************************************************


Share
Published 7 July 2020 4:46pm
Updated 7 July 2020 7:05pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service