හිටපු කොටි සාමාජිකයින් වෙනුවෙන් එක්සත් රාජධානියේ ඉදිකිරීමට තැත් කරන ස්මාරකය සම්බන්ධව දෙමල ඩයස්පෝරාව දෙකඩ වෙයි.

ontroversial moves to build a monument in memory of dead LTTE cadres

Source: www.rightmove.co.uk

එක්සත් රාජධානියේදී කොටි සංවිධානයේ මිය ගිය කොටි සාමජිකයින් සිහි කිරීම පිණිස ඉදිකිරීමට තැත් කළ ස්මාරකය සඳහා එහි දෙමළ ජනතාව අතර මත ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.

World Tamil Historical Society නමැති සංගමය විසින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.4ක් වැය කර Oxfordshire ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 24ක් අත්පත් කරගෙන තිබේ.

කෙසේවෙතත් මෙම ක්‍රියාවට එහි සිටින ඇතැම් දෙමළ වැසියන් තම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන බවද සඳහන්. මෙවැනි ස්මාරක ඉදි නොකර යුද්ධයෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට උදව් උපකාර කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

මීට අමතරව පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් විදෙස්ගත දෙමළ ඩයස්පෝරාවට ප්‍රබල චෝදන්වක්ද එල්ල කරන බව ලන්ඩන් නුවර සිටින දමිළ ජනතාවගෙන් වාර්තා වෙයි. විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව තම නම විකුණා තවමත් මුදල් රැස් කරන නමුත් තමන්ට නැවතත් සාමන්‍ය ජීවිතයක් ගත කිරීමට එම මුදල් වලින් කිසිදු ප්‍රමාණයක් ලබා නොදෙන බවට පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් චෝදනා කරයි.

Oxfordshire හි මිලදී ගත මෙම ඉඩම British Green Belt හෙවත් බ්‍රිතාන්‍ය හරිත පටියේ පිහිටා ඇති අතර අදාළ නගර සභාවේ අනුමැතියකින් තොරව එම කලාපයේ කිසිදු ඉදිකිරීමක් සිදු කළ නොහැකි බවද වාර්තා වේ. මෙවැනි තත්ත්වයක් යටතේ හිටපු කොටි සාමජිකයින් වෙනුවෙන් ඉදිකිරීමට යන ස්මාරකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ ආයතන අනුමැතියක් නිකුත් කරාවිද යන්න ගැටළුවක් බවට පත්වී ඇතැයිද පැවසේ.

මේ අතර දෙමළ සමාජය නොමග යවනවා යනුවෙන් LTTE සංවිධානයේ න්‍යායාචාර ඇන්ටන් බාලසිංහම් ගේ බිරිඳ වන ඇඩෙල්ද World Tamil Historical Society සංගමයට චෝදනා කර තිබේ.


Share
Published 2 January 2017 7:09pm
By Madhura Seneviratne
Source: The Island


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service